බාසිලෝනාවේ දැවැන්ත පෙළපාළි

කාටූන් 19
2017/11/12
November 14, 2017
sdrh
ඌබර් කුලී රථ සේවයට කොළොම්බියාවේ විරෝධතාවක්
November 17, 2017
Show all

බාසිලෝනාවේ දැවැන්ත පෙළපාළි

xfgyik

ස්පාඤ්ඤයෙන් වෙන් නොවන ලෙස කැටලෝනියාවට බල කරමින් බාසිලෝනා නුවර දැවැන්ත පෙළපාළි ආරම්භ වී තිබේ. ජනතාව මෙසේ වීදි බැස ඇත්තේ කැටලෝනියාවේ ස්වයං පාලන බලය අහෝසි කරමින් එහි පාලනය ස්පාඤ්ඤ ආණ්ඩුවට පවරා ගැනීමෙන් අනතුරුවය.
මැඩ්රිඩ් පාලනය විසින් එවැනි තීන්දුවක් ගනු ලැබුවේ කැටලෝනියාව නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා කැටලන් පාර්ලිමේන්තුව තීරණය කිරීමට එරෙහිව ප්‍රතිචාර දක්වමිනි. නිල නිවේදනයක් නිකුත් කරමින් කැටලන් නායකයන් ධුරවලින් ඉවත් කර ඇති අතර වීදි බැස සිටින බොහෝ දෙනා අත පවතින සටන් පාඨ සහිත පුවරුවල දැක්වෙන්නේ බලයෙන් පහ කරන ලද කැටලෝනියා නායක කාලෙස් පුයිජ්මොන් සිර ගත කළ යුතු බවය.
කැටලෝනියානු ප්‍රාදේශීය ආණ්ඩුව විසුරුවා හරිමින් ස්පාඤ්ඤ ආණ්ඩුව නිවේදනය කර ඇත්තේ කැටලෝනියාවට හදිසි මැතිවරණයක්ද කැඳවමිනි. එය පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මාසයේදීය. බලයෙන් පහ කර සිටින කැටලෝනියානු නායක කාලෙස් පුයිජ්මොන්ටද අවශ්‍යනම් මෙම මැතිවරණයට තරග කළ හැකි බව මැඩ්රිඩ් පාලනය ප්‍රකාශ කළේය.
ස්පාඤ්ඤයෙන් වෙන්වීම සඳහා ජනවරමක් ලබා ගැනීමට කැටලෝනියාව පසුගියදා ජනමතවිචාරණයක් පැවැත්වීය. එහි ප්‍රතිඵලය නිකුත් කරමින් කැටලෝනියානු ප්‍රාදේශීය ආණ්ඩුව කියා සිටියේ 43%ක් වූ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 90%ක් ස්පාඤ්ඤයෙන් වෙන්වීම සඳහා අනුමැතිය දී ඇති බවය.
එම ජනමත විචාරණය ආණ්ඩුක්‍රම නීතියට පටහැණි බව ව්‍යවස්ථා අධිකරණය විසින් තීන්දු කරනු ලැබ තිබුණි. එමෙන්ම ජනමත විචාරණය නොපවත්වන මෙන් ස්පාඤ්ඤ ආණ්ඩුව නියෝග කර තිබිණි.


ධනංජය සූරියබණ්ඩාර