රෙස්ලින් වළල්ලට ඉන්දීය කාන්තාවක්

sdrh
ඌබර් කුලී රථ සේවයට කොළොම්බියාවේ විරෝධතාවක්
November 17, 2017
bnj,
ඉන්දුනීසියාවේ සිය ගණනකට ෂරියා දඩුවම්
November 17, 2017
Show all

රෙස්ලින් වළල්ලට ඉන්දීය කාන්තාවක්

Sdbg

ජාත්‍යන්තර මට්ටමේ රෙස්ලින් වළල්ලට පිවිසෙන පළමු ඉන්දීය කාන්තාව ලෙස කවිතා දේවි වාර්තා අතරට එක් වී සිටියි. එහෙත් ඒ සම්බන්ධයෙන් ඇයට දැඩි ලෙස විරෝධතා එල්ල වී තිබේ. බිරිඳක් සහ මවක් බවට පත් වූ කවිතා දේවිට ක්‍රීඩාව හඹා නොයන ලෙස බලපෑම් එල්ල වී ඇත. ඒ නිසා රෙස්ලින් වළල්ල තුළ ඇය සාර්ථකත්වයක් ළඟා කර ගත්තේ දීර්ඝ සටනකට පසුවය.
‘විවාහ වෙලා දරුවෙක් හම්බ වුණාට පස්සේ රෙස්ලින් පසුපස නොයන ලෙස මට කිව්වා. නමුත් ගෙදර ඉන්නකොට හුස්ම හිරවෙනවා වගේ දැනුණා. මම ජීවිතේ නැති කර ගන්න උත්සාහ කළා’ යනුවෙන් ඇය අතීතය සිහිපත් කරන්නීය.
කෙසේ නමුත් ක්‍රමයෙන් ඇයට සිය පවුලේ සාමාජිකයන්ගේ සහාය හිමි වී ඇති අතර දකුණු ආසියාව තුළ පැවති බර ඉසිලීමේ තරගයකින් රන් පදක්කම දිනා ගැනීමට ඇය සමත් විය. WWE රෙස්ලින් වළල්ලට පිවිසි පළමු ඉන්දියානුවා වන ද ග්‍රේට් කාලි යටතේ ඇය මේ වන විට පුහුණුව ලබන්නීය.
ඉන්දීය උරුමය රැක ගනිමින් තවතවත් කාන්තාවන් දිරි ගැන්වීම සිය බලාපොරොත්තුව බව කවිතා දේවී පවසන්නීය. ‘මම අඳින්න තෝරා ගත්තේ සල්වාර් ඇඳුමක්. මොකද ඕනෑම ඇඳුමක් ඇඳන් සටන් කළ හැකි බව අනෙක් කාන්තාවන්ට පෙන්වන්න මට ඕන වුණා’ යනුවෙන් ඇය වැඩිදුරටත් කියා සිටියාය.


ධනංජය සූරියබණ්ඩාර