උක්දඩු ගින්නට පෙර සෙවණගලට ගිය ගමනක්

මානචේරිය කසළ ව්‍යාපෘතිය
මානචේරිය කසළ ව්‍යාපෘතිය ගැන සැකයක්
November 7, 2017
බිදෙzsdvg
ශ්‍රීලනිපය කැකුණ තළන විට එජාපයට රජ මගුල්
November 7, 2017
Show all

උක්දඩු ගින්නට පෙර සෙවණගලට ගිය ගමනක්

ක්‍රීsfbg

පෙර දින ධාරානිපාත වර්ෂාවක් ඇදහැලුණ ද දැන් මඳ අස්වැසිල්ලක් ලබා දී තිබේ. ඒත් අද ඉරිදා අප යන මඟ තැනින් තැන වැසි ඇදහැලේ. අපගේ ගමන් මඟ වූයේ තණමල්විල සිට උඩවලව දෙසටය. ලැබී තිබූ වැස්සෙන් නියඟයෙන් දා ගිය පොළොව තෙමී තිබුණා පමණය. වේළී ගිය වැව්වල පතුල් පෙඟීමට තරම්වත් වැස්ස ප්‍රමාණවත් වී නොතිබිණ.
බසයෙන් බැසීමට නියමිත වූයේ උඩවලව 10 කණුව හන්දියෙන්ය. එතනින් බැස මේ යන්නේ උක්දඩු මෙන් හප කර දමන ලද උක් ගොවීන් පිරිසක් සොයාගෙනය. බසයෙන් බසින විට ද මඟපෙන්වන මිතුරා පැමිණ සිටියේය. අපි උක් ගොවීන් හමු වීමේ සංචාරය ඇරඹීමු. පේන තෙක් මානයේ විහිදී ගිය උක් යායවල්ය. අප ඉදිරියට ඇදී එන උක් පැටවූ ට්‍රැක්ටර් මෙන්ම උක් පැටවීමට යොදා ගන්නා ට්‍රැක්ටර් ට්‍රේලර්වල අඩි පහළොවක් පමණ උසට සකස් කළ ලී කණුවලින් යුත් බක්කි ද හමු වේ.
මේ පාරේ එහෙ මෙහෙ යන එන මිනිසුන්ට මෙන් වගකිව යුතු නිලධාරීන්ට මෙන්ම ආණ්ඩුවේ වගකිව යුතු කෙරුමන්ට නොපෙනන දැවැන්ත වේදනාවක් ගොවීන් තුළ පවතී. වේදනාවේ අන්තයෙන් උපන් ආවේග, සටන්කාමීත්වය ගිනිපුපුරු මෙන් දැල්වෙමින් තිබෙන අයුරු මිනිසුන්ගේ වචනවලින් පිට වේ. සෙවණගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සම්පත්ගම ඒ. ජී. ගුණපාල අපට හමු වූ මුල්ම උක් ගොවියාය. ‘අපේ මව්පියන් උක් වගාව කරන්න පටන් ගත්තේ වාරි ජලය තිඛෙන පහත් බිම්වල. 1991දී වැසි දියෙන් වගා කරන උස් ඉඩම් ලැබුණා. දැන් මට දීලා තියෙන්නේ හෙක්ටයාර් 1.75ක්. කන්නයකට මම උක් ටොන් 200ක් 225ක් ෆැක්ටරියට දෙනවා. එදාට පවතින උක් මිලත් එක්ක කන්නයෙන් කන්නයට අපට අතේ ඉතිරි වන මිල බොහොම සොච්චමක්. වගාවේ වියදම් අහස උසට යනවා. උක් මිල වැඩි වෙන්නේ නැති ගාණයි. අනික් පැත්තෙන් වගාවට බිම හාන්න, බීජ, තෙල්, පොහොර කොම්පැනියෙන් අපට දුන්නේ සියයට දහඅටේ පොලියට. අපේ උද්ඝෝෂණ නිසා ම දැන් පොලිය සියයට දොළහට අඩු කරලා තියෙන්නේ.’
ගුණපාල ගොවි මහතාගේ කතා ආරම්භයේ දී ම කියවුණු ගිනි පොලී කතාවෙන් ඇඟ හිරිවැටි යනු දැනිණ. ගොවීන්ගෙන් සියයට දහඅටක පොලියක් ගැනීම සාධාරණීයකරණය කරන්නේ කොහොමද? සියයට දහඅටක් පමණක් නොව සියයට දොළහක පොලියක් කියන්නෙත් කොතරම් ගිනි පොලියක් දැයි සිහිබුද්ධි ඇති අයෙකුට වටහා ගත හැකිය. මේ ප්‍රදේශයෙත් උක් වගාව ආරම්භ කරන විට උක් සමාගම ගොවීන් සමඟ ගිවිසුමක් අත්සන් කර ඇත. එහි ඉතා පැහැදිලිව ප්‍රකාශ ඇත්තේ, ගොවීන්ට ලබා දෙන වගා ද්‍රව්‍ය වෙනුවෙන් මිල ගණන් පමණක් අය කරන බවය. නමුත්, පසුව අත්සන් කළ නව ගිවිසුමට අනුව සියයට දොළහක ගිනි පොලියක් අය කරනු ලබයි.
මේ ප්‍රදේශයට උක් කර්මාන්තය හඳුන්වාදී ඇත්තේ, 1982දී පමණය. බිම් ඩෝසර් කර සකස් කිරීමෙන් පසු උක්දඩු සිටුවා 1986දී පළමු අස්වැන්න ඇඹරීම ආරම්භ කර ඇත. එතැන් සිට මේ දක්වා දෙවැනි පරම්පරාව මෙහි උක් වගාවේ නිතර වී සිටී. දැන් උක් මෝලේ ඇඹරෙන්නේ උක්දඩු නොව හත් දහසක් පමණ පවුල්වල සාමාජිකයන් තිස් දහසක් පමණ වන මිනිසුන්ගේ ජීවිතය.
‘දැන් අපිට ලබා දෙන සීනි කාඩ් එක කපලා. මට විරුද්ධව ලියුමකුත් ගහලා තියෙන්නේ. මිනිසුන්ගේ අස්වැන්න කැපුවේ නෑ කියලා ලියුනුත් ගහලා. අස්වැන්න කපන්නේ නැතුව ඉන්නේ ඔළුවෙ අමාරුවකට නොවෙයි නේ. කොම්පැනිය නීති අසූහාර දාහක්ම දාලා. ගොයියො අඹරනවා. ඔය වගාවෙන් අපට ලාභයක් නෑ. බත් පතටත් කොම්පැනිය අපිට ණයයි. මම උක් ටොන් දෙසීයක් දුන්නොත්, චක්කරයක් හදලා පෙන්වනවා. අපිට සොච්චමයි ඉතිරි වෙන්නේ. සමහරු කොම්පැනියට ණයත් වෙලා නවතින්නේ. වෙන කිසිම බෝගයක් කරන්න දෙන්නෙත් නෑ. මොන මොනවා හරි කරන්න හැකි වුණු කෙනා විතරයි, ගෙයක් කියලා ගඩොල් කැටයක් හරි අඩුක් කරගෙන තියෙන්නේ. අනික් උදවිය උක් පඳුරු පල්ලේ…’ ගුණපාල ගොවි මහතාගේ වචනය.
ඔහුගේ ප්‍රකාශයෙන් කියවෙන්නේ සෙවණගල උක් සමාගම ගොවීන් මිරිකන ආකාරය ගැනය. එක් අයෙකුට වෙන් කර දී තිඛෙන හෙක්ටයාර් 1.75ක බිම් ප්‍රමාණයේ කන්නයක උක් සිටුවීම දක්වා වියදම රුපියල් ලක්ෂ එකහමාරක් පමණය. ඉන් පසුව රසායනික ද්‍රව්‍ය සහ පොහොරවලට වියදම්ය. දැන් සියයට දොළහක පොලියක් අය කරන්නේ මුළු වියදම් වෙනුවෙන්ය. අමතරව ජල සම්පාදනය කළහොත්, අතින් වියදම් දැරිය යුතුය.
මේ මිනිසුන් උක් යාය පල්ලේ සිටින බවට කළ ප්‍රකාශයේ ඇත්ත නැත්ත ප්‍රදේශයේ ඇවිදීමෙන් දෑසින් බලා ගත හැකිය. වැස්සට නොතෙමී ඉන්නට ගෙයක් නැත. හරිහමන් වැසිකිළියක් නැත. දුවා දරුවන්ට හරි අධ්‍යාපනයක් දී ගත නොහැකිය. අඩුම තරමින්, තමන්ගේ ලෙඩ රෝගයකට බේතක් හේතක් ලබා ගැනීමට පිච්චියක් අතේ නැත. ඉතින්, කුමක් නම් කළ යුතුව තිඛෙන්නේද? ගිනිපුළිගු වන් වචන පිට වන්නේ ඒ නිසාය. දැන් උක් සමාගමේ සිටින නිලධාරීන් මෙන්ම ගොවි නායකයන් යැයි කියා ගන්නා තක්කඩින් ද බියක් දක්වන ගොවි ගෙවිලියෝ එහි සිටිති. අපට හමු වූ දීපිකා විතාන වචනවලින් ගිනිපුළිගු විදින එක් ගෙවිලියක්ය. ‘ගොවීන්ගෙන් සල්ලි කපාගෙන සුබසාධන අරමුදලක් පිහිටුවා තියෙනවා. ගොවියෙක් මැරුණාම රුපියල් හතළිස් දාහක් ගෙවනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට දරුවෙක් තේරුණොත්, රුපියල් විසිදාහක් ගෙවනවා. ගොවීන්ගේ දරුවන් දශමයක්වත් විශ්වවිද්‍යාලයට යන්නේ නෑ, ඒ ළමයෙකුට රුපියල් විසිදාහක් තවමත් ගෙව්වේ නෑ. අපිට හිතා ගන්න පුළුවන් විශ්වවිද්‍යාල ළමයි සටන් කරන්නේ ඇයි කියලා. ගොයියෙකුගෙ අම්මා, තාත්තා, දරුවෙක්, බිරිඳ මැරුණොත්, රුපියල් විසි දාහක් දෙනවා. එක දරුවෙක් වැඩිවියට පත් වුණොත් රුපියල් දහදාහක් දෙනවා. පොල් පැළයක් හරි හිටවලා තිබුණොත්, ඒකත් හම්බ වෙන්නේ නෑ. ගොවීන්ගේ ගොවි සමිතිවලින් ‘ඒකාබද්ධ ගොවි මණ්ඩලය’ කියලා සංවිධානයක සභාපතිවරයෙක් ඉන්නවා. ඒ සභාපති තමයි, ගොයියෝ වෙනුවෙන් ෆැක්ටරියත් එක්ක කතා කරන්නේ. එයා කරන්නේ ගොයියෝ පාවා දීලා තමන්ගේ වැඩ කර ගන්න එක. අර විශ්වවිද්‍යාල දරුවටවත් අඩුම ගාණේ ශිෂ්‍යාධාරය ලබා දුන්නේ නෑ.’
ඇයගේ හෙළි කිරීම් අනුව අපි විශ්වවිද්‍යාලයට තේරී පත් වී ශිෂ්‍යාධාර නොලැබුණු ශිෂ්‍යයාගේ මාපියන් සොයා ගියෙමු. ඩබ්ලිව්. එම්. ගාමිණී ගොවි මහතා අපට හමු වූයේ එහිදීය. ‘පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයට මගේ දරුවා තේරුණේ. අපි කොම්පැනියට දැනුම් දුන්නේ විශ්වවිද්‍යාලයට තේරුණු දවස්වලමයි. දැන් අවුරුදු තුනයි. අපිට මුදලක් අවශ්‍ය වෙන්නේ මුලදීමයි. දරුවාට යවන්නයි වියදම් වෙන්නේ. අපි කොහොම හරි දරුවාට ඉගැන්නුවා. මම හර්ණියා රෝගියෙක්. ඒකට ඔපරේෂන් එක පවා කර ගන්නේ නැතුව ඉගැන්නුවේ. දරුවො තුන් දෙනෙක් මට ඉන්නවා. මොන වියදමක් දරන්න ඕනෑ ද උගන්වන්න? අපේ උක් අස්වැන්නෙන් කපා ගන්න සල්ලි ටික අපිට අවශ්‍ය වෙලාවට දෙන්නේ නෑ.’
ඔවුන්ගේ ජීවිත කතාවේ එක් හරස්කඩක් මේ ගොවියාගෙන් කියවිණි. ඔවුන් ව්‍යවහාර කරන්නේ ගොවියා යන්න නොවේ. ‘ගොයියා’ යනුවෙන්ය. මඩ සේදූ කල ගොවියන් රජකමටත් හොඳ බව කියමින් අද මොවුනට පොල් පැළයක්වත් හිටුවා ගැනීමට ඉඩ නොදේ.
ආනන්දගම, ඒ. ඊ. මෛත්‍රීපාල ගොවියාගෙන් හෙළි වූයේ ‘වගාව අයින දිගට පොල් පැළ පේළියක් හිටවලා තියෙනවා. ඒක නිසා ෆැක්ටරියෙන් දෙන කිසිම සහනයක් මට දෙන්නේ නෑ. ඒ වුණාට මම උක් ගස් කපලා ෆැක්ටරියට දෙනවා. එහෙයියෙක් වෙනවා නම්, අක්කර හතරේම වෙන බෝග වැව්වත් ප්‍රශ්නයක් නෑ, නිලධාරීන් තමයි, මේ දේවල් කරන්නේ. කිසිම පදනමකින් නොවෙයි.’
මේ සංචාරයේදී හමු වූ ගොවීන් විශාල පිරිසක්ය. ඔවුන් අතුරින් ඉන්දික ලක්මාල්, යූ.ජී. ආරියදාස යන ගොවීන් දැක් වූ අදහස්වලින් ද කියාපෑවේ ප්‍රශ්නයේ විවිධ පැතිකඩයන්මය. ඒ සියලු දේ සටහන් කිරීමට නම්, පත්තර දුසිමක්වත් මුද්‍රණය කළ යුතු බව කියන්නේ ද ගොවීන්මය. ඒ අතුරින් තවත් විශේෂිත පුද්ගලයකු අපට හමු විය.
‘දැනට අවුරුදු තිස්හයකට ඉස්සර උක් කර්මාන්තය පටන්ගෙන ටොන් එකක් රුපියල් හාරසීයකට ගොවීන්ගෙන් කොම්පැනියට ගත්තා. අවස්ථා දහතුනකදී මිල වැඩි කරලා දැන් රුපියල් පන් දාහක් ගෙවනවා. ගොවීන්ගේ වියදම් කපාගෙන පොලිය කපා ගත්තාම තඹයක් ඉතුරු වෙන්නේ නෑ. ඒ නිසා දැන් සටනක් ඇති වී තිඛෙනවා. හිගුරාණ, පැළවත්ත, සෙවණගල උක් ගොවි සමිති තුනම ඒකාබද්ධ වෙලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ මඟපෙන්වීම යටතේ උක් ටොන් එකකට රුපියල් අටදහස් පන්සියයක සාධාරණ මුදලක් ඉල්ලනවා. රුපියල් අටදහස් පන්සියයක් ඉල්ලන්නේ හේතුවක් ඇතිව.’ ඇති වෙමින් තිඛෙන සටනක පෙරවදන බඳු වූ විග්‍රහයකට මුලපිරූයේ සෙවණගල උක් ගොවි සංගමයේ සභාපති එස්.පී. සිරිසේන ගොවි මහතාය.
රුපියල් අටදහස් පන්සියයක් ඉල්ලීමට පදනම ගැන ඔහු සඳහන් කළේ මෙසේය:
‘එක ගොවියෙක් උක් වගා නොකර කන්නයක් උඳු වගා කළා. ඒ ගොවියාව කැඳවලා දඩ නියම කළා. ගොවියාගේ පෙර අස්වැන්න ගණන් බලා උක් ටොන් එකකට රුපියල් අටදහස් පන්සියය ගණනේ වන්දි ගෙවන්න කිව්වා. කොම්පැනියට ගොවීන්ගෙන් උක් ටොන් එකකට රුපියල් අටදහස් පන්සියයක් දඩ ගහනවා නම්, ඇයි ඒ මුදල ගොවීන්ට ගෙවන්න බැරි ? අස්වැන්න දුන්නාම ගොවීන්ගේ අත්වල කරගැට විතරයි ඉතුරු වෙන්නේ. උක් ගොවියෝ කියන්නේ වහල් තත්ත්වයකට පත් කළ මිනිසුන් පිරිසක්. අපි ලියන්න ඕනෑ හැම තැනකටම ලියුම් ලියලා අපේ සාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කළා. කිසිම කෙනෙක් ඇහුම්කන් දෙන්නේ නෑ. පහුගිය 23 වැනිදා දැවැන්ත උද්ඝෝෂණයක් කළා. අන්තිමට අපිට කරන්න තියෙන්නේ මහ පාරේ උද්ඝෝෂණය කරන එක. උක් ටොන් එකක මිල රුපියල් අටදහස් පන්සියයක් කිරීමේ මූලික සටන් පාඨය ඇතුළු ඉල්ලීම් දහයක් මුල් කරගෙන අපි මේ විසි වැනිදා සත්‍යග්‍රහයක් පටන් ගන්නවා.’
උක්දඩු ගින්න සෙවණගලින් ඇරඹීමට නියමිතව ඇත්තේ, මේ ලෙසය. මේ මිනිසුන් සටන් සූදානම් කරන්නේ විනෝද කී්‍රඩාවක් වශයෙන් බව පාලකයන් කල්පනා කරාවි ද යන සිතුවිල්ලෙන් කොළඹ බලා යන බස් රථයක එල්ලී ගතිමි. ජනතාවගේ ප්‍රශ්න දෙස පාලකයන් බලන්නේ ඒ තරමටම අමන ලෙසය.පෙර දින ධාරානිපාත වර්ෂාවක් ඇදහැලුණ ද දැන් මඳ අස්වැසිල්ලක් ලබා දී තිබේ. ඒත් අද ඉරිදා අප යන මඟ තැනින් තැන වැසි ඇදහැලේ. අපගේ ගමන් මඟ වූයේ තණමල්විල සිට උඩවලව දෙසටය. ලැබී තිබූ වැස්සෙන් නියඟයෙන් දා ගිය පොළොව තෙමී තිබුණා පමණය. වේළී ගිය වැව්වල පතුල් පෙඟීමට තරම්වත් වැස්ස ප්‍රමාණවත් වී නොතිබිණ.
බසයෙන් බැසීමට නියමිත වූයේ උඩවලව 10 කණුව හන්දියෙන්ය. එතනින් බැස මේ යන්නේ උක්දඩු මෙන් හප කර දමන ලද උක් ගොවීන් පිරිසක් සොයාගෙනය. බසයෙන් බසින විට ද මඟපෙන්වන මිතුරා පැමිණ සිටියේය. අපි උක් ගොවීන් හමු වීමේ සංචාරය ඇරඹීමු. පේන තෙක් මානයේ විහිදී ගිය උක් යායවල්ය. අප ඉදිරියට ඇදී එන උක් පැටවූ ට්‍රැක්ටර් මෙන්ම උක් පැටවීමට යොදා ගන්නා ට්‍රැක්ටර් ට්‍රේලර්වල අඩි පහළොවක් පමණ උසට සකස් කළ ලී කණුවලින් යුත් බක්කි ද හමු වේ.
මේ පාරේ එහෙ මෙහෙ යන එන මිනිසුන්ට මෙන් වගකිව යුතු නිලධාරීන්ට මෙන්ම ආණ්ඩුවේ වගකිව යුතු කෙරුමන්ට නොපෙනන දැවැන්ත වේදනාවක් ගොවීන් තුළ පවතී. වේදනාවේ අන්තයෙන් උපන් ආවේග, සටන්කාමීත්වය ගිනිපුපුරු මෙන් දැල්වෙමින් තිඛෙන අයුරු මිනිසුන්ගේ වචනවලින් පිට වේ. සෙවණගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සම්පත්ගම ඒ. ජී. ගුණපාල අපට හමු වූ මුල්ම උක් ගොවියාය. ‘අපේ මව්පියන් උක් වගාව කරන්න පටන් ගත්තේ වාරි ජලය තිඛෙන පහත් බිම්වල. 1991දී වැසි දියෙන් වගා කරන උස් ඉඩම් ලැබුණා. දැන් මට දීලා තියෙන්නේ හෙක්ටයාර් 1.75ක්. කන්නයකට මම උක් ටොන් 200ක් 225ක් ෆැක්ටරියට දෙනවා. එදාට පවතින උක් මිලත් එක්ක කන්නයෙන් කන්නයට අපට අතේ ඉතිරි වන මිල බොහොම සොච්චමක්. වගාවේ වියදම් අහස උසට යනවා. උක් මිල වැඩි වෙන්නේ නැති ගාණයි. අනික් පැත්තෙන් වගාවට බිම හාන්න, බීජ, තෙල්, පොහොර කොම්පැනියෙන් අපට දුන්නේ සියයට දහඅටේ පොලියට. අපේ උද්ඝෝෂණ නිසා ම දැන් පොලිය සියයට දොළහට අඩු කරලා තියෙන්නේ.’
ගුණපාල ගොවි මහතාගේ කතා ආරම්භයේ දී ම කියවුණු ගිනි පොලී කතාවෙන් ඇඟ හිරිවැටි යනු දැනිණ. ගොවීන්ගෙන්
සියයට දහඅටක පොලියක් ගැනීම සාධාරණීයකරණය කරන්නේ කොහොමද? සියයට දහඅටක් පමණක් නොව සියයට දොළහක පොලියක් කියන්නෙත් කොතරම් ගිනි පොලියක් දැයි සිහිබුද්ධි ඇති අයෙකුට වටහා ගත හැකිය. මේ ප්‍රදේශයෙත් උක් වගාව ආරම්භ කරන විට උක් සමාගම ගොවීන් සමඟ ගිවිසුමක් අත්සන් කර ඇත. එහි ඉතා පැහැදිලිව ප්‍රකාශ ඇත්තේ, ගොවීන්ට ලබා දෙන වගා ද්‍රව්‍ය වෙනුවෙන් මිල ගණන් පමණක් අය කරන බවය. නමුත්, පසුව අත්සන් කළ නව ගිවිසුමට අනුව සියයට දොළහක ගිනි පොලියක් අය කරනු ලබයි.
මේ ප්‍රදේශයට උක් කර්මාන්තය හඳුන්වාදී ඇත්තේ, 1982දී පමණය. බිම් ඩෝසර් කර සකස් කිරීමෙන් පසු උක්දඩු සිටුවා 1986දී පළමු අස්වැන්න ඇඹරීම ආරම්භ කර ඇත. එතැන් සිට මේ දක්වා දෙවැනි පරම්පරාව මෙහි උක් වගාවේ නිතර වී සිටී. දැන් උක් මෝලේ ඇඹරෙන්නේ උක්දඩු නොව හත් දහසක් පමණ පවුල්වල සාමාජිකයන් තිස් දහසක් පමණ වන මිනිසුන්ගේ ජීවිතය.
‘දැන් අපිට ලබා දෙන සීනි කාඩ් එක කපලා. මට විරුද්ධව ලියුමකුත් ගහලා තියෙන්නේ. මිනිසුන්ගේ අස්වැන්න කැපුවේ නෑ කියලා ලියුනුත් ගහලා. අස්වැන්න කපන්නේ නැතුව ඉන්නේ ඔළුවෙ අමාරුවකට නොවෙයි නේ. කොම්පැනිය නීති අසූහාර දාහක්ම දාලා. ගොයියො අඹරනවා. ඔය වගාවෙන් අපට ලාභයක් නෑ. බත් පතටත් කොම්පැනිය අපිට ණයයි. මම උක් ටොන් දෙසීයක් දුන්නොත්, චක්කරයක් හදලා පෙන්වනවා. අපිට සොච්චමයි ඉතිරි වෙන්නේ. සමහරු කොම්පැනියට ණයත් වෙලා නවතින්නේ. වෙන කිසිම බෝගයක් කරන්න දෙන්නෙත් නෑ. මොන මොනවා හරි කරන්න හැකි වුණු කෙනා විතරයි, ගෙයක් කියලා ගඩොල් කැටයක් හරි අඩුක් කරගෙන තියෙන්නේ. අනික් උදවිය උක් පඳුරු පල්ලේ…’ ගුණපාල ගොවි මහතාගේ වචනය.
ඔහුගේ ප්‍රකාශයෙන් කියවෙන්නේ සෙවණගල උක් සමාගම ගොවීන් මිරිකන ආකාරය ගැනය. එක් අයෙකුට වෙන් කර දී තිඛෙන හෙක්ටයාර් 1.75ක බිම් ප්‍රමාණයේ කන්නයක උක් සිටුවීම දක්වා වියදම රුපියල් ලක්ෂ එකහමාරක් පමණය. ඉන් පසුව රසායනික ද්‍රව්‍ය සහ පොහොරවලට වියදම්ය. දැන් සියයට දොළහක පොලියක් අය කරන්නේ මුළු වියදම් වෙනුවෙන්ය. අමතරව ජල සම්පාදනය කළහොත්, අතින් වියදම් දැරිය යුතුය.
මේ මිනිසුන් උක් යාය පල්ලේ සිටින බවට කළ ප්‍රකාශයේ ඇත්ත නැත්ත ප්‍රදේශයේ ඇවිදීමෙන් දෑසින් බලා ගත හැකිය. වැස්සට නොතෙමී ඉන්නට ගෙයක් නැත. හරිහමන් වැසිකිළියක් නැත. දුවා දරුවන්ට හරි අධ්‍යාපනයක් දී ගත නොහැකිය. අඩුම තරමින්, තමන්ගේ ලෙඩ රෝගයකට බේතක් හේතක් ලබා ගැනීමට පිච්චියක් අතේ නැත. ඉතින්, කුමක් නම් කළ යුතුව තිඛෙන්නේද? ගිනිපුළිගු වන් වචන පිට වන්නේ ඒ නිසාය. දැන් උක් සමාගමේ සිටින නිලධාරීන් මෙන් ම ගොවි නායකයන් යැයි කියා ගන්නා තක්කඩින් ද බියක් දක්වන ගොවි ගෙවිලියෝ එහි සිටිති. අපට හමු වූ දීපිකා විතාන වචනවලින් ගිනිපුළිගු විදින එක් ගෙවිලියක්ය. ‘ගොවීන්ගෙන් සල්ලි කපාගෙන සුබසාධන අරමුදලක් පිහිටුවා තියෙනවා. ගොවියෙක් මැරුණාම රුපියල් හතළිස් දාහක් ගෙවනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට දරුවෙක් තේරුණොත්, රුපියල් විසිදාහක් ගෙවනවා. ගොවීන්ගේ දරුවන් දශමයක්වත් විශ්වවිද්‍යාලයට යන්නේ නෑ, ඒ ළමයෙකුට රුපියල් විසිදාහක් තවමත් ගෙව්වේ නෑ. අපිට හිතා ගන්න පුළුවන් විශ්වවිද්‍යාල ළමයි සටන් කරන්නේ ඇයි කියලා. ගොයියෙකුගෙ අම්මා, තාත්තා, දරුවෙක්, බිරිඳ මැරුණොත්, රුපියල් විසි දාහක් දෙනවා. එක දරුවෙක් වැඩිවියට පත් වුණොත් රුපියල් දහදාහක් දෙනවා. පොල් පැළයක් හරි හිටවලා තිබුණොත්, ඒකත් හම්බ වෙන්නේ නෑ. ගොවීන්ගේ ගොවි සමිතිවලින් ‘ඒකාබද්ධ ගොවි මණ්ඩලය’ කියලා සංවිධානයක සභාපතිවරයෙක් ඉන්නවා. ඒ සභාපති තමයි, ගොයියෝ වෙනුවෙන් ෆැක්ටරියත් එක්ක කතා කරන්නේ. එයා කරන්නේ ගොයියෝ පාවා දීලා තමන්ගේ වැඩ කර ගන්න එක. අර විශ්වවිද්‍යාල දරුවටවත් අඩුම ගාණේ ශිෂ්‍යාධාරය ලබා දුන්නේ නෑ.’
ඇයගේ හෙළි කිරීම් අනුව අපි විශ්වවිද්‍යාලයට තේරී පත් වී ශිෂ්‍යාධාර නොලැබුණු ශිෂ්‍යයාගේ මාපියන් සොයා ගියෙමු. ඩබ්ලිව්. එම්. ගාමිණී ගොවි මහතා අපට හමු වූයේ එහිදීය. ‘පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයට මගේ දරුවා තේරුණේ. අපි කොම්පැනියට දැනුම් දුන්නේ විශ්වවිද්‍යාලයට තේරුණු දවස්වලමයි. දැන් අවුරුදු තුනයි. අපිට මුදලක් අවශ්‍ය වෙන්නේ මුලදීමයි. දරුවාට යවන්නයි වියදම් වෙන්නේ. අපි කොහොම හරි දරුවාට ඉගැන්නුවා. මම හර්ණියා රෝගියෙක්. ඒකට ඔපරේෂන් එක පවා කර ගන්නේ නැතුව ඉගැන්නුවේ. දරුවො තුන් දෙනෙක් මට ඉන්නවා. මොන වියදමක් දරන්න ඕනෑ ද උගන්වන්න? අපේ උක් අස්වැන්නෙන් කපා ගන්න සල්ලි ටික අපිට අවශ්‍ය වෙලාවට දෙන්නේ නෑ.’
ඔවුන්ගේ ජීවිත කතාවේ එක් හරස්කඩක් මේ ගොවියාගෙන් කියවිණි. ඔවුන් ව්‍යවහාර කරන්නේ ගොවියා යන්න නොවේ. ‘ගොයියා’ යනුවෙන්ය. මඩ සේදූ කල ගොවියන් රජකමටත් හොඳ බව කියමින් අද මොවුනට පොල් පැළයක්වත් හිටුවා ගැනීමට ඉඩ නොදේ.
ආනන්දගම, ඒ. ඊ. මෛත්‍රීපාල ගොවියාගෙන් හෙළි වූයේ ‘වගාව අයින දිගට පොල් පැළ පේළියක් හිටවලා තියෙනවා. ඒක නිසා ෆැක්ටරියෙන් දෙන කිසිම සහනයක් මට දෙන්නේ නෑ. ඒ වුණාට මම උක් ගස් කපලා ෆැක්ටරියට දෙනවා. එහෙයියෙක් වෙනවා නම්, අක්කර හතරේම වෙන බෝග වැව්වත් ප්‍රශ්නයක් නෑ, නිලධාරීන් තමයි, මේ දේවල් කරන්නේ. කිසිම පදනමකින් නොවෙයි.’
මේ සංචාරයේදී හමු වූ ගොවීන් විශාල පිරිසක්ය. ඔවුන් අතුරින් ඉන්දික ලක්මාල්, යූ.ජී. ආරියදාස යන ගොවීන් දැක් වූ අදහස්වලින් ද කියාපෑවේ ප්‍රශ්නයේ විවිධ පැතිකඩයන්මය. ඒ සියලු දේ සටහන් කිරීමට නම්, පත්තර දුසිමක්වත් මුද්‍රණය කළ යුතු බව කියන්නේ ද ගොවීන්මය. ඒ අතුරින් තවත් විශේෂිත පුද්ගලයකු අපට හමු විය.
‘දැනට අවුරුදු තිස්හයකට ඉස්සර උක් කර්මාන්තය පටන්ගෙන ටොන් එකක් රුපියල් හාරසීයකට ගොවීන්ගෙන් කොම්පැනියට ගත්තා. අවස්ථා දහතුනකදී මිල වැඩි කරලා දැන් රුපියල් පන් දාහක් ගෙවනවා. ගොවීන්ගේ වියදම් කපාගෙන පොලිය කපා ගත්තාම තඹයක් ඉතුරු වෙන්නේ නෑ. ඒ නිසා දැන් සටනක් ඇති වී තිඛෙනවා. හිගුරාණ, පැළවත්ත, සෙවණගල උක් ගොවි සමිති තුනම ඒකාබද්ධ වෙලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ මඟපෙන්වීම යටතේ උක් ටොන් එකකට රුපියල් අටදහස් පන්සියයක සාධාරණ මුදලක් ඉල්ලනවා. රුපියල් අටදහස් පන්සියයක් ඉල්ලන්නේ හේතුවක් ඇතිව.’ ඇති වෙමින් තිඛෙන සටනක පෙරවදන බඳු වූ විග්‍රහයකට මුලපිරූයේ සෙවණගල උක් ගොවි සංගමයේ සභාපති එස්.පී. සිරිසේන ගොවි මහතාය.
රුපියල් අටදහස් පන්සියයක් ඉල්ලීමට පදනම ගැන ඔහු සඳහන් කළේ මෙසේය:
‘එක ගොවියෙක් උක් වගා නොකර කන්නයක් උඳු වගා කළා. ඒ ගොවියාව කැඳවලා දඩ නියම කළා. ගොවියාගේ පෙර අස්වැන්න ගණන් බලා උක් ටොන් එකකට රුපියල් අටදහස් පන්සියය ගණනේ වන්දි ගෙවන්න කිව්වා. කොම්පැනියට ගොවීන්ගෙන්
උක් ටොන් එකකට රුපියල් අටදහස් පන්සියයක් දඩ ගහනවා නම්, ඇයි ඒ මුදල ගොවීන්ට ගෙවන්න බැරි ? අස්වැන්න දුන්නාම ගොවීන්ගේ අත්වල කරගැට විතරයි ඉතුරු වෙන්නේ. උක් ගොවියෝ කියන්නේ වහල් තත්ත්වයකට පත් කළ මිනිසුන් පිරිසක්. අපි ලියන්න ඕනෑ හැම තැනකටම ලියුම් ලියලා අපේ සාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කළා. කිසිම කෙනෙක් ඇහුම්කන් දෙන්නේ නෑ. පහුගිය 23 වැනිදා දැවැන්ත උද්ඝෝෂණයක් කළා. අන්තිමට අපිට කරන්න තියෙන්නේ මහ පාරේ උද්ඝෝෂණය කරන එක. උක් ටොන් එකක මිල රුපියල් අටදහස් පන්සියයක් කිරීමේ මූලික සටන් පාඨය ඇතුළු ඉල්ලීම් දහයක් මුල් කරගෙන අපි මේ විසි වැනිදා සත්‍යග්‍රහයක් පටන් ගන්නවා.’
උක්දඩු ගින්න සෙවණගලින් ඇරඹීමට නියමිතව ඇත්තේ, මේ ලෙසය. මේ මිනිසුන් සටන් සූදානම් කරන්නේ විනෝද ක්‍රීඩාවක් වශයෙන් බව පාලකයන් කල්පනා කරාවි ද යන සිතුවිල්ලෙන් කොළඹ බලා යන බස් රථයක එල්ලී ගතිමි. ජනතාවගේ ප්‍රශ්න දෙස පාලකයන් බලන්නේ ඒ තරමටම අමන ලෙසය.


සටහන
ප්‍රියදර්ශන දයාරත්න