ට්‍රම්ප් ඉරාන න්‍යෂ්ටික ගිවිසුම විසි කරයි

බෙdsbv
යුනෙස්කෝවට ඇමෙරිකාවෙන් චෝදනා
November 7, 2017
ඉතිහාසයේ දිනෙක මෙසේ සිදු විය
ඉතිහාසයේ දිනෙක මෙසේ සිදු විය
November 7, 2017
Show all

ට්‍රම්ප් ඉරාන න්‍යෂ්ටික ගිවිසුම විසි කරයි

Federica Mogherini

ඉරානය ‘අන්තගාමී පාලන තන්ත්‍රයක්’ ලෙස හඳුන්වා දෙමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තර න්‍යෂ්ටික ගිවිසුමක් සහතික කිරීම ප්‍රතික්ෂේප කර ඇත.
එම ගිවිසුම කොන්ග්‍රස් මණ්ඩලයට යොමු කරන ලද බව සඳහන් කළ ජනාධිපති ට්‍රම්ප් එය වෙනස් කළ හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඇමෙරිකාවේ මිතුරු රාජ්‍යයන්ගෙන් උපදෙස් ලබා ගන්නා බවත් ප්‍රකාශ කර සිටියිි. ඔහු එම අදහස් දැක්වූයේ පසුගිය ඔක්තෝබර් 13 වැනි සිකුරාදා ධවල මන්දිරයේදීය.
තවදුරටත් අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා, ත්‍රස්තවාදයට අනුග්‍රහ දක්වන බවට ඉරානයට චෝදනා කරමින්, න්‍යෂ්ටික අවි නිමවීමේ මාවතක සිටින ඉරාන් පාලනය ප්‍රතික්ෂේප කරන බවත් සඳහන් කළේය.
සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ අත්හිටුවීම සඳහා 2015 වසරේ ඇතිකර ගන්නා ලද ගිවිසුමට අනුකූලව ඉරානය කටයුතු කරන බව ජාත්‍යන්තර නිරීක්ෂකයෝ මේ අතර පෙන්වා දෙති.
එහෙත් එම ගිවිසුම ලිහිල් වැඩිය යන්න ජනාධිපති ට්‍රම්ප්ගේ අදහසයි. එසේම ඔවුන්ගේ න්‍යෂ්ටික ව්‍යාපෘතිය අධීක්ෂණය කරන ජාත්‍යන්තර නිරීක්ෂකයන් බිය ගැන්වීමට පවතින ගිවිසුම මගින් ඉරානයට අවස්ථාව ලැඛෙන බවත් ඇමෙරිකානු නායකයා කියා සිටියි.
ඉරානයත් සමඟ ඇති කර ගන්නා ලද න්‍යෂ්ටික ගිවිසුමෙන් ඕනෑම මොහොතක ඉවත් වීමේ අයිතිය ඇමෙරිකාව සතු බවත් ඔහු කියා සිටියි.
ඉරානයට කිසිදාක න්‍යෂ්ටික අවියක් නිපදවීමට ඉඩ නොතබන බවත් ඔහු අවධාරණයෙන් කියා සිටියේය.
ජනාධිපති ට්‍රම්ප් ඉහත කී අදහස් දැක්වීමෙන් මිනිත්තු කීපයක් ඇතුළත ප්‍රකාශයක් කළ යුරෝපා හවුලේ විදේශ ප්‍රතිපත්ති භාර ප්‍රධානී ෆෙඩ්රිකා මොඝෙරි‚ (Federica Mogherini) zඉරාන් න්‍යෂ්ටික ගිවිසුම ඉතා ශක්තිමත් එකක් වන බවත්, ගිවිසුමේ බැඳීම්වල කිසිදු කඩ කිරීමක් සිදුව නැති’ බවත් සඳහන් කළාය.
තවදුරටත් අදහස් දැක්වූ ඇය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශයක් පරිදි තහවුරු කර ගන්නා ලද ඉරාන් න්‍යෂ්ටික ගිවිසුම අහෝසි කර දැමීමට ලෝකයේ ‘කිසිදු ජනාධිපතිවරයකුට’ නොහැකි බව අවධාරණය කළාය.


ධනංජය සූරියබණ්ඩාර