මහින්ද ඉන්දියානු කුමන්ත්‍රණයක!

උමාඔය සටනේ තවත් පියවරක් පෙරට!
උමාඔය සටනේ තවත් පියවරක් පෙරට!
November 21, 2017
drtj
ශ්‍රීලනිපය ගෙනා නිතරග ගිවිසුම අහෝසියි
November 21, 2017
Show all

මහින්ද ඉන්දියානු කුමන්ත්‍රණයක!

ghk

මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙයට සති දෙකකට පෙර සිදු කළ ඉන්දියානු සංචාරය පිළිබඳ රහසිගත තොරතුරු රැසක් හෙළි වීමෙන් මෙරට බුද්ධි අංශ කැළඹීමට පත්ව සිටින බවට තොරතුරු අනාවරණය වේ.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මහ ඇමති දේවේන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගේ නිල නිවසේ දී මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉන්දියානු ආරක්ෂක ඇමතිනී, නිර්මලා සීතාරාම් හමු වී අතිශය රහසිගත සාකච්ඡා පවත්වන ලද බව හෙළි වේ. පසුගිය මැයි මාසයේ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මෙරටට පැමිණි අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට ගොස් මෝදි හමු වී රහසිගත සාකච්ඡා පැවැත්වීමෙන් මාස පහකට පසුව ඉන්දියානු ආරක්ෂක ඇමතිවරිය හමු වී රහසිගත සාකච්ඡා පැවැත්වීම සුවිශේෂී වී ඇත.
ඉන්දියානු ආරක්ෂක ඇමතිවරිය සමඟ පැවැත් වූ රහසිගත සාකච්ඡා පිළිබඳව තොරතුරු කිසිවක් හෝ හෙළි වී නැත. එම සංචාරයේදී මහින්ද රාජපක්ෂ ‘ටාජ්’ සහ මහාරාෂ්ට්‍ර ‘ක්‍රවුන්’ යන හෝටල්වල නැවතී සිට ඇති අතර, ඒ සියලු ස්ථානවලදී සුවිශේෂී ආරක්ෂාවක් සලසා තිබේ. ඉන්දියානු මධ්‍යම ආණ්ඩුව විසින් මහින්ද රාජපක්ෂට ‘බ්ලැක් කැට්’ නම් සුවිශේෂී ප්‍රභූ ආරක්ෂක ඒකකයේ භටයන් සහිතව ආරක්ෂක රථ 18ක් සහ ගිලන් රථ දෙකක් ද සමඟ සුවිශේෂී ආරක්ෂක බළකායක් යොදවා ආරක්ෂාව සැලසීමට කි්‍රයා කර ඇත.
මන්ත්‍රී, මහින්ද මෙම සාකච්ඡා පවත්වා යළි පැමිණි පසු මෙරට ඉන්දියා මහ කොමසාරිස්වරයාගේ නිල නිවසට දෙමළ මාධ්‍ය ප්‍රධානීන් කැඳවා කිසියම් සාකච්ඡාවක නිරත වූ බවද හෙළි වේ. ඉන්දියා අගමැති මෝදි මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගොඩනැගීම
සම්බන්ධ ක්‍රියාවලිය ඉතා සංවේදීව අධ්‍යයනය කරමින් සිටින බව මාධ්‍ය ප්‍රධානීන්ට මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත.
පසුගිය මැයි මස මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ දෙදෙනා ඉන්දියා අගමැතිවරයා සමඟ රහසිගත සාකච්ඡා පැවැත්වීමෙන් පසුව හම්බන්තොට වරාය සහ එම කලාපය චීන ආයෝජකයන්ට දීම පිළිබඳව බලවත් විරෝධයක් දැක්වීය. එහෙත්, මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට දීමේ ආණ්ඩුවේ සූදානම සහ ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියා ඔයිල් සමාගමට පවරා දීම සම්බන්ධයෙන් මේ දක්වා රාජපක්ෂ පිල සෘජුව එවැනි කිසිදු විරෝධයක් පළ කර නැති වීම විශේෂ තත්ත්වයක්ය.
ඇමෙරිකාව ‘ආසියාවට හැරීම’ යන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් සිටින අතර ඉන්දියාව එහි ප්‍රබලතම හවුල්කරු කරගෙන සිටියි. මහින්ද ඉන්දියාව සමඟ අතිශය රහසිගත සාකච්ඡා පවත්වන්නේ මෙවැනි පසුබිමක් තුළ අනාගත දේශපාලන ඉලක්ක සහිතවය.


ප්‍රියදර්ශන දයාරත්න