ඌබර් කුලී රථ සේවයට කොළොම්බියාවේ විරෝධතාවක්

xfgyik
බාසිලෝනාවේ දැවැන්ත පෙළපාළි
November 17, 2017
Sdbg
රෙස්ලින් වළල්ලට ඉන්දීය කාන්තාවක්
November 17, 2017
Show all

ඌබර් කුලී රථ සේවයට කොළොම්බියාවේ විරෝධතාවක්

sdrh

කොළොම්බියාවේ කුලී රථ රියදුරන් දහස් ගණනක් වීදි බැස අගනුවර මාර්ග අවහිර කරමින් ඌබර් කුලී රථ සේවයට එරෙහිව විරෝධතාවක් දියත් කළහ. ජංගම දුරකථන ඇප් ආධාරයෙන් ක්‍රියාත්මක වන කුලී රථ සේවා සඳහා ‘අසාධාරණ ලෙස වාසිදායක’ තත්ත්වයක් උදාවී ඇති බව උද්ඝෝෂණයේ යෙදුණු සාම්ප්‍රදායික කුලී රථ රියදුරෝ පවසති.
ඌබර් රියදුරන් විසින් කුලී රථ සේවා වෙනුවෙන් ලබාගත යුතු රක්ෂණාවරණයක් සඳහා ගෙවීම් නොකරනු ලබන බව ද උද්ඝෝෂකයෝ ප්‍රකාශ කළහ. ඔවුන් ඉල්ලා සිටින්නේ නවීන තාක්ෂණය භාවිත කරමින් ක්‍රියාත්මක වන ඌබර් සහ කැබිෆයි වැනි කුලී රථ සේවා දැඩි නියාමනයකට යටත් කළ යුතු බවය. මෙම උද්ඝෝෂණය හේතුවෙන් කොලොම්බියාවේ බොගොටා අගනුවර ගමනාගමනයට දැඩි බාධා ඇති විය.


ධනංජය සූරියබණ්ඩාර