කුරුණෑගල – හබරණ දුම්රිය මාර්ගය හොර පාරක යන ලකුණු

ඇළ මාර්ග
ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා ගොවි ජනතාව පීඩාවට
November 21, 2017
ලුasdffva
මෛත්‍රී-මහින්ද හවුලට කොන්දේසි හරස් වේ!
November 21, 2017
Show all

කුරුණෑගල – හබරණ දුම්රිය මාර්ගය හොර පාරක යන ලකුණු

ක්‍රිsdfghSER

කුරුණෑගල සිට හබරණ දක්වා චීන ආධාර යටතේ ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ සැලැස්ම දේශපාලකයන්ගේ හා ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගේ වුවමනාව මත වෙනස් කිරීමකට ලක්කොට ඇති බවට චෝදනා එල්ල කෙරේ. මෙම යෝජිත දුම්රිය මාර්ගය හේතුවෙන් දේපළ අහිමිවන්නන්ගේ සංවිධානය මගින් පෙන්වා දෙන්නේ මේ වනවිටත් ජනතාව සඳහා ප්‍රසිද්ධ කරන ලද සැලැස්ම වෙනස් කරමින් කිලෝමීටරයක පමණ දුර ප්‍රමාණයක් නැවත සංශෝධනය කර මැනුම් කටයුතු ආරම්භ කර ඇති බවයි.
කෙසේවුවද මෙම නව සැලැස්මට අනුව දුම්රිය මාර්ගයේ දුර තවත් කිලෝමීටරයකින් පමණ වැඩිවී ඇති බව හා නිවාස, ව්‍යාපාරික ස්ථාන හා ජනතාවගේ ඉඩම් විශාල ප්‍ර්‍රමාණයක් තවදුරටත් අහිමි වන බවත් වාර්තා වේ. එබැවින් පෙර සැලැස්ම පරිදි අහිමිවන දේපළ සඳහා අදාළ වන්දි මුදල් තක්සේරු කොට දේපළ අහිමිවන්නන්ගේ නාම ලේඛනය හා ශක්‍යතා අධ්‍යයන වාර්තාවද ප්‍රසිද්ධ කර තිබූ තත්ත්වයක් තුළ මෙලෙස හොර රහසේ නව සැලසුමක් ක්‍රියාත්මක කිරීම නිසා ජනතාව දැඩි ව්‍යාකූලත්වයකට පත්ව ඇත.


වසන්ත මොහොට්ටාල