සෝවියට් සුවඳ සදා සුවඳක් මැයි

dtjktyk
සමාජ ධුර නාම අහෝසි කෙරේ…
November 7, 2017
ශ්‍රීපාදයේ කුණු කඳු නාය යයි
ශ්‍රීපාද පිවිසුම් මඟ නාගරික සංවර්ධන අධිකාරියට
November 7, 2017
Show all

සෝවියට් සුවඳ සදා සුවඳක් මැයි

ක්ස්ගේssdegsed

ලොව ප්‍රථම වැඩකරන පන්ති රාජ්‍ය වූ සෝවියට් සංගමයේ බිඳ වැටීම භූමිකම්පාවක් මෙන් මා සිත බලවත් සේ කම්පාවට පත් කළේය. එය ලොව පුරා විසූ සකල නිර්ධනින්ගේම පොදු වේදනාව විය. මිනිස් ප්‍රජාව විශ්වාස නොකළ තරම් සිද්ධියක් වූ සෝවියට් සංගමයේ බිඳ වැටීම නිසා හට ගත් සංත්‍රාසයෙන් පෙළෙන මගේ සිත කිසියම් අස්වැසිල්ලක් සොයා මා මගේ පුස්තකාලය වෙත කැඳවාගෙන යයි. මම මෙතෙක් මගේ පුස්තකාලයේදී මාක්ස්, එංගල්ස්, ලෙනින් ආදී ප්‍රාඥයන්ද, ටෝල්ස්ටෝයි, පුෂ්කිං, චෙකොෆ්, ගෝර්කි ආදී ලේඛකයන්ද හමු වී සමාජවාදය ගැනත්, මිනිසාගේ දහදිය හා කඳුළ සාධාරණ ලෙස කිරා මැන බැලිය හැකි ක්‍රම හා විධි ගැන ඔවුන්ගෙන් උපදෙස් ලැබීමට පුරුදුව සිටියෙමි. හදිසි අනතුරක් මෙන් සෝවියට් සංගමය නැමති මහා මානව යෝධයාගේ ඇද වැටීමට කුමක් හේතු වීදැයි අසා දැන ගැනීමේ සිතින් මම මගේ පුස්තකාලයට දිව ගියෙමි. මා ඉහතින් සඳහන් කරන ලද සමාජ ප්‍රාඥයන් හැරෙන්නට මෙහිදී පහත සඳහන් ග්‍රන්ථ අපරාජිත මහා පුරුෂයන් මෙන් මා දැනුම්වත් කරයි. ඒ පොත් මෙසේය.
01. ලොව හෙල්ලු දස දවස – ජෝන් රීඩ්
02. රුසියානු ශෝකාන්තය හෙවත් උතෝපියාවේ අවසානය – ඇලෙක්සන්දර් සිතොසියෙෆ්
03. සෝවියට් දිවියක මතක සුවඳ – ඉරිනා මලෙන්කෝ
04. සෝවියට් දේශයේ බිඳ වැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුුදය – ජනතා විමුක්ති පෙරමුණ
ලොව හෙල්ලු දස දවස හෙවත් Ten Days That Shook the World නැමති ඇමෙරිකානු මාධ්‍යකරුගේ සත්‍ය වාර්තාව පමණක් නොව එය පසසමින් ලෙනින් සහ කෘෘස්කයා විසින්ද ලියන ලද පෙරවදන් කිව හැකිිය. 1922 පළවූ Ten Days That Shook the World නැමති ජෝන් රීඩ්ගේ ග්‍රන්ථයට පෙරවදනක් සැපයූ වී.අයි. ලෙනින් මෙසේ සඳහන් කළේය.
‘මෙම පොත සියලු භාෂා වලට පරිවර්තනය කොට පිටපත් මිලිියන ගණනින් බෙදා හරිනු ලැබීමට මම කැමැත්තෙමි. මන්ද කම්කරු විප්ලවය යනු කුමක්ද? කම්කරු ආඥාදායකත්වය යනු කුමක්ද? යන කාරණා වටහා ගැනීමට ඉතාම වැදගත් වන සිද්ධිවල අසාමාන්‍ය ජීවමාන හා සත්‍ය විස්තරයක් ඉදිරිපත් කරන නිසාය. මෙකල එම ප්‍රශ්නය ඉතා පුළුල් ලෙස සාකච්ඡාවට භාජනය වෙමින් පවතින අතර, එම සංකල්පයන් පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට පෙර ස්වකීය තීරණයේ සැබෑ අර්ථය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. ලෝක කම්කරු ව්‍යාපාරයේ මූලික ගැටලුව වශයෙන් පවතින මේ ප්‍රශ්නය පැහැදිලි කර ගැනීම සඳහා ජෝන් රීඩ්ගේ මෙම කෘතිය උපකාරී වන්නේය’ (වී.අයි.ලෙනින්)
ලෙනින්ගේ පක්ෂය වූ සෝවියට් කොමියුනිස්ට් පක්ෂය සාර් පාලනය බිඳ දමා වැඩකරන පන්තියේ ප්‍රථම රාජ්‍ය ගොඩනැගීමට දායක වූ සැටි ජෝන් රීඩ් අපට නැවත නැවතත් සහෝදරාභිමානයෙන් කියා දෙයි. ලොව හෙල්ලු දස දවස, දවසින් දවස සිද්ධීන් හදාරන මා සිත ඊළඟට ඇදී යන්නේ මෑතකදී පළ වූ රුසියානු ශෝකාන්තය හෙවත් උතෝපියාවේ අවසානය නැමති ග්‍රන්ථය වෙතය. මෙම පොතේ කතුවරයා වූ ඇලෙක්සැන්දර් සිතෝසියෙෆ් සෝවියට් සංගමයේ විසූ සම්මානනීය ලේඛකයෙකු සහ විද්‍යාඥයෙකු විය. සෝවියට් දේශය ඇද හැලීමෙන් පසු දුක්ඛිත හිඟන රාජ්‍යයක් වන් ඊනියා රුසියාවේ සැබෑ චිත්‍රයක් අපට ඔහු වෙතින් දැන ගැනීමට ලැඛෙයි.
1917දී සාර් රුසියාව බලයෙන් පහ කෙරුණු විට සාර් පාක්ෂිකයන් පමණක් නොව ඇතැම් සාමාන්‍ය බුද්ධිමතුන්ද ලේඛක කලාකරුවෝද බටහිරට පැන ගියහ. ලෙනින් ඔවුන් අමතා සාර්ගෙන් විනාශ වූ රුසියානු සමාජය සමාජවාදය කරනු පිණිස ආපසු පැමිණෙන්නැයි ඔවුන්ට ආරාධනා කළේය. එය විශ්වස කළ රුසියානු බුද්ධිමතුන් ලේඛක කලාකරුවන් ආදීහු උදාර සෝවියට් දේශය ගොඩනැගීම පිණිස ආපසු පැමිණියෝය.
සෝවියට් සංගමය බිඳ වැටුණු විටද සෝවියට් පුරවැසියන්ගෙන් විශාල පිරිසක් බටහිරට ගියහ. ඔවුන් එසේ ගියේ සෝවියට් දේශයේ හා සමාජවාදයේ් සතුරන්ගෙන් සන්තෝසම් ලබා ගැනීමට නොවේ. තමන් ප්‍රේම කළ, තමාගේ දහදියෙන් ගොඩනැගුන සමාජවාදී රාජ්‍ය ඇද වැටීම නිසා හටගත් වේදනාව නිසාය. සෝවියට් සංගමය බිඳ වැටෙන විට යොවුන් වියේ ගත කළ සෝවියට් දැරියක වූ ඉරිනා මලෙන්කෝද තම පවුලේ වැඩිහිටියන් සමග බටටහිරට ගියාය. පිරිහීමට පත්ව තිබුණු බටහිරට ගිය ඇය එහි සිට තමා සෝවියට් ජීවිත කාලය තුළ විඳි සැප සොම්නස් සිය මතකයේ සුවඳක් කර ගනිමින් තුන් ඈදුතු නව පොතක් නිර්මාණය කළාය. ‘රුසියානු ශෝකාන්තය’ මගින් රුසියාවේ සෝවියට් වැඩිහිටියන් තමන්ව තම ජනයා විසින් දහදියෙන් හා කඳුලෙන් නිර්මාණය කරන ලද උත්තර රාජ්‍ය (උතුරු කුරු රාජ්‍ය) අහිමි වීමේ වේදනාව සෝවියට් වැඩිහිටියෙකුගේ ශෝකාන්තයක් මෙන්ම සෝවියට් යෞවනියක වූ ඉරිනා මලෙන්කෝගේ ‘සෝවියට් දිවියක මතක සුවඳ’ පශ්චාත් සෝවියට් තරුණ හදවත්හි උතුරා යන සුබවාදී චින්තනයත් අප සිත්හි ප්‍රබල ලෙස වගා කිරීමට සමත් වී ඇත.
‘සෝවියටිකා’ නමින් ඉංග්‍රීසියෙන් පළ වූ තම පොතේ ඉංග්‍රීසි පරිවර්තනයට පෙරවදනක් සපයන ඉරිනා මලෙන්කෝ මෙසේ කියයි.
‘වසර විස්සකට වැඩි මගේ පිටුවහල් ජීවිතය ඊනිියා නිදහස් ලෝකය හා අපේ සෝවියට් යථාර්ථය පූර්ණ වශයෙන් සැසඳීමේ අයිතියක් මා හට ලබා දී තිබේ. මේ සන්සන්දනය කලින් කී කොටසට දිරවා ගන්නට නොහැකිය. සැබැවින්ම මෙය සමහරෙකු අසන්නට කැමති දෙය නොවේ. බටහිරයන් අපේක්ෂා කරන්නේ අප සත්වෙනි දෙලොවෙහි කිරි හා පැණි ගංඟා අතර ගොඩබැස ඇති සේ සිතනු ඇති බවය. අපට මෙහි දැනෙන දෙයත් ක්‍රමය පිළිබඳව අප සිතන දෙයත්, අප මෙහි පැමිණි ආකරයත් පිළිබඳව සැබැවින්ම උගන්වන්නේ මිනිස්සු කිහිප දෙනෙකි.
ධනවාදය තනි වචනයකින් විස්තර කරන ලෙස මගෙන් ඉල්ලා සිටිනු ලැබුවහොත් නිසැකවම මා තෝරාගන්නේ ‘තිරිසන්කම’ යන වදනය. මෙම පශ්චාත් සෝවියට් රුසියාවට සහ එහි අත්තනෝමතික උපදේශකයාට ඊනියා සංවර්ධන රටවලට සම්පූර්ණයෙන් අදාළය.’ (සෝවියට් දිවියක මතක සුවඳ – ඉංග්‍රීසි පෙරවදන)
සෝවියට් නැමති උත්තර භාෂිතයට නිගා කරනු පිණිස විශේෂයෙන් රුසියාවේ වසන සමාජවාදයේ සතුරන් විසින් ‘සවොක්’ යන අපහාස වදන බහුල ලෙස වහරන්නට පොළඹවන ලද්දේය. සෝවියට් සංගමය බිඳ වැටීමෙන් උදම් වූ සෝවියට් විරෝධී ප්‍රතිගාමී
කොටස් සෝවියට්වරුන් සවොක්ලා ලෙස හඳුන්්වන්නට පෙළඹුනහ. මොවුන්ගේ මෙම නින්දාචාරී හැසිරීම සෝවියට්වරුන්ගේ කෝපයටත්, සාමාන්‍ය රුසියන් ජනයාගේ පිළිකුලටත් හේතු විය.
සෝවියට් සංගමය ඇද හෙළීමේ කුමන්ත්‍රණයක් සෝවියට් පාලනයේ ඇතැම් දුර්වලකම් අවධාරණය කරමින් රචිත රුසියානු ශෝකාන්තය හෙවත් ‘උතෝපියාවේ අභාවය’ නැමති කතාවේ කතුවර විද්‍යාඥයෙකු වූ ඇලක්සැන්දර් සිනොවියෙෆ් සෝවියට් විරෝධීන් විසින් වහරන ලද අපහාස වදන ගැන මෙසේ කියයි.
සෝවියට් යුගයේ ගොඩනැගී තම ජීවිත කාලයෙන් අඩු හෝ වැඩි කාලයක් එම යුගයේ ගත කළ පරම්පරාවේ නියෝජිතයන් වර්තමානයේ ‘සවොක්’ යන නමින් හඳුන්වනු ලැබේ. මෙම වචන භාවිතය කරනු ලබන්නේ සෝවියට් යුගයට සහ එමගින් බිහි කරන ලද මිනිසුන්ට ගැරහීමක් වශයෙනි.
ඊට අමතරව ‘කොමුනියාක්’ යන වචනයද භාවිතා කරනු ලැබේ. සෝවියට් යුගය පිළිබඳව සාංකාවෙන් පසුවන සෝවියට් (කොමියුනිස්ට්) චිින්තනයට තව දුරටත් යෙල්ට්සින් හා ගර්බචොක් සෙලන්ඩින්ගේ කාලයේ සිදු වූ කොමියුනිස්ට් විරෝධී පෙරළියේ ප්‍රතිඵල පිළිනොගන්නා සවොක්වරුන් එයිින් අදහස් කෙරේ.
සවොක්වරුන්ගේ නිහඩතාවය මත සෝවියට් දේශයේද රුසියාවේ සහ පැරණි සෝවියට් දේශයට අයත්ව තිබූ වෙනත් ප්‍රදේශවලද සෝවියට් සමාජ ක්‍රමය බිඳ දමන ලදී. මමද එම සවොක්වරුන්ගේ ගණයට අයත් වෙමි. ගර්බචොෆ් යෙල්ට්සින්ගේ කාලයේදී සිදු වූ දේවල් සාධාරණීකරණය කිරීමට හැකි සෑම දෙයක්ම ගෙන හැර දක්වමින් හා නිර්මාණය කරමින් සිටි මම එම සත්‍ය පිළිගැනීමට අද දක්වාම බිය වීමි. එහෙත් අවුරුදු තිහකට වඩා වැඩි කාලයක් මා වැඩ කළ පුද්ගලීකරණය කිරීමට හා ප්‍රතිසංවිධාන කිරීම නිසා මගේ සේවය තවදුරටත් අවශ්‍ය නොවන බව මට දන්වන ලදී. එහෙත් නිල වශයෙන් දැන් වූ විට මරණ දඩුවම නියම කළාක් මෙන් මට දැණුණි.
විරැකියාව! සෝවියට් දේ්ශය ජීවත් වූ කාලය පුරාවට සවොක්වරයෙකුට මෙන් මටද කිසිදාක රැකියා විරහිතව සිටීමට සිදුවී යයි යන සිතුවිල්ලක් හෝ පහළ නොවීය. අවම වශයෙන් උපකල්පනයක් වශයෙන් හෝ සිතට නොආවේය. මම දැන් විරැකියාව
සුව කළ නොහැකි රෝගයක් ලෙසින් දකිමි. එය සුවිශේෂ ගණයක රෝගයකි. එය සමාජීය රෝගයකි. එයට ඛෙහෙත් නැත. එසේම ඛෙහෙත් කිසිදාක ලැඛෙන්නේද නැත. (රුසියානු ශෝකාන්තය පොතේ උතෝපියාවේ අභාවය – පිටුව 19)
සාර් රුසියාවේ සමාජවාදී – සෝවියට් රාජ්‍යයක් බිහි වීමේ අනුරූපී පසුබිමක් තිබිණි. ලොව කැළඹූ දස දවස ලියූ ජෝන් රීඩ් එම ග්‍රන්ථයේ උප ග්‍රන්ථයක මෙසේ කියයි.
‘සිියවස් ගණනාවක සාර් රජවරුන්ගේ අත්තනෝමතික කෘෘර මර්දනකාරී පාලනය නිසා විසිවන සියවස ආරම්භ වන විට රුසියාව අනෙකුත් රටවලට වඩා බොහෝ පසුගාමී තත්ත්වය පසු විය. දුප්පත්කමත්, නූගත්කමත්, සූරාකෑමට භාජනය වීමත් නිසා සමස්ත ගොවි කම්කරු ජනතාව අන්ත දුක්ඛිත තත්ත්වයකට පත්ව සිටියහ. එමගින් සමාජවාදී හා මාක්ස්වාදී අදහස් රෝපණය වී රට පුරා ව්‍යාප්ත වීමට සුදුසු සරු පසක් නිර්මාණය වී තිබිණි.’ (ලොව හෙල්ලු දස දවස – පිටුව 414)
සෝවියට් සංගමය බිඳවැටීම සැමරීමේ උත්සවයක් මෙයට මාස කිහිපයකට පෙර කොළඹ පැවැත්වුණි. එහි සංවිධායකයන් කවුරුන්දැයි හෙළි නොවූ එම සමරු උත්සවයේ ප්‍රථම දේශනය කරන ලද්දේ අගමැති රනිල් වික්‍රමසිංහ විසිනි. ඔහුගේ් බසින් පළ වූයේ සෝවියට් සංගමයේ බිඳ වැටීම පිළිබඳ උද්දාමය පමණකි. මෙරට ධනපති පන්තියේ නියෝජිතයා වන රනිල් වික්‍රමසිංහගේ පරපුරම පවා ලොව ප්‍රථම වැඩකරන පන්තියේ රාජ්‍යයට වෛර කළ රළු හිතින් යුක්තය. රනිල් වික්‍රමසිංහලාගේ ජාත්‍යන්තර හාම්පුතුන්ට සෝවියට් සංගමය පෙරලන්නට ලැබීම උදානයක් වුවත් 1917 ඔක්තෝබර් විප්ලවය විසින් සනාථ කරන ලද විප්ලවීය ක්‍රියාදාමය ආපසු හැරුණේ නැත. මෙය වූ කලී තවත් මහා ජයග්‍රහණයක් සනිටුහන් කරන පරාජයක් පමණක් විය හැකිය.
මෙම ‘බිඳවැටීම’ නොනැගිටීමක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ විසින් ප්‍රකාශිත සෝවියට් දේශයේ බිඳ වැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය නැමති මා හැඟි ග්‍රන්ථයෙන් සනාථ වෙයි. එය සැබැවින්ම ඉතා ප්‍රඥස්ත ගැඹුරු විමර්ශනයක් මෙන් අප දැනුම්වත් කරවයි. ‘නියමුවා’ ප්‍රකාශනයක් මෙන් ප්‍රකාශිත ඉහත සඳහන් ග්‍රන්ථය සෝවියට් ශෝකාන්තයෙන් මිලින වූ කවරෙකු විසින් හෝ කවර සංවිධානයක් විසින් හෝ එය පර්යේෂණාත්මක ලෙස ධාරණය කර ගත යුතු තරමේ ගැඹුරු සමූහ මත සංග්‍රහයක් මෙන් මම එය හිස නමා අගය කරමි.
‘සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය’ නැමති මා හැඟි විචාරය කියවන මගේ සිත පහත සඳහන් උපුටනය ඔබ වෙත ඉදිරිපත් කිරීමට පෙළඹෙයි. එය මෙසේය,
‘… තවද සමාජවාදී කඳවුරේ බිඳ වැටීමෙන් දශක දෙකක් ගතවීමටත් පෙර 2008 සැප්තැම්බරයේදී එක්සත් ජනපදයෙන් ඇරඹී ලොව පුරා හඹා යමින් තිඛෙන ධනවාදයේ විසඳිය නොහැකි අර්බුදය යළි සමාජවාදය වෙත ජනතාවගේ බලාපොරොත්තු දැල්වීමට හේතු වී තිබේ. ධනවාදයේ කඩාවැටීම ඇරඹුන වසරේ බටහිර රටවල වැඩියෙන්ම අලෙවි වූ පොත් අතර ඉහළින්ම මාක්ස්ගේ දාස්කැපිටල් (ප්‍රාග්ධනය) පොත දක්නට ලැබීමෙන් එය වඩාත් පැහැදිලි වේ. ධනවාදය කඩා වැටීම සමාජවාදී පරිවර්තනයකට පෙරවදන බවට පත්ව තිබුණද කලින් පැවති සමාජවාදී කඳවුර බිඳදැමීම විසින් සමාජය තුළ තහවුරු වී ඇති විවිධ නිර්මාක්ස්වාදී සහ අවිද්‍යාත්මක මත නූතන සමාජවාදී සමාජයක් නිර්මාණය කිරීමට බාධාවක්ද වී තිබේ. එනිසා මේ තීරණාත්මක මොහොතේදී ‘සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුර වැටුණේ ඇයි?’ යන්න පිළිබඳවත් සමාජවාදය යනු කුමක්ද? කරුණු පිළිබඳවත් විද්‍යාත්මක විධික්‍රමයක් මත පිහිටා (මාක්ස් – ලෙනින්වාදී දැක්මක් මත පිහිටා) කරගනු ලබන නිවැරදි විග්‍රහයක් අත්‍යවශ්‍ය වන්නේය. මේ ගනු ලබන උත්සාහයද ඒ සඳහාය.’ (සෝවියට් දේශය බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය – පිටුව 11)


ගුණසේන විතාන