රනිල්ගේ මැතිවරණ තුරුම්පුව පුස්සක්

ඉන්දියා ගිලන් රථ
ඉන්දියා ගිලන් රථවලට තවත් කුට්ටියක් !
November 21, 2017
ලුfdhykf
ව්‍යවස්ථා විරෝධය මහින්දට ආපිට හැරේ
November 21, 2017
Show all

රනිල්ගේ මැතිවරණ තුරුම්පුව පුස්සක්

szrhaetrh

මැතිවරණයක් ඉතා ආසන්නයේ තිබිය දි එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් විශාල පිරිසක් පත් කිරීමෙන් බිම් මට්ටමේ බරපතළ තත්ත්වයක් හටගෙන ඇති බව එම පක්ෂයේ ආරංචිමාර්ගවලින් හෙළි වේ.
පසුගිය මාස දෙක තුළ දී ආසන සංවිධායකවරුන් 34 දෙනෙකු අලුතින් පත් කර ඇති බව අනාවරණය වේ. එම ආරංචිමාර්ගවලින් වැඩි දුරටත් හෙළි වන්නේ මේ අතුරින් බොහොමයක් අලුතින් පත් කිරීමේ තත්ත්වයට වඩා හිටපු සංවිධායකයන් කපා ඉවත් කිරීම කර ඇති බවට පහළ සාමාජිකයන් තුළ අදහසක් වර්ධනය වී ඇති බවය. දිවුලපිටියේ ආසන සංවිධායක ධුරයෙන් රන්ජන් රාමනායක ඉවත් කිරීම මෙම තත්ත්වය පිළිබඳ ප්‍රබලම නිදර්ශනය බව කියවේ. රන්ජන් දැන් දිස්ත්‍රික් සංවිධායක ලෙස හිස් පඹයෙකු බවට පත් කර ඇති බවට චෝදනා එල්ල වේ. අදාළ පත්කිරීම් රනිල් වික්‍රමසිංහගේ අත්තනෝමතික තීරණ බව කියවේ.
මේ අතර ඇතිව තිඛෙන තත්ත්වයට තවත් ප්‍රධාන හේතුවක් වී තිඛෙන්නේ මෛත්‍රී හිතවාදී පුද්ගලයන්ට සම්බන්ධ අය පත් කර තිබීමය. දකුණු පළාත් සභා ආණ්ඩුකාර, හේමකුමාර නානායක්කාරගේ පුතකු වන තාරක නානායක්කාර පත් කිරීම වැනි ගැටලුකාරී තත්ත්වයන් රැසක් ගැන අනාවරණය වේ.
මැතිවරණය ආසන්නයේ මෙවැනි මතභේදාත්මක පත් කිරීම්වලින් පක්ෂයට අත් කර ගත හැකි වන්නේ කවර ජයග්‍රහණ දැයි බරපතළ ප්‍රශ්න කිරීමක් මේ වන විට පවතින බව හෙළි වේ.


ගයාන් රූපසිංහ