මහේන්ද්‍රන් අත්සන් තැබූ මුදල් නෝට්ටු අවලංගුයි?

ක්‍රිderhr
ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක්
November 21, 2017
ලුssfrhzrt
අර්ජුන් ඇලෝෂියස් අත්අඩංගුවට?
November 21, 2017
Show all

මහේන්ද්‍රන් අත්සන් තැබූ මුදල් නෝට්ටු අවලංගුයි?

fy7uo

විදේශීය ජාතිකයෙකු වූ අර්ජුන් මහේන්ද්‍රන් විසින් අත්සන් තබන ලද මුදල් නෝට්ටු අවලංගු විය යුතු බව මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ ද්විත්ව පුරවැසිභාවය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කළේ නම්, මහ බැංකු අධිපති ලෙස විදේශිකයෙකු විසින් අත්සන් තැබූ මුදල් නෝට්ටුවල කිසිම වලංගුතාවයක් නැතැයි ද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් අප කළ විමසීමක දී ඔවුන් සඳහන් කළේ මෙරට පුරවැසියෙකු නොවන අයෙකු මහ බැංකු අධිපති ධුරයට පත් කිරීම අභියෝගයට ලක් කළ හැකි බවත්, එහි අවසාන තීරණය ලබා දිය යුත්තේ අධිකරණය විසින් බවත්ය.


චතුර දිසානායක