බෙහෙත් තුණ්ඩුවෙන් ජීවිතය මැනීම

බිදෙzsdvg
ශ්‍රීලනිපය කැකුණ තළන විට එජාපයට රජ මගුල්
November 7, 2017
ලුsdg
අප්‍රිකානු කලාපය තුළ බරපතළ මානවීය අර්බුදයක්
November 7, 2017
Show all

බෙහෙත් තුණ්ඩුවෙන් ජීවිතය මැනීම

ලුsdbv

අලුත් හුස්මක් අරගෙන, පාට තැවරුණු සුන්දර ලෝකයක් සමඟ ඉකි බිඳිද්දී මටත් නොදැනීම නින්ද ගිහින්. ඇහැරිලා බලද්දී හිතුවටත් වැඩිය ලොකු වෙනසක් වෙලා. හැබැයි ඒ වෙනස සිනහව හංගපු බව අපිටත් වැටහුනේ ටික කාලයක් ගිහිල්ලා කියලා තේරෙනවා ඇති ඔයාලටත්.
අධ්‍යාපනය කියන්නේ අපේ අයිතිවාසිකමක්. මානව අයිතිවාසිකමක්. මානව අයිතිය කියන එක උපතින්ම ලැඛෙන්නේ මූලික මිනිස් අයිතිවාසිකම් විදිහටයි. හැබැයි මම කියන්නේ රටේ නීතිය ගැන එහෙම නෙමෙයි. නීතිය ගැන කියන්න අපට වඩා ගොඩක් අය ඉන්නවා. ඒ නිසා මම ඒ කතාව පැත්තකින් තියන්නම්. මට ඕනි වුණේ රටේ අනාගතය ගැන කතා කරන්නයි. ඒ නිසා දෙපැත්තට පැද්දෙන තොටිල්ලක් වගේ එයාලා අපිව තොටිල්ලේ දාලා නළවද්දී අපි අපූරුවට නැලවෙවී නිදියනවා.
කතාවේ පූර්වාදර්ශය ඔයාලට පෙන්නුවේ, කතා කරන්නයි. ඒ කියන්නේ අපි ප්‍රශ්න හමුවේ තව තවත් මිරිකෙනවා ඇරෙන්න ඒවාට උත්තර හොයමින් ඉස්සරහට එන්නේ නෑ කියන එක කියන්න. අද වෙනකොට රටේ ගොඩක් දෙනෙක් කතා කරන ප්‍රශ්නයක් විදිහට දැන් අධ්‍යාපනය පෙන්නන්න පුළුවන්. එකෙත් අධ්‍යාපනයේ ඇති විෂමතාවය ගැන. සයිටම් වෛද්‍ය විද්‍යාලය ගැන අද ගොඩක් දෙනෙක් කතා කරනවා. ඔන්න මම දැන් නියම තැනට ආවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට අවශ්‍ය නෑ කියලා වැඩි දෙනෙක් උද්ඝෝෂණය කරද්දී පොහොසත් දේශපාලන මුදලාලිලාගේ දුවලා පුතාලා වෙනුවෙන් අඩි සපත්තු සොලවමින් කෑ ගහනවා. අලි පැටවු රෝද සපත්තු පද්දමින් බය කෙරුවට කැලෑ සද්දෙන් හැමෝම බය වෙන්නේ නෑ කියන එක දැන ගත්තොත් වැරැද්දක් නෑ.
තවමත් ආදායම් බෙදී යාම ඒ ඒ ජනතාවගේ විවිධනය වෙද්දී අද වන විට මධ්‍යම පාන්තිකයන් පහළ වැටිලා. උසස් පෙළ වෙනුවෙන් තම දරුවන් වෙනුවෙන් කැප වෙන, වෙන රටක් තවත් නැති තරම්ය. පොල් කඩන තාත්තලාගේ පුතාලත්, මුදලාලිලාගේ පුතාලත් හැමෝම උසස් පෙළට වාඩි වෙන කතාව ඇත්ත. එහෙම කියලා වෙනසක් නැතුව එක හැන්දෙන් හැමෝටම ‘මාළු පිනි’ ඛෙදන එක කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා මම කියනවා.
ඒ වුණාට අද සිද්ධ වෙන්නේ පුංචි හැන්දෙන් දුප්පතුන්ට බෙදලා ලොකු හැන්දෙන් ධනපති ඛෙදා ගන්න එකයි.
කඳුළු ගෑස්වලින් නැහැවෙමින් බැටන් පොලු ඔවුන්ව සිප ගනිමින් සටන් කරන තේමාව නිදහස් අධ්‍යාපන ක්‍රමය පවත්වා ගැනීමේ උත්සාහයක් බව කියන්න ඕනි. අදටත් රජයේ වෛද්‍ය උපාධිය පසෙකට දමා අනාගතය වෙනුවෙන් පෙරඹර දකින්නේ ඔබ හෝ ඔබගේ පුතා හෝ දුව වෙනුවෙන් බව නොදන්නෙහිද?
හුදෙක් කුටුම්භයකට කොටු වී දවසේ කාලය ගිල දමන නෝනාවරුනි, මහත්වරුනි, මේ කියන්නේ ඔබට යැයි අමුතුවෙන් කියන්නට දෙයක් නැහැ. මොකද ඔබත් මේ රටේ ජීවත් වෙන අම්මෙක් තාත්තෙක්, ශිෂ්‍යයෙක් හෝ තරුණයෙක් නිසා. ඔබේ දරුවාගේ ඉදිරි අනාගතය, රටේ අනාගතය, ඔබේ යාළුවන්ගේ, සහෝදර සහෝදරියන්ගේ, නෑදෑයන්ගේ මෙන්ම එකී මෙකී නොකී සෑම සියලු දෙනාගේම ජීවිතත් එක්ක සෙල්ලම් කරන මේ මන්දමානසික පාලකයන්, එසේ එල්ල කරන බැටන් ප්‍රහාරයේ සැර ඔබටද වදින නිසා. ඉතින් ඇයි තවමත් ප්‍රමාද?
‘මගේ පුතා දොස්තර මහත්තයෙක්’ එසේ කියමින් ඔබම ගරුත්වයන් ගොඩ නගා ගන්නා සමාජයක ඉදිරියේදී සයිටම් දොස්තර මහත්වරු බිහිවීම වළක්වා ගැනීමට නොහැකි වුවහොත් ඔබ ජීවත් වන මේ කුඩා දින කිහිපය තවත් කෙටි වීම වළක්වනු නොහැකි වනු ඇත. ප්‍රමිතිි නොලත් වෛද්‍යවරු බිහි කිිරීමට රටේ දේශපාලන මුදලාලිලා කාලය හා ශ්‍රමය තදින්ම කැප කරමින් සිටිති.
ඒ නිසා ‘සයිටම් අහෝසි කරන තුරු අපි සටන් කරනවා’ යැයි වෛද්‍ය සිසුන් උගුරු ලේ රහ වෙන තුරු කෑ ගසද්දී තවමත් උපවාස කරන අපේ උන් ගැන මට මහා දුකක් එක්කම එන්නේ ලොකු ආඩම්බරයක්.
ඔබේ ආයාසයද අනාගතය වෙනුවෙන් නම් අදටත් කඳුළු බොන අපේ වෛද්‍ය විද්‍යාලවල කොල්ලෝ කෙල්ලෝ උඹලාට ඒ වෙනුවෙන් හැමදාටත් ආශිර්වාද කරාවි.
අපි අහලා තියෙනවා අතීතයෙත් මේ වගේම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්න ගිහින් සිදු වූ දේ. ඒක හැඳින්වුණේ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කියලා. අද ඒක කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කරපු රාගම වෛද්‍ය පීඨය. ඒක ජනසතු කරන්න කියලා ශිෂ්‍ය පරපුර, දෙමාපියන්, වෛද්‍ය සංගම් වගේ්ම රටේ පොදු ජනතාවත් අරගල කරා. පාරට බැස්සා. පාලකයන් ඉතාම කෘෘර විදිහට සිසුන්ට පහර දුන්නා. අත්අඩංගුවට ගත්තා. අදත් ඒ දේවල් සිදු වෙනවා. ඒත් එදා සිටි පාලකයන් වෛද්‍ය සිසුන්ගේ ජීවිත බිලි ගත්තා. පද්මසිරි ත්‍රිමා විතාන කියන කොළඹ පීඨයේ වෛද්‍ය ශිෂ්‍යයාව පැහැරගෙන ගිහිල්ලා දස වද දීලා හිසට පරාල ඇන ගසා ඔහු ඇතුලු සගයන් ඝාතනය කර තිබුණා. ඒත් මේ කිසිදු මර්දනයකිින් සිසුන්ගේ, අරගලය නතර කරන්න පුළුවන් වුණේ නැහැ. නිවට පාලකයන් අවසානයේ දන නැමුවා. ශිෂ්‍ය පරපුරත්, මෙරට ප්‍රගතිශීලී ජන බලවේගත් ජයග්‍රහණය කළා. ඒක තමයි ඉතිහාසය.


සඳුනිකා කුෂානි උපවංශ