ලෝකයට තවත් ලාබාල නායකයෙක් බිහිවන ලකුණු

ලුsdg
අප්‍රිකානු කලාපය තුළ බරපතළ මානවීය අර්බුදයක්
November 7, 2017
බෙdsbv
යුනෙස්කෝවට ඇමෙරිකාවෙන් චෝදනා
November 7, 2017
Show all

ලෝකයට තවත් ලාබාල නායකයෙක් බිහිවන ලකුණු

ස්ට්‍රිasedg

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමග තවදුරටත් සන්ධාන ආණ්ඩුවේ රැඳී සිටීම සෙබස්තියන් කර්ස් ප්‍රතික්ෂේප කිරීම හමුවේ හදිසි මහ මැතිවරණයක් කැඳවීමත් සමඟ පසුගිය ඔක්තෝබර් 15 වෙනිදා පැවැත්වූ නිල නොවන ප්‍රතිපල අනුව ඔස්ට්‍රියාවේ ගතානුගතික ජනතා පක්ෂයේ නායක සෙබස්තියන් කර්ස් ජය ගනු ඇතැයි වාර්තා වේ. එය එසේ සිදු වුවහොත් ලෝකයේ ලාබාලතම ජාතික නායකයා බවට ඔහු පත්වන බව සඳහන්ය.
31 හැවිරිදි සෙබස්තියන්ගේ නායකත්වයෙන් යුත් ජාතික පක්ෂය මහ මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද වලින් 31.5%ක් ලබා ගනු ඇතැයි විශ්වාස කෙරේ. එම ප්‍රතිඵල අනුව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට 27.1%කුත්, අන්ත දක්ෂිණාංශික නිදහස් පක්ෂයට 25.9%කුත් හිමි කර ගැනීමට සමත් වී ඇත.
ජනතා පක්ෂයට බහුතර බලයක් අහිමි හෙයින් සංක්‍රමණිකයන්ට එරෙහිව ප්‍රබල ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළ නිදහස් පක්ෂය සමග සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම පිණිස උත්සාහ දරණු ඇතැයි විශ්වාස කෙරේ.
සංක්‍රමණිකයන් සම්බන්ධ ප්‍රශ්නය මෙවර මහ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධානම මාතෘකාවක් වී තිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙසින් වසර ගණනාවකට පසුව නිදහස් පක්ෂයට යළිත් වරක් ආණ්ඩුවට සම්බන්ධ වීමේ අවස්ථාව උදා වී තිබේ.
පසුගිය දෙසැම්බර් මාසයේ පැවති ජනපතිවරණයේදී ජනාධිපති පදවියට පත්වීමේ අවස්ථාව නිදහස් පක්ෂයේ නායකයාට අහිමි වූයේ ඉතා සුළු ඡන්ද ප්‍රතිශතයකිනි. එහිදී නිදහස් පක්ෂයේ අපේක්ෂක නෝබට් හොෆර් (Norbert Hofer) පරාජය කරමින් හරිත පක්ෂයේ නායක ඇලෙක්සැන්ඩර් වැන්ඩර් බෙලන් (Alexander Van der Bellen) ජනපති පදවියට තේරී පත්වූයේ 53%ක් ඡන්ද ලබාගනිමිනි.
ඕස්ට්‍රියාවේ මහ මැතිවරණය පැවැත්වෙන්නේ 2015 සිට යුරෝපය වෙත ගලා එමින් සිටින සංක්‍රමණිකයන් පිළිබඳව යුරෝපය පුරා විරෝධයක් මතුවෙමින් පවතින අවස්ථාවකය. එම විරෝධය හේතුවෙන් පසුගියදා ජර්මනියේ පැවති මහ මැතිවරණයේදී ද අන්ත දක්ෂිණාංශික පක්ෂ ඉදිරියට පැමිණියේය. නිල නොවන ප්‍රතිඵල සනාථ වුවහොත් එය ඕස්ට්‍රියා දේශපාලනයේ ප්‍රබල වෙනසක් සනිටුහන් කරන්නක් බවට අනාවැකි පළ වේ.
ඇතැම් දේශපාලන විචාරකයෝ එම්මානුවෙල් මැක්‍රෝන් සහ ජස්ටින් ට්රූඩෝ යන ප්‍රංශයේ හා කැනඩාවේ තරුණ නායකයන් සහ සෙබස්තියන් කර්ස් සංසන්දනය කරති.


ධනංජය සූරියබණ්ඩාර