ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා ගොවි ජනතාව පීඩාවට

WFDY
WFDY උප සභාපති ධුරය වෛද්‍ය ලසන්ත අබේවර්ධනට
November 21, 2017
ක්‍රිsdfghSER
කුරුණෑගල – හබරණ දුම්රිය මාර්ගය හොර පාරක යන ලකුණු
November 21, 2017
Show all

ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා ගොවි ජනතාව පීඩාවට

ඇළ මාර්ග

බෝවතැන්න ජලාශයේ සිට හුරුළු වැවට ජලය රැගෙන යන කිලෝමීටර 75 ක් පමණ දුරැති හුරුළු පෝෂිත ඇළ මාර්ගය වසර දහයකට අධික කාලයක සිට විධිමත් අයුරින් ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා ගොවීන් විශාල පීඩාවකට මුහුණ දී ඇති බව වාර්තා වේ.
හුරුළු වැව ආශ්‍රිත ගොවි ගම්මානවල පවුල් 9000 කට අධික ප්‍රමාණයක් ජීවත් වේ. එහෙත් පවතින ගැටලුකාරී තත්ත්වය හමුවේ එම ජනතාව උග්‍ර ජල අර්බුදයකට මුහුණ පා ඇත.
මේ අතර හුරුළු පෝෂිත ඇළ මාර්ගය සකස් කර යාන් ඔය හරහා මහවැලි ජලය ලබාදීමට මීට පෙර කටයුතු කළත් මේ වන විට එම ජල මාර්ගය ඔස්සේ ඛෙදාහරිනු ලබන ජලය අතරමගදී විවිධ පිරිස් විසින් නීතිවිරෝධී ලෙස ගොවිතැන් කටයුතු සඳහා යොදාගනිමින් සිටින බවද වාර්තා වේ. එම හේතුවෙන් හා ඇළ වේලි නියමිත පරිදි ප්‍රතිසංස්කරණය නොකිරීම නිසාවෙන්ද වසර ගණනක් තිස්සේ පීඩාවට පත්වී ඇති මෙම ගොවි ජනතාව සඳහා කඩිනමින් සහන ලබාදිය යුතු බව හුරුළු වැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති උපාලි ඒකනායක මහතා පවසයි.


වසන්ත මොහොට්ටාල