තරුණ නායකත්වයකින් නවසීලන්තයේ සන්ධාන ආණ්ඩුවක්

a
උතුරු කොරියානු අවි ඉදිරියේ ඇමෙරිකාව බිය වෙයි
November 14, 2017
c
සතියක් ඇතුළත දෙසීයක් මරුට
November 14, 2017
Show all

තරුණ නායකත්වයකින් නවසීලන්තයේ සන්ධාන ආණ්ඩුවක්

b

ජසින්ඩා ආඩර්න්ගේ නායකත්වයෙන් වාමාංශයට ලැදි නව ආණ්ඩුවක් පිහිටුවීමට නවසීලන්තයේ ලේබර් පක්ෂය සූදානම් වෙයි. පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති මහ මැතිවරණයේ දී කිසිදු දේශපාලන පක්ෂයකට බහුතර බලයක් හිමි නොවූ අතර, ලේබර් පක්ෂය දෙවෙනි ස්ථානයට පත්විය. ලේබර් පක්ෂයේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවකට එක්වීමට New Zealand First  නම් කුඩා පක්ෂය එකඟතාව පළ කිරීමෙන් අනතුරුව ලේබර් පක්ෂය දැන් නව ආණ්ඩුවක් පිහිටුවීමට සැරසේ.
සාර්ථක මැතිවරණ ප්‍රචාරයක් දියත් කිරීමට සහ දේශපාලන සම්මුතියක් ඇති කර ගැනීමේ සිය හැකියාව ජසින්ඩා ආඩර්න් (Jacinda Ardern) දැනටමත් ප්‍රදර්ශනය කර තිබේ.
ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධ අර්බුදයේදී තමන්ට එරෙහිව කුමන්ත්‍රණයක නිරතව සිටින බවට ඕස්ට්‍රේලියානු ආණ්ඩුව මීට ඉහතදී නවසීලන්ත ලේබර් පක්ෂයට චෝදනා කළේය. මේ තත්ත්වය යටතේ යළිත් වරක් ඕස්ට්‍රේලියාව සමග සබඳතා තර කර ගැනීම ඇය මුහුණ දෙන අභියෝගයකි.
එහෙත් ඒ සියල්ලටම වඩා බරපතළම අභියෝගය විය හැක්කේ නව සන්ධාන ආණ්ඩුව දිගටම පවත්වා ගැනීමය. ජසින්ඩා ආඩර්න් අගමැතිවරිය යටතේ නව උප අගමැති ලෙසින් පත්වනු ඇතැයි අපේක්ෂිත වින්ස්ටන් පීටර්ස් (Winston Peters) හරිත පක්ෂය දැඩිව විවේචනය කරන්නෙකි. එහෙත් නව සන්ධාන ආණ්ඩුව පවත්වා ගැනීම පි‚ස හරිත පක්ෂයේ සහාය අත්‍යවශ්‍ය සාධකයකි.
ලේබර් පක්ෂයේ මූලිකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලැබීම භාග්‍යයක් ලෙසින් සලකන බව සන්ධාන සම්මුතිය නිවේදනය කිරීමෙන් අනතුරුව වාර්තාකරුවන් අමතා ජසින්ඩා ආඩර්න් කියා සිටියාය. සිය මැතිවරණ පොරොන්දු ඉටු කිරීම පිණිස උපරිම උත්සාහ දරන බවට ද ඇය ප්‍රතිඥා දුන්නාය.


ධනංජය සූරියබණ්ඩාර