ඉන්දුනීසියාවේ සිය ගණනකට ෂරියා දඩුවම්

Sdbg
රෙස්ලින් වළල්ලට ඉන්දීය කාන්තාවක්
November 17, 2017
කොන්ක්‍රීට් ආවරණ රහිත කාණු
අනතුරට අත වනන කාණුවක් !
November 17, 2017
Show all

ඉන්දුනීසියාවේ සිය ගණනකට ෂරියා දඩුවම්

bnj,

පසුගිය දෙවසර ඇතුළත ඉන්දුනීසියාවේ 500කට අධික පිරිසකට ෂරියා නීතියට අනුව ප්‍රසිද්ධියේ දඩුවම් ලබා දී ඇති බව මානව හිමිකම් ක්‍රියාධරයෝ පවසති. මෙවැනි ම්ලේච්ඡ දඩුවම් පැමිණවීම් වහා නතර කරන මෙන් මානව හිමිකම් සඳහා වන හියුමන් රයිට්ස් වොච් සංවිධානය ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. ඉන්දුනීසියාවේ ෂරියා නීතිය ක්‍රියාත්මක වන එකම පළාත අචේ ප්‍රාන්තයයි.
සමලිංගිකත්වය ඉන්දුනීසියානු නීතියෙන් තහනම් කර නොමැති නමුත් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මීට දශකයකට පමණ පෙර සිට අචේ ප්‍රාන්තයට විශේෂ බලතල ලබා දී තිබේ.
එම ප්‍රදේශය තුළ හටගත් කැරැල්ලක් නිමාවට ගෙන ඒම සඳහා එවකට ඇතිකරගත් එකඟතා අනුව මධ්‍යම ආණ්ඩුව විසින් එකී බලතල අචේ ප්‍රාන්තයට පවරන ලදී. අචේ ප්‍රාන්තය තුළ ෂරියා පොලිසියක් ද ක්‍රියාත්මක වන අතර එම පොලිස් භටයෝ වීදි මුර සංචාරයේ යෙදී සිටිති.
විවාහයෙන් පිටස්තරව සිදුවන ලිංගික සබඳතා සහ සමලිංගික සබඳතාවලට ෂරියා නීතිය යටතේ දඩුවම් පැමිණවිය යුතු බවට 2015 ඔක්තෝබර් මාසයේදී අචේ බලධාරීහු නව ඉස්ලාමීය නීති සංග්‍රහයක් අනුමත කර ගත්හ. ඒ අනුව සමලිංගික සබඳතාවක් පැවැත්වුවහොත් කස පහර 100ක දඩුවමක් ප්‍රසිද්ධියේ ලබා දිය යුතු වේ. එමෙන්ම විවාහයෙන් පිටස්තරව ලිංගික සබඳතාවක් පැවැත්වුවහොත් ඔහුට හෝ ඇයට ප්‍රසිද්ධියේ කස පහර 30ක් ලබා දෙනු ඇත.
මෙම දැඩි නීති මෙන්ම මත්පැන් පානයට සහ සූදුවට එරෙහිව පවතින ෂරියා නීති ද මුස්ලිම් නොවන ජනතාවට පවා ක්‍රියාත්මක කළහැකිවන පරිදි දීර්ඝ කර ඇතැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය අනතුරු අඟවයි. මත්පැන් අලෙවි කළ බවට චෝදනා ලත් කිතුනු කාන්තාවකට පසුගිය වසරේ ප්‍රසිද්ධියේ වේවැල් පහර ලබා දී තිබුණි.


ධනංජය සූරියබණ්ඩාර