හතළිස් පන්ලක්ෂයක් සිසු දරුවන් වෙනුවෙන් ගුරුවරුන් ගෙන් එක හඩක්

ක්‍රිadegs
අගමැති ලේකම් ළඟ විගණන පනත හිරවෙලා
November 1, 2017
xdgtmkz
දෙමළ පන්ති පවත්වන්න ආණ්ඩුවෙන් එකඟ වෙයි !
November 7, 2017
Show all

හතළිස් පන්ලක්ෂයක් සිසු දරුවන් වෙනුවෙන් ගුරුවරුන් ගෙන් එක හඩක්

ලුdfj

ලංකා ගුරුසේවා සංගමයේ 19වන ගුරු සමුළුව පසුගිය 13 වැනි දින පෙරවරුවේ කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි. ‘එකම හඩක් එකම තැනක්’ මෙවර එම සමුළුවේ තේමාව බවට පත් වී තිබුණි.
මෙම සමුළුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.
වත්මන් මෛත්‍රී – රනිල් ආණ්ඩුව මෙරට අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 06%ක් වෙන් කරන බවටත් නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කරන බවටත් සපථ කරමින් පැමිණ, අද වන විට එම නිදහස් අධ්‍යාපන අයිතිය මෙන්ම නිදහස් සෞඛ්‍ය අයිතීන්ද අහෝසි කරමින් පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාමාර්ගවලට වේගයෙන් අවතීරණ වී ඇති බවද මෙම සමුළුවේදී සාකච්ඡා විය.
මීට අමතරව ලංකා ගුරුසේවා සංගමයේ නව නිලධාරී මණ්ඩලය ද එදින පත්කර ගැණින. එම නිලධාරී මණ්ඩලය මෙසේය.
ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, සභාපතිජ ධම්මික අලහප්පෙරුම, භාණ්ඩාගාරික ප්‍රියන්ත ලියනගමගේ, සංවිධායක ලේකම් එම්.ජී.එල්. ලාල් කුමාර, වෘත්තීය ලේකම් මහින්ද ජයරත්න, උපසභාපති සුන්දරලිංගම් ප්‍රදීප්, උප සභාපති ගමගෙදර දිසානායක, උපසභාපති සමන්ත රණසිංහ, උප සභාපති අසේල විජේසිංහ, උපලේකම් ඩබ්.එල්. කියාස්, උපලේකම් ප්‍රියන්ත වරුෂමාන, උපලේකම් ඒ.පීමිල්ටන්, උපලේකම් කේ.කේ. රණසිරි.
ඊට අමතරව එම ක්‍රියාමාර්ග තුළ මෙරට හතලිස් පන්ලක්ෂයක් පමණ වන සිසු දරුවන්ගේ අධ්‍යාපන අයිතීන්ට මෙන්ම ශ්‍රී ලංකා ගුරු හා විදුහල්පති සේවාවලට එල්ල වෙමින් තිබෙන අභියෝග පිළිබඳවත් මෙහිදී පුළුල්ව සාකච්ඡා කෙරිණි. ඒ සම්බන්ධව එළඹෙන ඉදිරි වසර තුළ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙම සමුළුවේදී යෝජනා සම්මත කරගැණින. මෙම සමුළුවේ ප්‍රධාන දේශන දෙකක් පැවැත්වුණු අතර එහි මුල් දේශනය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් සිදු කරන ලදී.

මිථ්‍යාව පලවාහැර සත්‍ය ගෙන ඒමේ වගකීම ඇත්තේ ගුරුවරු මතයි
– ටිල්වින් සිල්වා

අද අපේ සමාජය ආර්ථීක, දේශපාලන සංස්කෘතික අර්බුදයක තිඛෙන්නේ. රට මහා දැවැන්ත ණය කන්දක හිර කරලා. සෑම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂ පහක ණයකාරයෙක් බවට පත්වෙලා. හාල් සීයයි. පොල් සීයයි. ගෑස් මිල රුපියල් එකසිය දහයකින් වැඩි කරලා. ජීවන බර වැඩිවෙලා. ජීවිතය දුෂ්කර වෙලා.
ලංකාවේ සේවා නිෂ්පාදනය කඩා වැටිලා. අධ්‍යාපනය විශාල අර්බුදයක. ඒ නිසාම පෞද්ගලික අධ්‍යාපනය වැඩිවෙලා. සාමාන්‍ය අම්මා තාත්තගේ දරුවන් අධ්‍යාපනයෙන් ඈත්කරමින් තිඛෙනවා. සෞඛ්‍ය සේවා කඩා වැටිලා. ජනතාවට බරපතළ රෝග තත්ත්වයක් ඇති වුණාම හොඳ කරගන්න සල්ලි හොයන්න සම්මාදමේ යන්න වෙලා. හොරකම් වංචා දූෂණ වැඩිවෙලා.
මේ සමාජය මුහුණදීලා තිඛෙන තත්ත්වය වෙනස් කරන්න ඕනෑ. මේ වෙනස වෘත්තීය සමිතිවලට, දේශපාලන පක්ෂයකට පමණක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සාමාන්‍ය ජනතාව පෙරට එන්න ඕනෑ. අද අපේ රටේ තිඛෙන අර්බුදය පොදු ජනතාව බහුතරයක් නිහඩතාවයක, මිථ්‍යාවක ගිලිලා, රැවටිලා සිටීමයි. අර්බුදය දැක දැක ජනතාව වෙනත් පැත්තකට ගමන් කරමින් ඉන්නවා. ජනතාවගෙන් බහුතරයක් මේ ඇත්ත තත්ත්වය තේරුම් ගන්න තුරු අපේ රටට ගොඩ එන්න බැහැ. ජනතාව මිථ්‍යාවෙන් මුදවා ගන්න ඕනෑ. අපේ රටේ ගුරු පරපුරට ඒ වෙනුවෙන් කාර්යභාරයක් තිඛෙනවා. මාක් ට්වේන් කියන ඇමෙරිකානු ජාතිකයා කියා තිබුණා ජනතාව රැවටීමෙන් මුදවා ගන්නවාට වඩා ඔවුන් රැවටීම පහසුයි කියලා. එජාපය ශ්‍රීලනිපය අද කරමින් ඉන්නේ ඒ පහසු වැඩේ. ජනතා විමුක්ති පෙරමුණ කරමින් ඉන්නේ ජනතාව රැවටීමෙන් මුදවා ගැනීමේ අසීරු කාර්යයයි. එය කොපමණ අසීරු වුවත් අපි කරනවා. අපේ රටේ ගුරුවරුන් විදියට සමාජය ගිලී තිඛෙන මේ මිථ්‍යාව පලවා හැරලා සත්‍ය ගේන කණ්ඩායමක් බවට පත්විය යුතුයි.
අද අපේ රටේ දේශපාලනය පිරිහිලා. දේශපාලඥයා හොරෙක් තක්කඩියෙක් ස්ත්‍රී දූෂකයෙක් වංචාකාරයෙක් බවට පත්වෙලා. ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් ලෙස ඒකෙන් මිදිලා තිඛෙන්නේ. තක්කඩිකමට, හොරකමට, පෞද්ගලික අරමුණුවලට කරන දේශපාලනය වෙනුවට සමාජයට සේවය කිරීමේ අරමුණ පෙරදැරි කරගත් දේශපාලනයක් අපේ සමාජයට එකතු වෙන්න ඕනෑ. ඒ සඳහා හොඳ මිනිස්සු දේශපාලනයට එන්න ඕනෑ. නරක මිනිස්සු දේශපාලනයට එන එක වළක්වන්න ඕනෑ. වැඩිපුර දැනුම තියෙන අය දේශපාලනයට එන්න ඕනෑ. හොරකම් කරන, තක්කඩිකම් කරන පුද්ගලයන් ස්ත්‍රී දූෂකයන්, ගුරුවරු දණගස්වන අය, රාජ්‍ය සේවකයන් ගස් බඳින අය දේශපාලනයට එනවා වෙනුවට ගුරුවරයා රාජ්‍ය සේවකයා වැනි සමාජයට වැඩක් කරන්න පුළුවන් පුද්ගලයන් දේශපාලනයට අතට ගන්න ඕනෑ.
මිනිසුන්ගේ මනස හැදීම කුඩා කාලයේ සිට ආරම්භ කළ යුතු වගේම මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම බිම්මට්ටමින් ආරම්භ කළ යුතුයි. ඒ සඳහා හොඳම අවස්ථාව තමයි පළාත් පාලන මැතිවරණය. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකත්වයට එන්න පුළුවන් අයට එන්න කියලා අපි ආරාධනා කරනවා. ඉදිරියේදී රට වෙනස් කරන්න පුළුවන් දිගු ගමනක් ජවිපෙ විසින් ආරම්භ කරලා තිඛෙනවා. ඒ දේශපාලන බලවේගය සඳහා ඔබේ දායකත්වයත් ලබාදෙන්න කියලා අපි ඉල්ලනවා.

වෘත්තීය සමිති අරගලය ගුණාත්මක වෙනසක් පෙන්වා තිඛෙනවා
– ලාල් කාන්ත

එක්දහස් නවසිය අසූවේදී පමණ අපේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය බිඳ වැටුණා. ඊට පෙර වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ දැවැන්ත සටන් අරගල ගැන කථීකාවක් තිබුණා. විවිධ පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති අසූවේ අරගලයෙන් පස්සේ බිඳ වැටුණා. 94න් පස්සේ ජවිපෙ නැවත දේශපාලන කටයුතු ආරම්භ කරලා අනූහය අනූහත කාලය වන විට වෘත්තීය සමිති ව්‍යාපාරය ආරම්භ කළා. අපේ ඉලක්කය තිබුණේ අසූවේ ජූලි වර්ජනයෙන් පසුව වැටුණු වෘත්තීය සමිති ව්‍යාපාරය තිබුණ ජවයෙන් නැවත උඩට ගන්නයි. දැන් වසර විස්සක් පමණ ගතවෙලා තිඛෙනවා. ඒ නිසා පසුගිය කාලය පිළිබඳව වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙස නැවත සමාලෝචනයක් කළ යුතු කාලය ඇවිල්ලා තිඛෙනවා.
ඒ අතර පසුගිය 21වෙනිදා සයිටම් විරෝධී වැඩ වර්ජනය ඉතාම සුවිශේෂීයි. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට සම්බන්ධ ලංකා විදුලි සේවක සංගමය සහ තවත් විදුලි වෘත්තීය සමිති වර්ජනයක් කළා. දුම්රිය වර්ජනයක් පැවැත්වුණා. ඒ වගේ වෘත්තීය සමිති අරගල තිබුණා. නමුත් ඒවාට වඩා 21වෙනිදා වැඩවර්ජනය වෘත්තීය සමිති ව්‍යාපාරයේ ගුණාත්මක වර්ධනයක් පෙන්නුවා. ස්ථානමාරු, වැටුප් විෂමතා ප්‍රශ්න නෙවෙයි ඒ වර්ජනයට තිබුණේ. සයිටම් වහන්න කියලා පොදු සටනක් වෙනුවෙන් තමයි එම වර්ජනය පැවැත්වුණේ.
අද වන විට සයිටම් ප්‍රශ්නය ජාතික දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වෙලා. මුළු විශ්වවිද්‍යාල පද්ධතියම සයිටම් එකට විරුද්ධයි. විශ්වවිද්‍යාල සිසුන් සයිටම් වහන්න කියන අරගලයේ ඉන්නවා. ඒ අතර වෛද්‍ය පීඨ අටේම සිසුන් විරුද්ධයි. හෙට උපාධිය අරගෙන වෛද්‍යවරුන් වෙන්න පුළුවන් සිසුන් අරගලයේ ඉන්නවා. වෛද්‍ය පීඨවලින් සිසුන් එළියට යන්නේ නැති නිසා අලුත් සිසුන්ට විශ්වවිද්‍යාලවලට එන්න බැරිවෙලා ලොකු ප්‍රශ්නයක්. අනෙක් පැත්තෙන් ගත්තාම වෛද්‍ය පීඨවල ගුරුවරු සයිටම් එකට විරුද්ධයි. පීඨාධිපතිවරු අටදෙනාම විරුද්ධයි. වෛද්‍ය සභාව විරුද්ධයි. සිසුන්ගේ දෙමාපියන් විරුද්ධයි. මේ වෙනකොට සයිටම් ආයතනයේ ඉගෙන ගන්න දරුවන්ගේ දෙමාපියන් විරුද්ධත්වය පල කරලා. ජවිපෙ ඇතුළු තවත් දේශපාලන පක්ෂ විරුද්ධයි. දේශපාලනයේ ජඩම කල්ලිය වෙන ඒකාබද්ධ විපක්ෂයත් මේකට විරුද්ධයි. සියලු දෙනාම විරුද්ධයි. කවුද පක්ෂ. සයිටම් මුදලාලියි, රාජිතයි, කිරිඇල්ලයි එස්.බී.යි විතරක් මේකට පක්ෂයි. මේ තරම් පිරිසක් විරුද්ධ වෙලත් මෛත්‍රී රනිල් කන් ඇහුනේ නෑ වගේ ඉන්නවා.
අද අපේ රටේ අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත්වෙලා. ජනතා විමුක්ති පෙරමුණ අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් වෙනවට විරුද්ධයි. ගොඩක් අයට අකමැත්තෙන් වුවත් අධ්‍යාපනය මිලදී ගන්න සිදුවෙලා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ එම්.බී.බී.එස්. උපාධිය විතරයි. ඒකත් විකුණන්න එපා කියලයි මේ අරගලය තිඛෙන්නේ. පසුගිය 21වෙනිදා වර්ජනය කළේ මේ අධ්‍යාපන විකිණිල්ලට එරෙහිවයි. අපේ රටේ ගුරුවරු 50%ක් පමණ ඒ වර්ජනයට සම්බන්ධ වුණා. තමන්ගේ වෘත්තීය ප්‍රශ්නවලට නෙවෙයි ජාතික සටන් පාඨයක් වෙනුවෙන්. ඒ නිසා එම වර්ජනයට සම්බන්ධ වුණු ගුරුවරුන්ට ප්‍රණාමය පුදකරන්න ඕනෑ. ඒ වගේම ආණ්ඩුව මේ හඩට සවන් දෙන්නේ නැත්නම් වෘත්තීය සමිති ව්‍යාපාරයට අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා යන්න සිදුවෙනවා. ඒ සටනට තවත් අය සම්බන්ධ කරගන්න ඕනෑ. මේ සටන සාර්ථක කරගන්න නම් සියලුදෙනාම මහන්සි වෙන්න ඕනෑ.


සාලිය නුවන්