මහින්ද පිලේ ගෝරි ගොඩයි

ට්‍රිfdh
ජනාධිපතිවරයාගේ වගා සංග්‍රාමයේ බොරුව
November 1, 2017
මෛත්‍රීghj
ජනතාවගේ ඉඩම් කොල්ලකන්න දෙන්නේ නෑ
November 1, 2017
Show all

මහින්ද පිලේ ගෝරි ගොඩයි

H.S.B.C.

දවස් ගෙවී යන්නේ ඇසිල්ලෙන්ය. දේශපාලනයේ මහා කුණාටුවකට පෙර නිසංසලතාවය මේ දවස්වල රජයමින් තිබෙන්නේය. එය කොයි මොහොතක හෝ පුපුරා යාමේ තත්ත්වයන් රැසක් නිර්මාණය වී අවසන්ය. කවුරුත් අවධානය යොමු කර සිටින්නේ ලබන ජනවාරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කෙරෙහිය. එයට පෙර දැන් සිදු වෙමින් පවතින්නේ යැයි කියන ග්‍රහ මාරුවලින් බේරීමට තරග වදින ආකාරය දැකබලා ගත හැකිය. මුලින්ම හිස බූ ගාගෙන බාරහාර වී තිබුණේ නිමල් සිරිපාලය. ඊළඟට මහින්ද ජපානයට පැන්නේය. පසුගිය සතියේ මෛත්‍රී හොර රහසේම ජයන්ති සමඟ තිරුපති කෝවිල් ගොස් තිබුණේය. මහා කුණාටුවකට පෙර මේ පවතින නිසලතාවයේදී කටයුතු කෙරෙමින් තිඛෙන්නේ මෙසේය.

රනිල්ගේ කටු අත්ත

හඳුන්නෙත්තිගේ කෝප් කමිටු වාර්තාව ආණ්ඩුවට කටු අත්තක් වී තිබුණේය. රනිල් – මෛත්‍රී දෙදෙනාගේ පසුපස දැවටි දැවටී ඇදි ඇදී එමින් තිබුණේය. බැරිම තැන මෛත්‍රී කළේ බැඳුම්කර කොමිසම පත් කිරීමය. දැන් එය තනිකරම රනිල්ට පැටලී අවසන්ය. රවී කරුණානායක, මලික් සමරවික්‍රම කබීර් හෂීම් පමණක් නොව රනිල් දක්වා කැරකී තිබෙන්නේය. ගැමි වහරේ තිඛෙන ‘හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා’ යන කියමන සිහිපත් කරවමින්, කොමිසම ඉදිරියේ සාක්ෂි දීමට රනිල් ඉදිරිපත් වී සිටින්නේය. එයට මූලික තෙරපුම එල්ල කරන ලද්දේ ජවිපෙ නායක අනුර දිසානායකය. රනිල් බැඳුම්කර කොමිසමට ගෙන්වා ප්‍රශ්න කළ යුතු බව ඔහු කියා තිබුණේය. කොමිසමෙන් කැඳවන තෙක් ඉඳ එහි ගොස් සාක්ෂි දීම මඳිකමක් සේ සැලකූ නිසා දෝ රනිල්ම ඉදිරිපත් වන බව ප්‍රචාරය කෙරෙමින් තිබේ.

අනීකාට මරණ තර්ජන

රනිල් කොමිසම ඉදිරියට ගොස් සාක්ෂි දීමෙන් පමණක් දැන් කිසිවක් බේරා ගත නොහැකි මට්ටමට පත්ව අවසන්ය. බෑනාගේ සමාගමේ කප්පම් මුදල්වලට රවීට අති නවීන සුඛෝපභෝගී නිවසක් විකුණූ අනීකා විජේසූරිය හරහා දැන් අලුත් තත්ත්වයක් නිර්මාණය වී ඇත. පවතින දේශපාලනයේ බල උමතුව පිළිබඳව සලකා බලන විට අනීකා එඩිතර කාන්තාවක සේ ඉදිරිපත්ව කොමිසම ඉදිරියේ සාක්ෂි දුන්නා යැයි කිසිසේත් කල්පනා කළ නොහැකි වන්නේය. ඇය පිටුපස ඒ සඳහා පෙළඹ වූ බලවේගයක් තිබූ බව පැහැදිලිය. සියල්ල රවීගේ පිටින් දමා තිරය පිටුපස සිටින ලොකු ලොක්කන් නිදහස් වීමේ වුවමනාවක් තිඛෙන බව පැහැදිලි වන්නේය. එය තවත් තහවුරු වන්නේ මරණ තර්ජන හේතුවෙන් අනීකා හොර රහසේම රට හැර ගොස් සිටීමෙන්ය. මෙය ද පෙරළා රනිල්ට කටු අත්තක් වීම වැළැක්විය නොහැකි වන්නේය.

මහින්දගේ හීන්සැරය

ජපානයට ගොස් පෙරළා පැමිණි මහින්ද සතිය ගත කළේ වැඩි හැලහොල්මනකින් තොරවය. ග්‍රහමාරුවේ අපලය දුරු වීමට මුහුදෙන් එතෙර ගොස් සිටිය ද, ඔහුට පවතින්නේ යැයි කියන රෝගයට ප්‍රතිකාර ගත් බව නිහඩව සිටීමෙන් සනාථ වන්නේය. මහින්දගේ උපදේශකයන් ප්‍රකාශ කර ඇත්තේ, පවතින තත්ත්වය යටතේ මෛත්‍රී සමඟ සම්මුතියෙන් කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳවය. මහින්දගේ උපදේශක භික්ෂූන් කිහිප දෙනෙකුම මේ පිළිබඳව අවධාරණය කර ඇති බව දැනගන්නට තිබේ. මහින්ද ඒ අනුව කටයුතු කිරීමට හීන්සීරුවේ සූදානම් වන බව කියවෙන්නේය. ලබන ඡන්දයට කණ්ඩායමක් ඉදිරිපත් කර පවුලේ බර ගාණකට හිරබත වැළඳීමට ඉඩ දෙන්නේද? එසේත් නැති නම්, මෛත්‍රී සමඟ අවබෝධතාවයකට ගොස් ඔවුන්ගේ ගැලවීම සලසන්නේ ද යන දෙකෙන් එකක් තීරණය කිරීමේ හීන්සැරය මහින්ද හමුවේ ඉතිරි කර ඇති බව කියවෙන්නේය.

ගෝරි ගොඩයි

මෛත්‍රී හීන්සැරයේ මහින්දගේ නිල අල්ලා පොඩි පොඩි තට්ටු දමමින් සිටින්නේය. මහින්ද හීන්සැරයේ මෛත්‍රී සමඟ අවබෝධතාවයකට යාමට සිදු වී තිඛෙන්නේ බාහිරින් එන දේශපාලන බලපෑම් නිසා පමණක් නොවන්නේය. මහින්ද කණ්ඩායම තුළ ගෝරි ගොඩක් නිර්මාණය වී සමහන් කළ නොහැකි තත්ත්වයටම ඔඩු දුවා අවසන්ය. ව්‍යවස්ථාවට මුවා වී වීරවංස එක පැත්තකින් මෛත්‍රී හමු වූයේය. ඒ වීරවංසම ව්‍යවස්ථාවට මුවා වී මහින්දගේ උපදේශක දයාන් ජයතිලකට අම්බානක නෙළා ඇත්තේය. අනෙක් පැත්තෙන් බැසිල් මැදිහත් වී පොහොට්ටු පක්ෂය ගොඩනැගීම තනිකරම ඔහුගේ ව්‍යාපෘතියක් බවට පත් කර තිබීම ගැන දිනේෂ්ලා පවා උරණ වී ඇත්තේය. මේ වන විට චන්ද්‍රසිරි ගජධීර සම්පූර්ණයෙන් මහින්ද අත්හැර යන තැනට පත් වී අවසන්ය. තවත් පැත්තකින් වෙල්ගමගේ සහ මහින්දානන්දගේ ‘ඩබල් ගේම’ ඔප්පු වී අවසන්ය. මෙවැනි ගෝරි ගොඩක් නිර්මාණය වී ඇත්තේ ඡන්දයකට පෙර වීම විශේෂත්වයක්ය.

ඩලස්ගේ ඇත්ත සතා

මහින්ද කණ්ඩායමේ ගෝරි ගොඩ වසාගෙන එළියේ සටන්කාමීත්වයක් පෙන්වීමට විවිධ ක්‍රියාමාර්ග තෝරන්නේය. බිම් මට්ටමේ අවධානය ඒ තුළින් තහවුරු කර ගැනීම අරමුණ වී තිඛෙන්නේය. දැන් එය ද පාරාවළල්ලක් වී ඇත්තේ බරපතළ ප්‍රතිවිපාක අත් කර දෙමින්ය. බැසිල් උතුරට ගොස් එහි ජනතාව දිනා ගැනීමට විවිධ දේ කියන්නේය. ජනතාවගේ ඉඩම් නිදහස් කර දිය යුතු බව කියන්නේය. හමුදාව අපරාධ කර ඇත්නම්, දඩුවම් කළ යුතු බව කියන්නේය. ඒ අතර දකුණේ ගෙන යන මහා සමාජ ව්‍යාපාර බව පෙන්වන සංදර්ශනවලදී ඩලස්ලා වියරුවෙන් මෙන් තිරිසන් සතුන් එළියට දමන්නේය. ‘මනුෂ්‍යත්වයේ පැතුම’ කියමින්, ඡන්දයට පිවිසි ඩලස් අද වියරුවෙන් මෙන් මොර දෙන්නේ මහ කොටි නිදහස් කිරීමක් ගැන කියමින්ය. උතුරේ ජනතාව දිනා ගැනීමට බැසිල් මොනවා කීවත්, ඩලස් සහ ඒ වැනි වර්ගයේ අය කට ඇරීමෙන් සියල්ල හබක් වන්නේය. මහින්ද කණ්ඩායම මතුපිටින් තිඛෙනවාට වඩා මේ වැනි ගෝරි ගොඩකින් පිරී ඇත්තේය.

ජවිපෙන් අනතුරු ඇඟවීමක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතින අවස්ථාවේ නැවතත් මැතිවරණය කල්දැමීමක් ගැන වටින් ගොඩින් සංවාදයට ලක්වෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් විෂයභාර ඇමතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු පක්ෂ නියෝජිතයන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණේ පසුගිය 17දා පස්වරුවේය. මනෝ ගනේෂන් ඇමතිවරයා ඇතුළු කිහිපදෙනෙකුගේ ඉල්ලීම අනුව නුවරඑළිය අඹගමුව ප්‍රාදේශීය සභාව කොටස් කිහිපයකට වෙන් කිරීමේ වුවමනාව මුල් කරගෙන මෙම ගැටලුව නිර්මාණය වී තිබේ. කෙසේ වෙතත් ජවිපෙ නියෝජනය කරමින් සභාගි වූ පක්ෂ නායක අනුර දිසානායක කියා සිටියේ ‘අඹගමුව ප්‍රාදේශීය සභාවේ ගැටලුව විසඳන්න ඕනෑ. ඒ ගැන අපිට විරෝධයක් නැහැ. නමුත් ඒක පදනම් කරගෙන මැතිවරණය කල් දාන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ ගැටලුව විසඳන්න කල් යනවානම් එම ප්‍රාදේශීය සභාව පසුවට තබා මැතිවරණය පැවැත්විය යුතුයි කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ’ යනුවෙනි.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් අනතුරුව පක්ෂ නායකවරයා මේ බව පක්ෂයේ ලේකම්වරයා, ප්‍රචාරක ලේකම්වරයා ඇතුළු නායකයන් දැනුවත් කිරීමට කටයුතු කළේය. ‘ශ්‍රීලනිපයට දිගටම වුවමනාව තිබුණා ඡන්දය කල්දාන්න. දැන් ආයෙත් ප්‍රශ්නයක් අල්ලගෙන.’ විජිත හේරත් කියා සිටියේය. ‘සුසිල්ලා ජෝන්ලා කණ්ඩායමක් මහින්ද මෛත්‍රී කණ්ඩායම් එකතු කරන්න වැඩසටහනක් ආරම්භ කරලලු. ඒ නිසා තව ටික කාලයක් ඡන්දය පස්සට දාගන්න උපක්‍රමයක් හොයමින් ඉන්න බව ආරංචියි. නුවරඑළිය අඹගමුව ප්‍රාදේශීය සභාවේ ප්‍රශ්නය ඇමතිට විසඳන්න පුළුවන්. ඇමති ගැසට් එක ගහන්නේ නැතුව ඇඟ බේරගන්න ඒ ප්‍රශ්නේ කැබිනට් එකට දාලා.’ අනුර දිසානායක කියා සිටියේය. ‘ජනාධිපතිවරයාටත් මේ වෙලාවේ පක්ෂය කැඩෙන එක විශාල පාඩුවක්. මොකද ඡන්දෙදි එයාගෙ ගොඩ පේන්න ගන්නවා. ඒ නිසා ඡන්දය කල්දාන්න හදනවා. මේකට අපි ඉඩ දිය යුතු නැහැ.’ ටිල්වින් සිල්වා කියා සිටියේය.

කිරිඇල්ලගේ දුව කලබලයෙන්

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම විසින් පාර්ලිමේන්තුවේ අධිවේගී මාර්ග ව්‍යාපෘති සම්බන්ධයෙන් විශේෂ විවාදයක් ඉල්ලා තිබුණි. එම විවාදය ඔක්තෝබර් 19වෙනිදා පැවැත්වීමට නියමිතව තිබුණි. මේ ප්‍රවෘත්තියත් සමඟ විවිධ මට්ටමේ පිරිස් අධිවේගී මාර්ග පිළිබඳව තොරතුරු ජවිපෙ මන්ත්‍රීවරුන්ට ලබාදීමට කටයුතු කළහ. මේ අතර ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාගේ ලේකම්වරියක වන ඔහුගේ දියණිය මේ විවාදය නිසා කලබලයට පත්ව සිටි බව ජවිපෙ මන්ත්‍රීවරුන්ට දැනගන්නට ලැබුණි. පසුගිය දීපවාලි උත්සව දිනයේ රජයේ නිවාඩු දිනයක් වුවද කිරිඇල්ල ඇමතිවරයාගේ දියණිය අමාත්‍යාංශ නිලධාරීන්ට නිවාඩු ලබාදී නොතිබුණ බව දැනගන්නට ලැබී තිබේ. ඇය එදින නිලධාරීන්ට බැනවදිමින් අවශ්‍ය ලියකියවිලි සකස් කර ගැනීමට විශාල වෙහෙසක් දරා තිබේ. මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයෙන් පීඩාවට පත් ජනතා එකමුතුව විසින් විවාදය පැවැත්වෙන දිනයේ මාර්ග සංවර්ධන අධිකාරිය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීමට තීරණය කර තිබුණි. මධ්‍යම අධිවේගයෙන් පීඩාවට පත්වෙන ගම්පහ, කෑගල්ල, කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්කවල ජනතාව එක්ව මෙම සංවිධානය පිහිටුවාගෙන තිබේ. ‘මධ්‍යම අධිවේගී ව්‍යාපෘතියෙන් කෝටි ගණන් ගසා කනවා. කොම්පැණිවලින් කොමිස් ගන්නවා. නමුත් ජනතාවට කිසිම සහනයක් දෙන්න ඇමතිවරයා කටයුතු කරන්නේ නැහැ’ ජනතාවගෙන් විශාල විරෝධයක් ඇමතිවරයාට එරෙහිව එල්ල වී තිබේ.

ජවිපෙට ගහන මාතෘකා

ගම්පහ දිරිය පුරවැසි දිස්ත්‍රික් සමුළුව පසුගිය පහළොස්වැනිදා ගම්පහ නයිවලදී පැවැත්වුණේ අනුර දිසානායක, විජිත හේරත් ඇතුළු ජවිපෙ නායකයන්ගේ සහ හිටපු අමාත්‍යංශ ලේකම් අශෝක පීරිස්, ක්‍රීඩා සූර සුගත් තිලකරත්න ඇතුළු විශේෂ ආරාධිතයන්ගේ සහභාගිත්වයෙනි. මෙහිදී ව්‍යවස්ථා කෙටුම්පත ගැන මතුවී තිඛෙන සාකච්ඡාව පිළිබඳව ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා සහ අශෝක පීරිස් අතර කතාබහක් ඇතිවිය. මේ කතාබහට සුගත් තිලකරත්නද එක්විය. ‘මන්ත්‍රීතුමා ව්‍යවස්ථා කෙටුම්පත ගැන රටේ තියෙන්නේ වැරදි මතයක් කියලයි මට හිතෙන්නේ. ජවිපෙට මේ ගැන මොකුත් කරන්න බැරිද?’ අශෝක පීරිස් විමසා සිටියේය. ‘ඒක ඇත්ත. වැරදි මතයක් හදලා තියෙනවා. බංකොළොත් කණ්ඩායම් තමන්ට දේශපාලන මාතෘකා නැති නිසා ව්‍යවස්ථා බිල්ලෙක් මවනවා. මේක ව්‍යවස්ථාවක් තියා කෙටුම්පතක්වත් නෙවෙයි. සාකච්ඡාවල කරුණු එකතුවක් විතරයි. මේක ව්‍යවස්ථාව කියලා අරගෙන බංකොළොත් අය රට ඛෙදනවා. ඒකීයභාවය ඉවරයි කියලා කෑ ගහනවා.’ විජිත හේරත් කියා සිටියේය. ‘ජවිපෙ ගැනත් වැරදි මතයක් තමයි හදලා තියෙන්නේ’ සුගත් තිලකරත්න කියා සිටියේය. ‘රාජපක්ෂලාගේ කණ්ඩායමට ජවිපෙට ගහන්න මාතෘකාවක් නැහැ. ඒ නිසා මඩ ගහනවා. අපි කරුණු 09ක් ව්‍යවස්ථා මණ්ඩලයට දුන්නා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම අපේ පළවෙනි කොන්දේසිය. පළාත් එකතු කරන්න බැහැ කියන එක තව එකක්. අපි එදත් රට කඩන යෝජනා පරාජය කළා. 2005 නොවැ. මහින්ද ජනාධිපති වෙලා උතුර නැගෙනහිර එකතු කරලා තිබුණ ගැසට් එකතු කරලා තිබුණ ගැසට් එක දීර්ඝ කළා. අපි තමයි 2006 නඩු කියලා පළාත් දෙක වෙන් කළේ. එහෙම කට්ටිය අද බොරුවට කෑගහනවා. අපේ ස්ථාවරය පැහැදිලියි, රට ඛෙදන ව්‍යවස්ථා එපා. ඒ වගේම විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුමයි. ඉස්සරහට අපි මේ ගැන රටේ සංවාදයක් හදනවා’ විජිත හේරත් කියා සිටියේය.

අවලාදවලට එරෙහිව නඩු

පසුගිය දිනෙක ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් ජවිපෙ නායකයාට අභූත චෝදනාවක් එල්ල කළේය. කෝටි ප්‍රකෝටි ගණනක මුදල් තොගයක් පොහොර ගෝනිවල දමාගෙන ගිය බව එයින් කියවුණි. මෙම ප්‍රකාශය ප්‍රවෘත්තිවල ප්‍රචාරය වීමත් සමඟ නීතිඥයන් මෙන්ම ජවිපෙ හිතවාදීන් ජවිපෙ මන්ත්‍රීවරුන්ට කියා සිටියේ, මෙම ප්‍රකාශයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවයි. මේ පිළිබඳව විජිත හේරත්, සුනිල් වටගල හා ලාල්කාන්ත යන අය අතර කතාබහට ලක්වූයේ ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳවයි. ‘නඩු දාන්න නිමිත්තක් තියෙනවා. අපහාස නඩු කියන්නේ විශේෂ නඩු වර්ගයක්. අපි කීර්තිනාමයට හානි කළා කියලා වන්දියක් ඉල්ලමු. ඊට අමතරව අපිට මේකෙන් වාසියක් තියෙනවා. චරිතය ගැනනේ නඩුව යන්නේ. හරස් ප්‍රශ්න අහනකොට අපිට පුළුවන් ජොන්ස්ටන්ගේ හොරකම් ගැන ප්‍රශ්න කරන්න.’ වටගල කියා සිටියේය.’ඔව්, ජොන්ස්ටන්ට එරෙහිව එෆ්.සී.අයි.ඩී.යේ පැමිණිලි ගණනාවක් තියෙනවා. මේවා ආණ්ඩුවත් කල් දදා තියෙන නිසා මේ වගේ නඩුවකදී ජනතාවට දැනගන්නත් එක්ක අපිට සියලු දේවල් එළියට අදින්න පුළුවන්.’ විජිත හේරත් කියා සිටියේය. ‘මේ රාජපක්ෂ කල්ලියට අපිත් එක්ක ලොකු වෛරයක් තියෙනවා. අපිට කියන්න වෙන කිසිම චෝදනාවක් නැහැ. ඒක නිසා ආණ්ඩුවත් එක්ක ඩීල් කියන්න එක එක කතා හදනවා. මේකට එරෙහිව ලොකු ප්‍රහාරයක් දෙන්න ඕනෑ. අපිට මඩ ගහන්න ආපු ගොඩක් අය වැඩේ අනාගත්තා’ ලාල්කාන්ත කියා සිටියේය.