මෛත්‍රීගෙන් හොර ගේමක්!

පොහොර සහනාධාරය
පොහොර සහනාධාරය කම්මුතුයි !
November 21, 2017
WHO
දිල්ලි පරිසර දූෂණය තවත් ඉහළට
November 22, 2017
Show all

මෛත්‍රීගෙන් හොර ගේමක්!

න්ත්‍රිseghae

සීමා නිර්ණ ගැටලුවක් මුල් කර ගනිමින්, පළාත් පාලන මැතිවරණය කල් දැමීමට යළිත් වරක් කුමන්ත්‍රණයක් දියත් කර ඇති අතර, මෙය ජනාධිපති මෛත්‍රී පිලේ සෘජු මැදිහත් වීම මත දියත් කර තිඛෙන බව අනාවරණය වේ.
ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා සහ දයාසිරි ජයසේකර යන ඇමතිවරුන්ගේ සමීපතමයන් යොදවා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් මැතිවරණය කල් දැමීමට උත්සාහ කර ඇත. එම පෙත්සම් විභාගය අවසන් වන තුරු ගත වන කාලය අතරතුර මහින්ද පිල සමඟ සම්මුතියකට එළඹීමට කටයුතු කිරීමට අදහස්කර තිඛෙන බවද වාර්තා වේ. අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිඛෙන පෙත්සම ති්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පසුගිය 15 වැනිදා මූලික වශයෙන් සලකා බලනු ලැබීය. පෙත්සමේ මැදිහත්කරුවන් ලෙස ජනතා විමුක්ති පෙරමුණ සහ සිවිල් සංවිධාන ඉදිරිපත් වීමට විනිසුරු මඩුල්ලෙන් අවසර ඉල්ලා සිටි අවස්ථාවේ පෙත්සම්කරුවන්ගේ නීතිඥයෝ ඊට දැඩි විරෝධයක් දැක්වූහ. නමුත්, මෙම පෙත්සම දේශපාලන පක්ෂවලට සෘජුවම බලපාන බැවින්, මැදිහත්කරුවන් සඳහා අවස්ථාව ලබා දීමට විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ. ඒ අනුව වැඩිදුර විභාගය ලබන 22 වැනි දිනට කල් තැබීය.
මහින්ද පිල සමඟ සම්මුතියක් ඇති කර ගැනීම සඳහා නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න සහ ඩිලාන් පෙරේරා යන ඇමතිවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නිල වශයෙන් පත් කර ඇත. ඔවුන් මහින්ද පිලට යෝජනා කර ඇත්තේ, පළාත් පාලන ආයතනවලට මෛත්‍රී පිලෙන් හා මහින්ද පිලෙන් අපේක්ෂකයන් තුනට දෙක යන අනුපාතයට නාමයෝජනා භාර දීමට බවද අනාවරණය වේ.
මේ අතරතුර ඇමති සුසිල් ප්‍රේමජයන්ත විසින් විකල්ප යෝජනා ඉදිරිපත් කර ඇත. ඇතැම් පළාත් පාලන ආයතන සඳහා එක්ව තරග කිරීමත්, තවත් ආයතන සඳහා වෙන්ව තරග කිරීමත් එහි පළමු යෝජනාව වන අතර, පොදුජන එක්සත් පෙරමුණු පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කර එක් ලයිස්තුවකින් තරග කිරීම දෙවන යෝජනාවයි. තුන්වැනි යෝජනාව වී ඇත්තේ දෙපාර්ශ්වයම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග කිරීමටය.
අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිඛෙන පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් ද එහි පැමිණ සිටි අතර, ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ, මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට ආණ්ඩුව හෝ එක්සත් ජාතික පක්ෂය හෝ කිසිම සම්බන්ධයක් නොමැති බවය.


චතුර දිසානායක