තෙල් අර්බුදයේ වගකීම ගන්න කවුරුත් නැහැ

ක්‍රිsfbhze
මහින්ද මහායානයේ ප්‍රබලයෙක් !
November 21, 2017
බ්‍රිseg
රට විකුණන අයවැයක්!
November 21, 2017
Show all

තෙල් අර්බුදයේ වගකීම ගන්න කවුරුත් නැහැ

ලුccgfdj

ඉන්දියානු තෙල් සමාගම විසින් බාල තෙල් නැවක් ගෙන්වීමේ හේතුව මුල් කර ගෙන ඇති වූ පෙට්‍රල් අර්බුදය සම්බන්ධයෙන් වගකීම භාර ගැනීම සියලු පාර්ශ්වයන් විසින් පැහැර හරිමින් සිටින බව වාර්තා වේ.
ලංකාවේ තෙල් බෙදාහැරීම ඉන්දියානු සමාගමකට භාර දීමේ තීරණයේ සිට වර්තමානයේ ඇති වූ තත්ත්වය දක්වා එවකට හිටපු විෂය භාර ඇමතිවරයා සහ වර්තමාන ඇමතිවරයා ඇතුළු පැවති ආණ්ඩු වගකිව යුතු වුවත්, ඒ සියල්ලන්ම තෙල් අර්බුදයේ වගකීම නිලධාරීන් මත පැටවීමේ උත්සාහයක නිරත වන බවට තොරතුරු ලැඛෙමින් තිබේ. 2001දී පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ විදුලිබල හා බලශක්ති ඇමති කරූ ජයසුරිය මහතාගේ මැදිහත් වීමෙන් එවකට සිටි අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛව ආණ්ඩුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ 20%ක කොටසක් 2002දී ඉන්දියානු ඔයිල් සමාගමට වසර 35ක් සඳහා බදු දුන්නේය. එම ගිවිසුමේ ඇති අවාසිසහගත තත්ත්වය හමුවේ මෙරටේ ජනතාව විශාල ඉන්ධන අර්බුදයකට මුහුණ දී ඇති බැව් පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේදී සාකච්ඡා විය. අගමැතිවරයා හිටපු අමාත්‍යවරයා බේරා ගැනීමට උත්සාහ ගත් අතර, කථානායක කරූ ජයසූරිය මහතා පැවසුවේ එදා එම තීරණය හිටපු විදුලිබල හා බලශක්ති ඇමති කරූ ජයසූරියගේ තනි තීරණයක් නොව එය අමාත්‍ය මණ්ඩල තීරණයක් බවයි.
එසේම පෙට්‍රල්වල හිඟයක් නොතිබූ බවත්, පෙට්‍රල් හිඟයක් සම්බන්ධ එස්.එම්.එස්. එකක් නිසා මෙවැනි තත්ත්වයක් ඇති වූ බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන බවත් වර්තමාන විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. පසුගියදා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී දයාසිරි ජයසේකර අමාත්‍යවරයා සඳහන් කළේ ද තෙල් අර්බුදය හිතාමතා සැලසුම් කළ එකක් බවයි. ඒ සම්බන්ධයෙන් නිලධාරීන් වගකිව යුතු බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
මේ අතර ලංකා ඉන්දියානු තෙල් සමාගම ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඇති වූ අර්බුදය ඉන්දියානු තෙල් සමාගමේ ගැටලුවක් නොවන බවත්, එහි වගකීම සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුව භාර ගත යුතු බවත්ය.


චතුර දිසානායක