ඉරුදෙණියායේ ඉඩම් කොල්ලයට එරෙහි විරෝධතා

ලුcgfdh
පාසල් දරුවන්ගෙන් තුනෙන් එකක්ම උදේට කුසගින්නේ
November 21, 2017
WFDY
WFDY උප සභාපති ධුරය වෛද්‍ය ලසන්ත අබේවර්ධනට
November 21, 2017
Show all

ඉරුදෙණියායේ ඉඩම් කොල්ලයට එරෙහි විරෝධතා

sewgwser

ඉරුදෙණියාය, දොඹගමුව හා කට්ටම්බේරි ආදී ප්‍රදේශවල නීත්‍යානුකූල ඔප්පු සහිතව ජීවත් වූ ජනතාව අනවසර පදිංචිකරුවන් බවට හුවා දක්වමින් එම ගම්මානවලින් පලවාහැරීමට දරන උත්සාහයකට එරෙහිව දහස් ගණන් ජනයා සිය විරෝධය දක්වමින් සිටී.
මීට පෙර 1989 වසරේදී එවකට පැවති එජාප පාලනය විසින් මෙම ප්‍රදේශය වනජීවී කලාපයක් බවට ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එහෙත් ඒ වනවිටත් එම ජනතාව විදුලිය හා මංමාවත් ඇතුළු යටිතල පහසුකම් භුක්ති විඳිමින් සිටි අතර එම නව තත්ත්වය නිසා විශාල අපහසුතාවයකට ද පත්ව ඇත.
කෙසේ වුවද සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිටි අවදියේ දී මෙම ඉඩම් ජනතාව වෙත නිදහස් කිරීමට අවසර ලබාදුන් නමුත් මේ වනතෙක් එම නියෝග ඉටුකිරීමට අදාළ රාජ්‍ය නිලධාරීන් විසින් බාධාකරමින් සිටින බව පැවසේ. පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ගෙන එන ලදුව ජනතා විරෝධය හේතුවෙන් නතර කළ සංචාරක ව්‍යාපෘතියක් නැවත වටයකින් ආරම්භ කිරීමට වත්මන් ආණ්ඩුව උත්සාහ කිරීම නිසා මෙම ඉඩම් සම්බන්ධ ගැටලුව තවදුරටත් උග්‍ර වී ඇති බව පැවසේ.
කෙසේ වුවද ඊට එරෙහිව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හා ඉරුදෙණියාය ඒකාබද්ධ ගොවි සංවිධානය එක්ව පසුගියදා දැවැන්ත විරෝධතා පෙළපාළි ත්‍රිත්වයක් හා මහජන විරෝධතාවක් දැක්වීමට කටයුතු කරන ලදී.


නිපුණා සාරංගි