තිසා වැව රැකගන්න සංවිධානයක්

d
මැල්සිරිපුර ගොවිපළේ දූෂිතයෙක්
November 14, 2017
කළුගඟ ජලාශ ව්‍යාපෘතිය
කළුගඟ වැලි සැපයුම්කරුවෝ අමාරුවේ
November 14, 2017
Show all

තිසා වැව රැකගන්න සංවිධානයක්

ලුasefga

තිසා වැව ආශ්‍රිත ජනතාවගේ සහ පිටතින් පැමිණෙන ජනතාවගේ අයිතීන් සුරැකීම වෙනුවෙන් ‘තිසා වැව ජන අයිතීන් සුරැකීමේ සංවිධානය’ නමින් එකමුතුවක් පිහිටුවා ඇති බවට තොරතුරු වාර්තා වේ.
මධ්‍යම නුවරගම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 295, 295/ඒ ග්‍රාම සේවා කොට්ඨාස කේන්ද්‍ර කර ගනිමින්, පිහිටුවා ඇති මෙම සංවිධානයේ අරමුණ වනුයේ, ප්‍රදේශයේ මුස්ලිම්, සිංහල, දමිළ ජනතාව තුළ සංහිඳියාව ගොඩනගා ගනිමින් කටයුතු කිරීම බව එහි සංවිධායකයෝ පවසති.
ඒ අනුව සෑම මසකම එක් දිනක් තිසා වැව ආශ්‍රිතව ශ්‍රමදානයක් සංවිධානය කිරීම, වැසිකිළි පද්ධතියක් ඉදි කිරීම, ගිමන් හැරීම සඳහා ආසන පැනවීම, මල් සිටුවීම, කසළ බඳුන් සැකසීම ආදී වැඩසටහන් රාශියක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එම සංවිධානයේ සම සභාපතිවරුන් වශයෙන් පී.ආර්. සතාසිවම්, නිශාන්ත ජගත් සල්ගාදු, අයි. අයුබ්ඛාන් යන අයවලුන් කටයුතු කරන අතර, ප්‍රධාන ලේකම් ලෙස යූ.එච්. සුනිල් ගුණරත්න, භාණ්ඩාගාරික ලෙස ඒ.එම්. මොහොමඩ් රිෆ්ඛාන්, සංවිධායක ලෙස වී. නන්දිපාල, මාධ්‍ය ප්‍රකාශක ලෙස බී.ඒ. අබේකෝන්, උප ලේකම් ලෙස වී. දුලීෂා, ගණන් පරීක්ෂක ලෙස පුෂ්පා ගීතානි යන අයවලුන් කටයුතු කරන අතර, දස දෙනෙකුගෙන් යුත් කාරක සභාවක් ද පත් කර ගත් බව සංවිධායකයෝ පැවසූහ.


කිත්සිරි කොඩිතුවක්කු