නව යුගයක සැලසුම් මැද චීන කොමියුනිස්ට් පක්ෂ සමුළුව නිම වෙයි

ලුdfZ
පොලිසියේ රාජකාරිය කර හිට් වෙන්න යාම
November 8, 2017
a
උතුරු කොරියානු අවි ඉදිරියේ ඇමෙරිකාව බිය වෙයි
November 14, 2017
Show all

නව යුගයක සැලසුම් මැද චීන කොමියුනිස්ට් පක්ෂ සමුළුව නිම වෙයි

fgtmksty

වසර පහකට වරක් පැවැත්වෙන චීන කොමියුනිස්ට් පක්ෂ සමුළුවේ 19 වන සමුළුවාරය පසුගිය 18 වනදා ආරම්භ වී 24 වනදා අවසන් විය. දෙදහසක පමණ නියෝජිත පිරිසක් සහභාගී වූ එම සමුළුවට මෙරව ලෝකයේ වැඩි අවධානයක් යොමු වී තිබුණු අතර බොහෝ දෙනා බලා සිටියේ චීනයේ ඉදිරි සැලසුම් කෙසේ සකස් වේද යන්නයි.
සම්මේලනය අමතා චීන ජනාධිපති ෂි ජිං පිංග් පැය තුනහමාරක දේශනයක් පැවැත්වීය. සමස්තයක් ලෙස ගත් විට එහි අදහස වූයේ චීනය ලෝකයේ කේන්ද්‍රය බවට පත් කිරීමට කාලය එළඹ ඇති බවයි. පක්ෂ සමුළුවකදී ජනාධිපතිවරයෙකු සිදු කළ දීර්ඝතම දේශනය වන මෙම දේශනයේදී තිස් හය වතාවක් ‘නව යුගයක්’ යන්න භාවිතා කර ඇත. ‘මේක නව යුගයක්, චීන ගති ලක්ෂණ සහිත සමාජවාදී සමාජයක් දිනා ගැනීම දෙසට තවත් ක්‍රියාත්මක විය යුතු කාලයක්. මෙය හොඳ රටක් ගොඩ නැගීමට, ඒ වගේම ලෝක බලවතෙකු වීමට කටයුතු කරන කාලයක්. මෙය පක්ෂය ජනතාව එකමුතු විය යුතු කාලයක්’ යැයි ජනාධිපති ෂි ජින්පින් එහිදී පැවසීය. එය චීනය නව යුගයක් කරා ගමන් කරන බවට කොමියුනිස්ට් පක්ෂය තුළ ඇති විශ්වාසය පෙන්වන්නක් වන අතර ජනාධිපති ෂි ජිං පිංග්ගේ කතාව චීන වැසියන් තුළද නව ප්‍රබෝධයක් ඇති කිරීමට සමත් වී ඇති බව චීනයෙන් ලැඛෙන නවතම වාර්තා සඳහන් කරයි. තමා ධුරයේ සිටි පළමු පස් අවුරුදු කාල සීමාව තුළ ජාත්‍යන්තර වශයෙන් ලද ජයග්‍රහණ විස්තර කළ ජනාධිපති ෂි ජින්පින්, එහෙත් රට බරපතළ අභියෝග වලට මුහුණ දී සිටින බව පිළිගත් අතර පක්ෂ අභ්‍යන්තරයේ සිදු වන දූෂණ සම්බන්ධයෙන් කිසිදු සමාවක් නැති බව ඔහු සඳහන් කළේය.
චීනය ලෝකයට වඩාත් විවෘත කිරීම සහ ඒ හරහා විදේශීය ආයෝජකයන්ට චීන වෙළඳපොළට අවතීර්ණ වීම වඩාත් පහසු කරවීම පිළිබඳ චීන නායකයා සමුළුවේදී අදහස් දැක්වීය. එසේම සේවා සහ මූල්‍ය වෙළඳපොළ විවෘත කිරීම සම්බන්ධයෙන් ද වැඩි නැඹුරුතාවයක් ඇති බව ඔහුගේ දීර්ඝ දේශනයෙන් පැහැදිලි විය. ඒ අනුව චීන වෙළඳපොළට එන විදේශීය ආයෝජකයන්ගේ සුරක්ෂිතතාවය සහ ආරක්ෂාව තහවුරු කරන බවද එහිදී අනාවරණය විය. ‘චීනය විවර කළ දොරටු වසා දැමෙන්නේ නැත. ඒවා තව දුරටත් පුුළුල්ව විවෘත වනු ඇත’ යනුවෙන් චීන නායකයා සඳහන් කළේ ලෝකය පුරා සිටින ආයෝජකයන්ගේ අවධානය චීනය වෙත යොමු කරවමිනි.
පෞද්ගලික අංශයට පහසුකම් සැපයීම සම්බන්ධයෙන් මෙම සමුළුවේදී සාකච්ඡා වූ අතර ඒ හා සමගාමීව රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම හා පුළුල් කිරීම පිළිබඳවද සාකච්ඡා කරනු ලැබීය. එසේම රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කර ලෝක වෙළඳපොළ තුළ තරගකාරීව කටයුතු කිරීමට හැකි වන පරිදි සකස් කිරීම සම්බන්ධයෙන් ද තීරණ වලට එළඹෙන ලදී. මෙසේ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් සහ පෞද්ගලික ආයෝජන සම්බන්ධයෙන් එක සේ අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් ඇතැම් ආර්ථීක විශ්ලේෂකයන් විමතිය පල කරද්දී චීන ජනාධිපතිවරයා ඒ සම්බන්ධව පවසන්නේ චීනයේ බොහෝ ව්‍යාපාර රජය හා සම්බන්ධ වී තිඛෙන නිසා චීනයේ ව්‍යාපාර ලෝකයේ ප්‍රමුඛ ව්‍යාපාර බවට පත් කිරීමට විදේශීය ආයෝජකයන් සිය රටට පැමිණීම බාධාවක් නොවන බවයි.
එසේම දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ද සමුළුවේදී සාකච්ඡාවට ගැනුණු අතර ප්‍රජාතන්තවාදය පවතින්නේ යයි කියන රට වලට වඩා ජනතාවට බොහෝ දේ දිනා දීමට සමාජවාදය සමත් වී ඇති බව අවධාරණ කරනු ලැබුණි. මේ නිසා කඩා වැටෙන පක්ෂ දේශපාලනයට වඩා චීනයේ පවතින පාලන ක්‍රමය තුළ වඩා හොඳින් ප්‍රජාතන්තවාදය ද සුරැකෙන බව පෙන්වා දෙනු ලැබීය.
එසේම ලෝකය තුළ චීනයේ බලපෑම වැඩි වෙමින් තිඛෙන බවත් කිසිදු රටක් චීනයට අභියෝගයක් නොවන බවත් චීන නායකයා විසින් සමුළුවේදී පෙන්වා දෙනු ලැබීය. එසේම බටහිර රටවල් චීන අධිපතිවාදයක් සම්බන්ධයෙන් මතයක් නිර්මාණය කිරීමට උත්සාහ දැරූවද චීනයේ අරමුණ ලෝකය පුරා සාමකාමී සංවර්ධනයක් බව සමුළුවේදී අවධාරණය කෙරිණි.
කෙසේ වුවද මෙවර චීන කොමියුනිස්ට් පක්ෂ සමුළුවේදී චීන ජනාධිපති ෂි ජිං පිංග් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර තිබුණු බව දක්නට ලැබුණුු අතර ඔහුගේ අදහස් පක්ෂ ව්‍යවස්ථාවට ද ඇතුළත් කිරීමට කටයුතු කිරීම මගින් එය වඩාත් හොඳින් පැහැදිලි විය. මාඕ සේතුං සහ ඩෙන් ෂියා ඕ පිංග් හැරුණු විට එවැනි අවස්ථාවක් හිමි වූයේ ෂි ජිං පිංග්ටය.
එහෙත් මේ කිසිවකින් පක්ෂයේ බලය වෙනස් නොවන අතර සියල්ල තීරණය කරනු ලබන්නේ පක්ෂය විසින්ය. ඒ නිසාම චීන නායකයාට ලෝකය අභිබවන්නට හැකි වුවත් පක්ෂය අභිබවන්නට හැකියාවක් නැති බව පෙන්වා දෙමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන සමුළුව නිමාව දකින ලදී.


ධනංජය සූරියබණ්ඩාර