ජනපති සයිටම් රකී – දෙමාපියන් මාරාන්තික උපවාසයට!

වැඩපිළිවෙළට තවත් රුපියල් කෝටි
ග්‍රාම ශක්තියෙන් ජනපති දියණියට කෝටි 600ක්!
November 7, 2017
149-Puttalam–Marichchikade–Mannar-Road-01
මඟ නැගුම මග තියා ඇමති සහ ගෝලයෝ කොමිස් ගිලින්නේ මෙහෙමයි
November 8, 2017
Show all

ජනපති සයිටම් රකී – දෙමාපියන් මාරාන්තික උපවාසයට!

බෙdfh

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටළුවට විසඳුමක් දෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වී සිටියද ඒ වෙනුවට තවදුරටත් සයිටම් ආරක්ෂා කිරීම වෙනුවෙන් තීන්දුවක් ගැනීමට සූදානම් වනබව වාර්තාවීමත් සමඟ සයිටම් අහෝසි කරන ලෙස ආණ්ඩුවට බල කරමින් නොවැම්බර් 6 වැනිදා සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංවිධානය තීරණය කර ඇති බව වාර්තා වේ.
උපවාසය කොළඹදී පැවැත්වෙන අතර, එය පැවැත්වෙන ස්ථානය පසුව ප්‍රසිද්ධ කරන බවත්, එම උපවාසයට එක් වීමට දෙමව්පියන් දෙසිය පනස් දෙනකු පමණ සූදානමින් සිටින බවද වාර්තා වේ. මේ අතර සයිටම් ආයතනය පිළිබඳව රජයේ ස්ථාවරය තව දින කිහිපයකින් ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශය දින නියමයක් නොමැතිව කල් යමින් තිබේ. ජනාධිපතිවරයා මීට පෙර අවස්ථාවකදී සඳහන් කර තිබුණේ සති දෙකක් තුළ සයිටම් සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙන බවයි. එහෙත්, එම සති දෙක මේ වන විටත් ඉක්ම ගොස් ඇති අතර නිල සංචාරයක් සඳහා කටාර් රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇති ජනාධිපතිවරයා නැවත මෙරටට පැමිණීමෙන් පසුව එම ස්ථාවරය ප්‍රකාශ කරන බව කියමින් නැවතත් එම තීරණය කල් දැමීමට කටයුතු කර තිබේ. එහෙත් වාර්තා වන අන්දමට මේ වන විට ජනාධිපතිවරයා මැදිහත් වී සයිටම් සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඇති අතර එහිදී යෝජනා වී ඇත්තේ සයිටම් ආයතනය වෙනත් ආයතනයක් යටතට පත් කිරීමයි. එසේම මේ වන විට ඒ අලුත් ආයතනයට අදාළ මූලික ලියාපදිංචි කිරීම් නීතිමය කටයුතු සිදුකරමින් තිබෙන අතර ඒ අලුත් ආයතනයේ කොටස්වලින් 52%ක අයිතිය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට හිමි වන පිරිදි නීති ප්‍රතිපාදන සකස් කිරීමටද කටයුතු යොදා තිබේ. මෙම ආයතනය මුලින් රජයේ අරමුදල් යොදවා අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස ආරම්භ කර මේ වන විට සම්පූර්ණයෙන් පෞද්ගලික විශ්ව විද්‍යාලයක් බවට පත්කර තිඛෙන ආයතනකි. එසේම මේ පිහිටුවන නව ආයතනයේ කොටස් වලින් 48%ක් හිමාලි ජයතිලක නම් අයෙකුට හිමි වන ලෙස මෙම ආයතනයේ සංයුතිය සකස් කර තිබේ. හිමාලි ජයතිලක යනු නෙවිල් ප්‍රනාන්දුගේ පිනිපිරියකි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන යෝජනාවේ නෙවිල් ප්‍රනාන්දුට නැවත වරක් මිනිපිරියගේ මාර්ගයෙන් සයිටම් ආයතනයේ හිමිකාරීත්වය ලබා දීමට කටයුතු කර ඇති බවට වෛද්‍ය ශිෂ්‍ය දෙමව්පියයෝ චෝදනා කර සිටිති. එවැනි තත්ත්වයක් තුළ මාරාන්තික උපවාසයක් හැර වෙනත් විසඳුමක් තමන් සතුව නොමැති බව වෛද්‍ය ශිෂ්‍ය දෙමව්පියන්ගේ ස්ථාවරය වී තිබේ.


චතුර දිසානායක