ජනාධිපතිවරයාගේ වගා සංග්‍රාමයේ බොරුව

z_p06-Conduct
අර්ජුන් මහේන්ද්‍රන් පත් කළේ ජනාධිපතිවරයායි
November 1, 2017
H.S.B.C.
මහින්ද පිලේ ගෝරි ගොඩයි
November 1, 2017
Show all

ජනාධිපතිවරයාගේ වගා සංග්‍රාමයේ බොරුව

ට්‍රිfdh

ජාතික වප් මගුල් උලෙළ පැවැත්වූයේ පසුගිය 06 වැනිදාය. හවුල් ආණ්ඩුවක් බලයේ සිටිය ද, මෙය තනිකරම ජනාධිපතිවරයාගේ ව්‍යාපෘතියක් වූයේය. ‘එක්ව නැගිටිමු – අටුකොටු පුරවමු’ යනුවෙනන් ආදර්ශ පාඨයක් ද එයට දී තිබිණි. වප් මගුල එයින් කෙළවර නොවීය. ජාතික වගා සංග්‍රාමයක් වශයෙන් හඳුන්වා එයට පුළුල් ප්‍රචාරයක් අඛණ්ඩව ලබා දෙමින් සිටින බව පෙනේ. එයින් පැහැදිලි වන්නේ ජනාධිපතිවරයාගේ ඡන්ද ව්‍යාපෘතියක් බවය. එම අවබෝධය තබාගෙන කතා නොකර සිටිය හැකි කරුණු ගණනාවක් මේ තුළ තිබේ.
කෘෂිකර්ම ඇමති, දුමින්ද දිසානායක ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රචාරක වැඩසටහනකට එක් වෙමින් ප්‍රකාශ කළේ, දේශපාලන කුහකකමකින් තොරව මෙම ව්‍යාපෘතියේ දුර්වලතා විවේචනය කරන ලෙසය. අඩුපාඩු තිබේ නම්, පෙන්වා දෙන ලෙසය. වප් මගුල වෙනුවෙන් දොන් ස්ටීවන් සේනානායකගේ සිට අමුඩ ගැසූ රාජ්‍ය නායකයන් ඉතිහාසයේ හිඟ නොවීය. අද මෛතී්‍රපාල ජනාධිපතිවරයා ද ජාතික වගා සංග්‍රාම ගැන කතා කරන්නේ ඒ ඉතිහාසයේ පුනරුච්චාරණයක් වශයෙන් මිස අන් කිසිදු පදනමකින් නොවන බව පැහැදිලිය. ඡන්ද ව්‍යාපෘති නොවූ කාලවලට වඩා ගොවීන් රජ කරවීම් මතක් වන්නේ ඡන්ද කාලවලදීය.
ජනාධිපතිවරයාගේ මෙම ව්‍යාපෘතිය ‘දේශීය ආර්ථීකය බලගන්වන ජාතික වගා සංග්‍රාමය’ වශයෙන් ද ‘සිළුමිණ’ පුවත්පත හඳුන්වා තිබිණි. ජනාධිපතිවරයා මේ ව්‍යාපෘතිය කරන්නේ අගමැති රනිල් ඉදිරිපත් කර තිඛෙන ජාතික ආර්ථීක සැලසුම් දෙකක් තිබියදීය. එකක් නම්, ‘2017-2020 රාජ්‍ය ආයෝජන වැඩසටහන’ය. අනෙක ‘දැක්ම 2025’ යන්නය. මේ සැලසුම් දෙකම සකස් කර තිබුණේ අගමැතිවරයා යටතේ තිඛෙන ‘ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශය’ විසින්ය. එම ව්‍යාපෘති දෙකම බොරු ප්‍රචාරකවාදී වී තිබිය දී ඊට පිටින් යමින්, ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති වගා සංග්‍රාමය හුදෙක් මැතිවරණ ඉලක්කයක් පමණක් බව ඉතා හොඳින් පැහැදිලිය. දැන් තිඛෙන්නේ මේ දෙදෙනා අතර මැතිවරණ ප්‍රචාරක තරගයක්ය.
කෙසේ වෙතත්, කෘෂිකර්ම ඇමතිවරයා දක්වා තිඛෙන පරිදි කුහකකමකින් තොරව ඉදිරිපත් කිරීමට කරුණු ගොන්නක් තිඛෙ. මුලින්ම එයට ප්‍රවේශ වීමට තර්කයක් ඌවෙන් මතු කෙරී තිබේ. මහින්ද රාජපක්ෂ පාලන සමයේ ගෙන එන ලද ඌවේ ඉඩම් අක්කර 65,000ක් බි්‍රතාන්‍ය ‘බුකරේට්’ සමාගමට උක් වගා කිරීමට දීමේ ව්‍යාපෘතියයි. එය වර්තමාන හවුල් පාලනය යටතේ අක්කර 62,500ක් ලෙස නැවත පටන් ගැනීමට වලිකයි. බහුජාතික සමාගම්වලට නැවත ඉඩම් කොල්ලයක් සහ පරිසර විනාශයක් සිදු කෙරෙමින්, ජන ජීවිත වනසන බව ප්‍රකාශ කරමින්, ජවිපෙ සමන්ත විද්‍යාරත්න සටනට බැස අවසන්ය.
එම සටන් බිමේදී ජවිපෙ සමන්ත අවධාරණය කරන්නේ එම භූමියට සුදුසු වාණිජ බෝග වගා ගණනාවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශ විසින් හඳුන්වා දී තිඛෙන බවය. නිදර්ශනයක් ලෙස ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ ඉතාම හොඳින් රඹුටන් වගා කළ හැකි බව පෙන්වා දී තිබේ. එය එක් නිදර්ශනයක් පමණක්ය. ජනාධිපතිවරයාගේ ආහාර වගා සංග්‍රමයට මෙවැනි අතිශය වැදගත් පලතුරු වගාවන් කිසිවක් හෝ ඇතුළත් කර තිඛෙන බවක් දැනගන්නට නැත.
එය ජවිපෙ මතු කර තිඛෙන ප්‍රධාන කරුණක් නිසා පසෙකින් තබා කල්පනා කළ ද, මෙය ඡන්ද ප්‍රචාරයකින් ඔබ්බට නොයන ප්‍රචාරයක් බව දැක්වීමට කරුණු ගණනාවක් තිබේ. වප් මගුලට සහභාගී වී පොල් කටුවෙන් කහට බී, නෙළුම් කොළයෙන් ඇඹුල කා ජනාධිපතිවරයා කර තිබූ ප්‍රකාශයක් පදනමින් ගත් කලම ජාතික ආරම්භයකට පටහැණිය. ඔහු ප්‍රකාශ කර තිබුණේ කෘෂිකර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් කළ යුතු යෙදවුම් සියල්ල සහ උපකරණ විදේශයන්ගෙන් ආනයනය කිරීමේ දී අවශ්‍ය සියලුම සහන කඩිනමින් ලබා දෙන බවය. මෙය සුළුපටු දෙයක් නොවේය. ආණ්ඩුවේ ‘සිළුමිණ’ පුවත්පත පළ කර තිඛෙන ආකාරයට දේශීය ආර්ථීකය බලගැන්වීමට නම්, විදේශ යෙදවුම් සහ උපකරණ මත රඳා පැවතීමෙන් කිසිසේත්ම කළ නොහැකිය.
මේ වන විට ද මෙරට කෘෂිකර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය පහතට වැටී අවසන්ය. ඇඟලුම් නිෂ්පාදනයේදී නූල් පොටේ සිට සියල්ල විදේශයන්ගෙන් ආනයනය කර මෙරට දී ඇඳුම් නිෂ්පාදනය කර අපනයනය කෙරේ. රටට ඉතිරි වන්නේ තුන්තිස් පැයේ නිඳිවරා කඹුරන ශ්‍රමයට ලැඛෙන තුට්ටු දෙක පමණය. කෘෂිකර්මාන්තයේදී ද එසේමය. දේශීය බීජ සුරක්ෂිතතාවය අද ගොවීන්ට අහිමි කළ ගමන්ය. දැන් බීජ තනිකරම බහුජාතික සමාගම්වලට උපරිම ලාභ ලබා දෙන ජාවාරමක් කර දී අවසන්ය. බහුජාතික සමාගම් මගින් ලෝකය පාලනය කිරීමට අධිරාජ්‍යවාදීන් සම්පාදනය කළ සැලැස්ම අනුව කෘෂි බීජ අයිතිය බහුජාතික සමාගම් විසින් පවරාගෙන හමාරය. එසේම ගමේ කම්හලෙන් නිෂ්පාදනය කර ගත් කැත්ත, උදැල්ල අද විදේශයන්ගෙන් ආනයනය කෙරේ. රසායනික ද්‍රව්‍ය සහ රසායනික පොහොර විදේශයන්ගෙන් ආනයනය කෙරේ. සමස්ත කෘෂිකර්මාන්තයේ යෙදැවුම් සියල්ලම ආනයනවලට වහල් කර අවසන්ය.
එසේ තිබිය දී ජනාාධිපතිවරයා කරන මේ ප්‍රකාශය ඡන්දය ඉලක්ක කරගෙන කළ දෙයක් මිස වෙනත් කිසිදු පදනමක් හෝ දැක්මක් ඇති දෙයක් නොවන බව පැහැදිලිය. තවත් සරල නිදර්ශනයක් ගතහොත්, 1948 සිටම රට පාලනය කළ අය ප්‍රකාශ කළේ සහලින් රට ස්වයංපෝෂිත කරන බවය. මෙරට ජනතාවගේ ප්‍රධාන ආහාරය බත් නිසා සහල් පිළිබඳ එවැනි ඉලක්කයක් තිබිණි. ප්‍රධාන ආහාරයට ආදේශක වශයෙන් තිරිගු පිටි නිෂ්පාදන ද හරි අඩකට ආසන්න ප්‍රමාණයකින් ප්‍රධාන ආහාරය වී තිබිය දී 2010දී පමණ වන විට සහලින් රට ස්වයංපෝෂිත බවට ප්‍රකාශ කෙරිණි. රාජපක්ෂ පාලනය සමයේ සහල් ආනයනය කිරීමේ සංදර්ශනයක් ද පැවැත්වීය. එසේ වුවත්, 2010 සිට ද දිගටම සහල් ආනයනය කරමින් තිබිණි. තර්කයක් ලෙස සඳහන් කළේ විදේශ සංචාරකයන් හට අවශ්‍ය ආහාර වෙනුවෙන් සහල් ආනයනය කරන බවය.
නිදහසට කරුණු එසේ වුවද, ඇත්තටම රටේ සහල් නිෂ්පාදනය තිඛෙන්නේ කොතනකද? ඉඳහිට වර්ෂයක දෙකක ඉහළම අස්වැන්නක් ලැඛෙන බව සැබෑය. එවැනි අස්වැන්නක් ලැබුණ ද, නොලැබුණ ද රට තුළ ඉතා බරපතළ සහල් මාෆියාවක් පවතී. ජනාධිපතිගේ සොහොයුරා සහ තවත් තුන් හතර දෙනෙකු අත සහල් මාෆියාව ක්‍රියාත්මක වේ. එය කොතරම් ප්‍රබල ද යත්. රජයේ වී මිල දී ගැනීම් යටතේ ලබා ගන්නා ලද වී ටොන් ලක්ෂ ගණනක් රජයේ ගබඩා තුළ දිරා යාමට සලස්වා සත්ත්ව ආහාර නිෂ්පාදනයට විකුණා දැමේ. සහල් ටොන් දසදහස් ගණනින් ද එසේ තුට්ටු දෙකට විකුණා දැමේ. වෙළෙඳපොළේ ඉහළ මිලක් පවත්වා ගැනීමට මෙය කරනු ලබන අතර, එවැනි මාෆියාවක් පවතින පසුබිමක නියඟයක් අත වනනු දකින විට සහල් ටොන් ලක්ෂ ගණනින් ආනයනය කෙරේ. වී සහල් මාෆියාව පරාජය කරනවා වෙනුවට කරන්නේ පිටරටින් ගෙනැවිත් ගොඩගැසීමය.
ජනාධිපතිවරයා ‘එක්ව නැඟී සිටිමු – අටුකොටු පුරවමු’ යනුවෙන් කියන්නේ මේ පසුබිම තුළය.
මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය වී තිඛෙන්නේ කුමක්ද? පසුගිය 2015 වසර ගතහොත්, රුපියල් කෝටි 20,000කට අධික ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයක් විදේශයන්ගෙන් ආනයනය කර තිබීමය. 2016දී එම වියදම රුපියල් කෝටි 23,700ක් දක්වා තවත් ඉහළ ගොස් තිබේ. කෘෂිකර්මාන්තයට ඉතාම වාසිදායක ඝර්ම කලාපීය රටක් වශයෙන් තිබිය දී එදිනෙදා කන බොන ආහාරපානවලට රුපියල් කෝටි 23,700ක් වැය කරන්නේ කෘෂිකාර්මික සංවර්ධනයේ වසර 70ක පම්පෝරියෙන් පසුවය. ජනාධිපතිවරයාගේ ‘අටුකොටු පිරවීම’ ඉතිහාසයේ පම්පෝරිවලට වඩා කවරාකාරයකින් හෝ වෙනසක් තිඛෙන්නේද? කිසිම වෙනසක් නැත.
ඒ බව ටක්කයටම කියන්නේ කුහකකම නිසා නොව කරුණු සහිතවය. ඉහත සඳහන් කළ සහල් මාෆියාව දිගටම රැකීමට අමතරව තවත් බොහෝ සාධක තිබේ. 2016දී කෘෂිකර්මාන්තයේ සෘජු සේවා නියුක්තිය විසිඑක් ලක්ෂ පනස්හතර දහස (21,54,000)ක් බව මහ බැංකු වාර්තා දක්වයි.
විදේශයන්ගෙන් ආහාරපාන ද්‍රව්‍ය ආනයනයට වැය කරන මුදලින් හරි අඩක් අඩු කර ගැනීමට සැලසුමක් ජනාධිපතිවරයාට තිබේ නම් සහ 2020දී එය ළඟා කර ගැනීමේ ඉලක්කයක් රට හමුවේ තැබුවේ නම්, ලැඛෙන ප්‍රතිඵලය කුමක්ද? පෙර කී එක් ගොවියකුගේ වාර්ෂික ආදායම රුපියල් 46,425.00කින් ඉහළ දැමීමට පසුබිම සැකසීමය. එවැනි දේකට වැඩපිළිවෙළක් ජනාධිපතිවරයාගේ අටුකොටු පිරවීම යටතේ නොමැත.
සහල්, පිටි, සීනි, කිරි සහ කිරි ආහාර නිෂ්පාදන මෙන්ම මාළු යන ප්‍රධානම ආහාර ද්‍රව්‍ය ආනයනය කෙරේ. ඊට අමතරව අර්තපල්, මිරිස්, ලුනු, පරිප්පු, මුංඇට, කඩල සහ කුළුබඩු වර්ග ප්‍රධාන වශයෙන් ආනයනය කෙරේ. ලුනු අස්වැන්න නෙළන කාලයේ දී ලුනු ගොවියා මහ පාරේ උද්ඝෝෂණය කරන්නේ තමන්ගේ අස්වැන්නට සාධාරණ මිලක් ලබා දෙන ලෙස බල කරමින්ය. අර්තපල් අස්වැන්න නෙළන සමයේ දී අර්තපල් ගොවියා ද මහ පාරේ සටන් කරන්නේ ද ඒ බල කිරීමෙන්ය. ඔවුන් සටන් කරන්නේ මෙම ආහාර නිෂ්පාදනය කර දී එයට සාධාරණ මිලක් ඉල්ලමින්ය. එසේ තිබිය දී ආණ්ඩුවලින් කරන්නේ ආහාර ද්‍රව්‍ය විදේශයන්ගෙන් විශාල වශයෙන් ආනයනයට ඉඩ දී තිබීමය.
අගමැතිවරයාගේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශය සකස් කර තිඛෙන 2017-2020 රාජ්‍ය ආයෝජන වැඩසටහන දක්වන ආකාරයට මෙරට නිෂ්පාදනය කළ හැකි ආහාර ද්‍රව්‍ය ආනයනය කර ඇත්තේ, මතු දැක්වෙන පරිදිය. (එම දත්ත 2014 වර්ෂය සඳහාය)
ලොකු ලුනු මෙට්‍රික් ටොන් 1,02,200ක් රට තුළ නිෂ්පාදනය කර තවත් මෙට්‍රික් ටොන් 1,50,500ක් ආනයනය කර ඇත. රතු ලුනු මෙට්‍රික් ටොන් 63,000ක් නිෂ්පාදනය කරන විට ආනයනය මෙට්‍රික් ටොන් 11,800ක්ය. වියළි මිරිස් මිරිස් මෙට්‍රික් ටොන් 71,200ක් නිෂ්පාදනය කර මෙට්‍රික් ටොන් 47,800ක් ආනයනය කර තිබේ. මුං ඇට මෙට්‍රික් ටොන් 53,000ක්, උඳු මෙට්‍රික් ටොන් 6,200ක් ද, රටකජු මෙට්‍රික් ටොන් 1,500ක් සහ අර්තපල් මෙට්‍රික් ටොන් 82,400ක් නිෂ්පාදනය කර මෙට්‍රික් ටොන් 1,18,200ක් ආනයනය කර තිබේ.
මෙයින් අර්තපල් ආනයනය සඳහා 2016දී රුපියල් මිලියන 4,788ක් පිටරටවලට ගෙවා ඇත. ලුනු ආනයනය වෙනුවෙන් රුපියල් මිලියන 15,200ක් ද විදේශයන්ට ගෙවා ඇත. ආහාරපාන ද්‍රව්‍ය ගෙන්වීමට පසුගිය 2016 වර්ෂයේ දී රුපියල් මිලියන 2,37,000ක් වැය කර ඇත්තේ, අර්තපල්, ලුනු ආදිය ගෙන්වීමේ සිට හාල්, පිටි, සීනි ආදිය ගෙන්වීම දක්වා මහා පරිමාණ වියදම් ද ඇතුළත්වය. මේ අතුරින් අර්තපල්, ලුනු, මිරිස් යන ආහාර ද්‍රව්‍ය තුනවත් අවම වශයෙන් ආනයනය කිරීම නතර කිරීමේ සැලසුමක්වත් නොමැති අටුකොටු පිරවීමේ ආදර්ශ පාඨය ලබන ඡන්දයේ දී ලක්ෂ 21කට සෘජුව දෙන ලද ප්‍රචාරක පාඨයක් මිස අන් යමක් නොවන බව කීමට තවත් කතා කුමටද?


ඉන්ද්‍රසිරි ජයසුන්දර