උතුරු කොරියානු අවි ඉදිරියේ ඇමෙරිකාව බිය වෙයි

fgtmksty
නව යුගයක සැලසුම් මැද චීන කොමියුනිස්ට් පක්ෂ සමුළුව නිම වෙයි
November 14, 2017
b
තරුණ නායකත්වයකින් නවසීලන්තයේ සන්ධාන ආණ්ඩුවක්
November 14, 2017
Show all

උතුරු කොරියානු අවි ඉදිරියේ ඇමෙරිකාව බිය වෙයි

a

එක්සත් ජනපදයට න්‍යෂ්ටික මිසයිලයකින් පහර දීමේ හැකියාවේ මස්තකයටම උතුරු කොරියාව පැමිණ ඇති බව CIA රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂ මයික් පොම්පෙඕ අනතුරු අඟවයි.
වොෂින්ටන් පාලනය තවමත් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සහ සම්බාධක කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන නමුත් අවශ්‍ය වුවහොත් හමුදාමය පියවරක් ගැනීම ද, තෝරාගතහැකි අංගයක් ලෙස පවතින බව ඔහු අවධාරණය කළේය.
උතුරු කොරියානු මිසයිල විශේෂඥයන් මේ වන විට කඩිනමින් ඉදිරියට යමින් සිටින හෙයින් සිය ඉලක්කය සපුරා ගන්නා මොහොත පිළිබඳව ස්ථීර අදහසක් ලබාගැනීම ඇමෙරිකානු ඔත්තු සේවාවන්ට දුෂ්කර වී ඇති බවද CIA අධ්‍යක්ෂවරයා පැවසීය. ඔහු මේ බව වොෂින්ටනයේදී කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව සඳහා වන පදනමේ රැස්වීමක් අමතමිනි.
උතුරු කොරියාව සමඟ පවතින මතභේදය රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීම ජනාධිපති ට්‍රම්ප්ගේ අවශ්‍යතාව බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පසුගිය සතියේ ද අවධාරණය කර සිටියේය.


ධනංජය සූරියබණ්ඩාර