දෙමළ පන්ති පවත්වන්න ආණ්ඩුවෙන් එකඟ වෙයි !

ලුdfj
හතළිස් පන්ලක්ෂයක් සිසු දරුවන් වෙනුවෙන් ගුරුවරුන් ගෙන් එක හඩක්
November 1, 2017
හෙවෙස්ස විදුහලේ
හෙවෙස්ස විදුහලේ ප්‍රධාන ශාලාව වැඩකට ගන්න බැහැ
November 7, 2017
Show all

දෙමළ පන්ති පවත්වන්න ආණ්ඩුවෙන් එකඟ වෙයි !

xdgtmkz

දහසක් පමණ දෙමළ සිසු දරුවන්ට සිය මව්බසින් ඉගෙන ගැනීම සඳහා පාසලක් ලබා දෙන මෙන් ඉල්ලා අධිකරණය හමුවට ගිය වතු කම්කරුවන් පිරිසකට දෙමළ පන්ති ලබා දීම සඳහා කටයුතු සැලසීමට රජය යෝජනා කර තිබේ.
මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ සහ කොටපොළ වතුකරයේ ජීවත්වන සිසු සිසුවියන්ට දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමේ පහසුකම් ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගන්නා ලද අවස්ථාවේ නීතිපතිවරයා විසින් දැනුම් දී ඇත්තේ ප්‍රදේශයේ සිංහල පාසල් තුළ දෙමළ පන්ති ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි.
දෙමළ දරුවන්ට මව්බසින් අධ්‍යාපනය ලැබීමට නොහැකි වීම නිසා අයිතිවාසිකම් කඩවීමට එරෙහිව පවරන ලද නඩුවෙන් කන්දයියා අරුණාසලම්, පාවඩේ චන්ද්‍රකාන්ති, විජයන් ශාන්ති සහ තංගවේල් රමණී විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණේ දෙමළ දරුවන්ට තම මව්බසින් අධ්‍යාපනය ලැබීමේ අයිතිවාසිකම තහවුරු කරමින් ඒ සඳහා පාසලක් ලබා දෙන මෙන් නියෝග කරන ලෙසයි. පස්ගොඩ ප්‍රදේශයේ දෙමළ පාසලක් නොමැතිකමින් සිංහලෙන් ඉගෙන ගැනීමට බලකෙරී ඇති බව පෙත්සම්කාර පිරිස කියා සිටියහ. ඔවුන් පවසන පරිදි ළඟම දෙමළ පාසල ඇත්තේ කිලෝමීටර් හතළිහක් දුරිනි.
දෙමළ සිසු සිසුවියන්ට අසාධාරණයක් සිදු වී ඇති බව අධිකරණය හමුවේ පිළිගත් නීතිපති දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ හදිසියේ දෙමළ පාසල් පිහිටු වීමේ හැකියාවක් නොමැති හෙයින්, සිංහල පාසල් තුළ දෙමළ පන්ති පිහිටුවීමට පියවර ගත හැකි බවයි.
මාතර දිස්ත්‍රික්කයේ වෙසෙන දෙමළ ජනගහනයෙන් අඩකට වැඩි පිරිස් ජීවත් වන්නේ කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බව රජයේ සංඛ්‍යාලේඛනවලින් පෙනී යයි.


විමුක්තිනී සතරසිංහ