රට විකුණන අයවැයක්!

ලුccgfdj
තෙල් අර්බුදයේ වගකීම ගන්න කවුරුත් නැහැ
November 21, 2017
dtrykitd
සමෘද්ධි, කෘෂිකර්ම, අධ්‍යාපන කඳ මුලින් කපාහැරේ
November 21, 2017
Show all

රට විකුණන අයවැයක්!

බ්‍රිseg

ලබන 2018 වර්ෂය සඳහා ඉදිරිපත් කර තිඛෙන අයවැය ලේඛනයේ අතිවිශාල හිඟය පියවාගැනීම සඳහා විදේශයන්ට ඉඩම් විකිණීමේ ඉඩකඩ විශාල වශයෙන් පුළුල් කර අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර වලට ද එයම හඳුන්වාදී රට තුළ සිදුකෙරෙන මහා පරිමාණ ව්‍යාපෘති සියල්ලම පාහේ විදේශයන්ට විකිණීමේ මූලික පදනම පවතින බව අනාවරණය වේ.
අයවැය කථාවට මුදල් ඇමතිවරයා මූලික ප්‍රවේශය ගැනීමේදී අවධාරණය කරන ලද්දේ ‘ලිහිල්කරණය වේගවත් කිරීම’ යන මූලධාර්මික කොන්දේසිය සමගින්ය. මේ අනුව ආණ්ඩුව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන ප්‍රතිපාදන රාශියක් අතුරෙන් ‘එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා’ යන පරිච්ඡේදය සුවිශේෂී වැදගත්කමකින් යුක්තය. ඒ අනුව අංක 147 යටතේ විදේශිකයන්ට ඉඩම් විකිණීමේදී තිබෙන බාධා ඉවත් කිරීම සහ මහල් හතරට අඩු ගොඩනැගිලි විදේශිකයන්ට මිලදී ගැනීමේදී තිඛෙන බාධා ඉවත්කරන බව සඳහන්ය.
එමෙන්ම නව වෙළඳපොළ ආර්ථීකයට බාධා කෙරෙන දැනට පවතින නීති රීති ඉවත්කිරීමේ මූලික පදනමක්ද ප්‍රකාශ කර තිබේ. පුවත්පත මුද්‍රණයට යන විට පාර්ලිමේන්තුවේ දී අය-වැය කතාව පැවැත්වෙමින් තිබුණු අතර, හෙළි වී තිබුණේ රජයේ සියලුම බදු ආදායම් සහ ප්‍රදාන සමඟ මුළු ආදායම රුපියල් කෝටි දෙලක්ෂ විසි හයදහසක් (රු. කෝටි 226,000) ලෙස ඇස්තමේන්තු කර තිබෙන බවය. එහෙත් වියදම රුපියල් කෝටි හාරලක්ෂ හත්දහස් නවසියයක් (රු. කෝටි 407,900) ලෙස ඇස්තමේන්තු කර තිබිණි. මේ අනුව අයවැය හිඟය රුපියල් කෝටි එක්ලක්ෂ අසූ එක්දහස් නවසියයක් (රු. කෝටි 181,900) වන අතර ණය ගැනීමේ ඉලක්කය ලෙස රුපියල් කෝටි එක් ලක්ෂ අසූ නව දහස් පන්සියයක් (රු. කෝටි 189,500) බවට සඳහන්ය. ඉදිරියේදී ආණ්ඩුවේ වියදම් ඉහළයාමේ අවධානමට මුහුණ දීම සඳහා දැනට තිබෙන අයවැය හිඟය ඉක්මවා ණය ලබාගැනීමට ඉලක්ක කර ඇති බව පැහැදිලි වේ.
ආදායම් ඇස්තමේන්තුව ඒ ආකාරයෙන්ම සපුරා ගැනීමට නම්, වක්‍ර බදු ප්‍රමාණය මුළු බදු ආදායමෙන් සියයට අසූ හතක්වත් වියයුතු බව අයවැය පිළිබඳව මූලික සාකච්ඡා වලදී විශේෂඥයන් අනාවැකි පළකර තිබිණි. මේ අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න හෙළි කර තිබෙන්නේ ලෝකයේ බොහෝ රටවල වක්‍ර බදු ප්‍රමාණය සියයට හැත්තෑවකට වැඩි නොවන බවය. බ්‍රිතාන්‍යයේ මුළු බදු ආදායමෙන් වක්‍ර බදු ප්‍රමාණය සියයට 66.7ක්ද, නෝර්වේ රාජ්‍යයේ එය සියයට 59.8ක් මෙන්ම යුරෝපා කලාපයේ පොදුවේ එය සියයට 69.9ක් ද පමණ වන විට ලංකාවේ එය සියයට 80 ඉක්මවා තිබීම අතිශය බරපතළ බව අනාවරණය කෙරේ.


ඉන්ද්‍රසිරි ජයසුන්දර