ඉතිහාසයේ දිනෙක මෙසේ සිදු විය

Federica Mogherini
ට්‍රම්ප් ඉරාන න්‍යෂ්ටික ගිවිසුම විසි කරයි
November 7, 2017
dtjktyk
සමාජ ධුර නාම අහෝසි කෙරේ…
November 7, 2017
Show all

ඉතිහාසයේ දිනෙක මෙසේ සිදු විය

ඉතිහාසයේ දිනෙක මෙසේ සිදු විය

Ray Chalifoux යනු ගල් අගුරු ආකරයක රියදුරෙකි. ඔහු වාසය කරන ලද්දේ ඉතා කුඩා කම්කරු නිවසකය. තමාගේ රැකියාව අහිමිවීමෙන් පසුව ඔහුට තම නිවසේ කුලිය ගෙවාගත නොහැකිව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු විය. දැඩි ධනවාදී රාමුවකින් නිර්මාණය වී ඇති සමාජ ආර්ථීක වටපිටාවක, පුරවැසියෙකු අසරණභාවයට, රෝගියෙකු බවට පත් වීමෙන් පසු කිසිදු හව්හරණක් නැති රටක් ලෙස ඇමෙරිකාව හැඳින් විය හැක. Ray Chalifoux හට දරුවන් හතර දෙනෙකු සිටි අතර, ඔහුගේ බිරිඳ තවත් දරුවෙකුට උපත දීමට සුදානමින් සිටියේය. මෙහි දිස්වෙන අනුවේදනීය දසුන කැමරා කාචයට ලක්වන්නේ 1948 අගෝස්තු මස පස්වන දින චිකාගෝ
නගරයේදීය. මෙම ඡායාරූපය පසුව ඉන්දියානා ප්‍රාන්තයේ පුවත්පතක් වූ The Vidette Messenger of Valparaisoහි පලවිය. මිනිස්කම වියැකී මුදල පමණක් රජයන සමාජයක බිහි වූ Ray Chalifoux හා ඔහුගේ බිරිඳ විසින් අවසානයේ නිගමනය කළේ තම දරුවන් හතර දෙනා විකුණා තම ආර්ථීක ප්‍රශ්න වලින් ගැලවීමටය. ධනවාදී සමාජයක කුරිරු බව ඔප්පු කිරීමට ඇති ලක්ෂ සංඛ්‍යාත සාධක වලින් එකක් පමණි මේ….


මාලන් කබලාන