යුනෙස්කෝවට ඇමෙරිකාවෙන් චෝදනා

ස්ට්‍රිasedg
ලෝකයට තවත් ලාබාල නායකයෙක් බිහිවන ලකුණු
November 7, 2017
Federica Mogherini
ට්‍රම්ප් ඉරාන න්‍යෂ්ටික ගිවිසුම විසි කරයි
November 7, 2017
Show all

යුනෙස්කෝවට ඇමෙරිකාවෙන් චෝදනා

බෙdsbv

ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයෙන් (Unesco) ඉවත් විය. එක්සත් ජනපදය එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ ‘යුනෙස්කෝව’ ඊශ්‍රායල් විරෝධීව යමින් පක්ෂග්‍රාහීව ක්‍රියා කරන බවට චෝදනා කරමිනි.
සාමාජික රාජ්‍යයන් 195ක ගෙන් යුත් යුනෙස්කෝ සංවිධානයට බටහිර ඉවුර අල්ලා ගනු ලැබීම සහ ජෙරුසලමේ පුදබිම්හි සිදු කරන ඊශ්‍රායල් ක්‍රියාකාරකම් 2016 වසරේ ඉදිරිපත් කරන ලද යුනෙස්කෝ යෝජනාවක් මගින් දෝෂ දර්ශනයට ලක් කරනු ලැබුණි.
තවද සංවිධානයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව යළි එහි නියෝජනය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා අධීක්ෂණ කණ්ඩායමක් පැරිස් නගරයට යවන බව ප්‍රකාශ කරයි.
එක්සත් ජනපදයේ ඉවත්වීම යුනෙස්කෝව විසින් විග්‍රහ කරනු ලැබ තිඛෙන්නේ ‘එක්සත් ජාතීන්ගේ පවුලට’ සිදු වූ අලාභයක් හැටියටයි. එය ‘බහුපාර්ශ්වීය සබඳතා කෙරෙහි අත් වූ හානියක්’ වන බවත් යුනෙස්කෝ ප්‍රකාශනයේ දැක්වෙයි.
‘යුනෙස්කෝ සංවිධානයේ ප්‍රධානී ඉරිනා බොකෝවා (Irina Bokova) ඇමෙරිකාව ගත් තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින්, එම ඉවත්වීම ‘බෙහෙවින් කනගාටුදායක’ සිදුවීමක් බව කියා සිටියාය. කෙසේ වුවද, පසුගිය වසරවල යුනෙස්කෝව තුළට ‘දේශපාලනය’ බලපෑම් එල්ල කළ බවත් ඇය පෙන්වා දෙන්නීය. මේ තත්ත්වයන් හමුවේදී තමන් ද යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත්වන බව ඊශ්‍රායලය විසින් ද ප්‍රකාශයට පත් කරනු ලැබීය.


ධනංජය සූරියබණ්ඩාර