මහින්දගේ බල වියරුව භීෂණය වපුරයි

elephant
බැඳුම්කරයේ සියලු පව් රවීගේ කරට
November 7, 2017
වැඩපිළිවෙළට තවත් රුපියල් කෝටි
ග්‍රාම ශක්තියෙන් ජනපති දියණියට කෝටි 600ක්!
November 7, 2017
Show all

මහින්දගේ බල වියරුව භීෂණය වපුරයි

මහින්දට මුකවාඩමක්

ජාතිවාදී සහ ආගම්වාදී වෛරය පතුරවමින්, මේ වන විට දේශපාලනයේ යෙදී සිටින මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස තවත් පියවරක් ඉදිරියට තබමින්, දේශපාලන භීෂණයක් ඇති කිරීමට දරන උත්සාහයක ප්‍රකාශ ගණනාවක් පසුගිය සතියේ කර තිබිණි.
මහින්ද පිල වෙනුවෙන් එම ප්‍රකාශ කර තිබුණේ විමල් වීරවංස, විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න සහ විශ්‍රාමික අද්මිරාල් සරත් වීරසේකර යන පුද්ගලයන්ය. මේ අතුරින් කමල් ගුණරත්න සහ සරත් වීරසේකර යුද්ධයෙන් පසුව ද දිගටම ගෝඨාභය රාජපක්ෂ යටතේ සන්නද්ධ බළකායන්ගේ කි්‍රයාකාරකම්වලට එක්ව සිටි දෙදෙනෙක්ය.
විමල් වීරවංස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිඛෙන්නේ ඉදිරිපත් කර තිඛෙන යෝජනා අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත හොත්, උඩින් ගොස් පාර්ලිමේන්තුවට බෝම්බ දමා විනාශ කළ යුතු බවය. කමල් ගුණරත්න නම් පුද්ගලයා ප්‍රකාශ කර තිඛෙන්නේ අලුත් ව්‍යවස්ථාවකට සහයෝගය දක්වන්නන් දේශද්‍රෝහීන් ලෙස නම් කර මරණීය දණ්ඩනය ලබා දිය යුතු බවය. සරත් වීරසේකර නමැත්තා ද ප්‍රකාශ කර තිඛෙන්නේ නව ව්‍යවස්ථාවකට එකඟ වන අය මරා දැමිය යුතු බවයි.
මහින්ද පිිලේ විවිධ පුද්ගලයන් මෙවැනි භීෂණකාරී මත පතුරුවා හරිනු ලබන්නේ 2015 ජනවාරි 09 වැනි දින අලුයම ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කරමින් සිටිය දී කුමන්ත්‍රණයකින් රාජ්‍ය බලය අල්ලා සිටීමට උත්සාහයක් තිබූ බවට බරපතළ පැමිණිල්ලක් තිබියදීය. එවැනි කුමන්ත්‍රණයක් නොතිබූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වගකිව යුතු ආරක්ෂක අංශ මේ වන තුරුත් ප්‍රකාශ කර නොමැති විවෘත තත්ත්වයක් තවමත් පවතී.
එවැනි භීෂණකාරී දේශපාලන මත අඛණ්ඩව පතුරුවා හැරීමෙන් ආරක්ෂක අංශ සහ සිවිල් ජනතාවගේ විඥානයේ නිතැතින්ම භීෂණකාරී දේශපාලන හැඟීම් ඇති වී එය ක්‍රියාවට නැංවීමේ හැකියාව ඉහළය. සිවිල් සමාජ සාමය බිඳවැට්ටවීම සහ වියරු දේශපාලන මනෝභාවයකට කැඳවීමක් ද මෙයින් සිදු වේ. ඉදිරි මැතිවරණ පසුබිමක මෙම ප්‍රකාශවලින් කෙරෙන බලපෑම තවත් ඉහළ මට්ටමක පවතින අතර, රාජපක්ෂ පාලන සමයේ රාජ්‍ය බලය පතුරුවා ඡන්දයට කළ බලපෑම මෙවර පූර්ව මැතිවරණ සමයේ භීෂණයක් පතුරුවා ලබා ගැනීමට උත්සාහ කරන බව මෙයින් සනාථ වේ.


ප්‍රියදර්ශන දයාරත්න