චීන සමාගමට ජනතා මුදලින් පහසුකම්

ශ්‍රීපාදයේ කුණු කඳු නාය යයි
ශ්‍රීපාද පිවිසුම් මඟ නාගරික සංවර්ධන අධිකාරියට
November 7, 2017
ලුsdfb
මහජන බැංකුවෙන් මහින්ද ගෝලයන්ට කප්පම්
November 7, 2017
Show all

චීන සමාගමට ජනතා මුදලින් පහසුකම්

ට්‍රිsrgh

පොදු ජනතාවගේත්, වෘත්තීය සමිතිවලත් විරෝධය නොතකා චීනයට පවරා දුන් හම්බන්තොට වරාය ගිවිසුමට අදාළ පහසුකම් සැලසීම මේ වන විට ආණ්ඩුවේ මැදිහත් වීමෙන් සිදු වෙමින් තිඛෙන බවට තොරතුරු වාර්තා වේ.
ජනතාවට තොරතුරු වසන් කරමින් අත්සන් කරන ලද මෙම ගිවිසුමෙන් රටට සිදුව තිඛෙන අලාභය රුපියල් මිලියන 1,30,000ක් ඉක්මවා ඇති අතර, ‘චයිනා හාබර් මර්චන්ට්’ නම් සමාගමට හම්බන්තොට වරායෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා එම වරායෙහි තෙල් ටැංකි සංකීර්ණයෙහි ගබඩා කර ඇති මෙට්‍රික් ටොන් 13,500ක නැව් තෙල් තොගය හිස් කර දීමට ආණ්ඩුව විසින් මේ වන විට කටයුතු කරමින් සිටින බවට වැඩි දුරටත් තොරතුරු වාර්තා වේ.
ඒ අනුව අදාළ තෙල් තොගය ඉවත් කිරීම වෙනුවෙන් ඒ සඳහා ටෙන්ඩරය ‘ඉන්ටර් ඕෂන් එනර්ජි’ නම් සමාගමට ඩොලර් 32,20,800ක මුදලකට ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. වරාය බදු දීමේ දී ඇති කර ගත් ගිවිසුමට අනුව රටට දැවැන්ත අලාභයක් සිදුව තිබිය  දී එම සමාගමට පහසුකම් සැලසීම වෙනුවෙන් ද රටේ මහජන මුදල් වැය කිරීමට සිදු වී තිඛෙන බව වරාය සේවකයෝ ප්‍රකාශ කර සිටිති.


කිත්සිරි කොඩිතුවක්කු