ජනපතිගේ සයිටම් විසඳුමට වෛද්‍ය නිලධාරීන්ගේ විරෝධය

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ
ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජකාරී ප්‍රමාදයෙන් සේවකයන්ට බාධා
November 14, 2017
සංචාරක කර්මාන්තයේ හෝටල් සේවකයන්ගෙන් අයවැය යෝජනා
සංචාරක කර්මාන්තයේ හෝටල් සේවකයන්ගෙන් අයවැය යෝජනා
November 14, 2017
Show all

ජනපතිගේ සයිටම් විසඳුමට වෛද්‍ය නිලධාරීන්ගේ විරෝධය

saim iii

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සයිටම් ගැටලුවට නිශ්චිත විසඳුමක් ලබාදෙන බව පැවසුවද ලබාදීමට සූදානම් වන්නේ සයිටම් අහෝසි කිරීමේ විසඳුමක් නොවන බව පෙනී යන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා මේ බව අනාවරණය කළේ පසුගිය 22 එම සංගම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ ජයන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පුන පුනා ප්‍රකාශ කරන්නේ සයිටම් අහෝසි නොකරන බවයි. අධිකරණ තීන්දුව අනුව කටයුතු කරන බවද පවසමින් අමාත්‍යවරයා ජනතාව නොමග යවමින් ඇත. සයිටම් සම්බන්දයෙන් අධිකරණ තීන්දුව වන්නේ අදාළ වෛද්‍ය සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ යුතු බවයි. එම තීන්දුව සයිටම් අහෝසියට බාධාවක් නොවේ. සයිටම් අරගලය නිර්මාණය වී ඇත්තේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට විරුද්ධවයි. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සයිටම් ආරක්ෂා කිරීම බැවින් මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතළ කඩාවැටීමකට ලක්ව ඇති බවත්. වෛද්‍ය අධ්‍යාපනය වසරකට ආසන්න කාලයක් ඇන හිට තිබීම නිසා සීමාවාසීක වෛද්‍ය සේවා, ස්ථානමාරු ආදී ගැටලු රැසක් මත ඉදිරියේදී සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීමකට ලක්විය හැකි බවත් ජයන්ත බණ්ඩාර මහතා පවසයි. ජනාධිපතිවරයාගේ, ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ, රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ වුවමනාවන් මත මේ ගැටලුව තවත් වර්ධනය කරමින් ඇති බවත් සයිටම් ආයතනය තුළ දැවැන්ත මුදල් ජාවාරමක් සිදුවන බවත් පවසන බණ්ඩාර මහතා සයිටම් අහෝසි කිරීමකින් මෙපිට විසඳුමකට තමන් එකඟ නොවන බවත් සයිටම් අහෝසිය දක්වා අරගලය ගෙන බවත් පවසයි.


එස්. කේ. ගමගේ