හෙවෙස්ස විදුහලේ ප්‍රධාන ශාලාව වැඩකට ගන්න බැහැ

xdgtmkz
දෙමළ පන්ති පවත්වන්න ආණ්ඩුවෙන් එකඟ වෙයි !
November 7, 2017
ස්ත්‍රිsdvg
නාඋල රිලව් සහ බලධාරීන්ගේ රිලා නැටුම්
November 7, 2017
Show all

හෙවෙස්ස විදුහලේ ප්‍රධාන ශාලාව වැඩකට ගන්න බැහැ

හෙවෙස්ස විදුහලේ

හෙවෙස්ස කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ වහලය රුපියල් ලක්ෂ දහයක් යොදවා අලුත්වැඩියා කළ ද, ඒ සමීපයේ ඇති පස් කන්ද නාය යෑමේ අවදානම හේතුවෙන් කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකිව අතහැර දැමීමට සිදු වී ඇති බව දෙමව්පියෝ පවසති.
මේ හේතුවෙන් සිසු දරුවන්ට මහත් දුෂ්කරතාවයක් විඳීමට සිදු වී ඇති අතර, මෙම ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය පන්ති කාමර ගුරු විවේකාගාරවල සහ එළිමහනේ පවත්වාගෙන යාමට සිදු වී ඇත. නමුත්, මේ දිනවල පවතින අධික වැසි හේතුවෙන් එළිමහනේ පන්ති පැවැත්වීමටද නොහැකි වී තිබේ.
පාසල් සංවර්ධන සමිතියේ ලේකම් වයි. අජිත් මහතා පවසන්නේ, ගොඩනැගිල්ලේ වහලය මුළුමනින්ම ඉවත් කර යකඩ බාල්ක දමා අලුත්වැඩියාව සිදු කරන විට විදුහලේ හිටපු විදුහල්පතිවරයා සහ දෙමව්පියන් ගොඩනැගිල්ලට යාබදව ඇති පස් කන්ද ඉවත් නොකර මේ අලුත්වැඩියාව කිරීමෙන් පලක් නොවන බව පෙන්වා දුන් නමුත්, ඒ පිළිබඳව අදාළ බලධාරීන් සැලකිලිමත් වූයේ නැති බවයි.
‘වැසි කාලයේදී ගොඩනැගිල්ල මැද්දෙන් වතුර උල්පත් මතුවෙලා ගලාගෙන යනවා. ඒ නිසා දරුවන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛ තැන දීලා දරුවන්ව මේ ස්ථානයෙන් ඉවත් කරලා තිඛෙනවා’ යයි ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
මතුගම ඉංජිනේරු කාර්යාලයේ නිලධාරියෙක් පවසන්නේ මෙහි ඉතිරි කටයුතු සඳහා ඉදිරියේ දී තවත් මුදල් ලැබීමට නියමිත බවයි.
එහෙත්, මතුගම අධ්‍යාපන කලාපයේ සැලසුම් අධ්‍යක්ෂ ඩැනී ගුණසේන මහතා පවසන්නේ මෙම ගොඩනැගිල්ලට පස් කන්දේ අවදානම තිඛෙන නිසා ගොඩනැගිල්ලේ වහලයේ කොටසක් ප්‍රතිසංස්කරණය තාවකාලිකව නවත්වා ඇති බවයි. එසේම ඉදි කිරීම් සඳහා ඉතිරි මුදල් ද මේ වන විටත් ලැබී තිඛෙන බව පවසන ඒ මහතා ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධීක්ෂණයෙන් අනතුරුව අවදානම් පස් කන්ද ඉවත් කිරීම සිදු කරන බවද පවසයි.
කෙසේ වෙතත් අදාළ ගැටලුව සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කර අවසන් විසඳුමකට පැමිණ නැති බව දෙමව්පියන්ගේ අදහසයි.


විශ්ව ගැමුණු පියංකර