ලංකාවේ කාන්තාව ආසියාවේ හැම අතින්ම පහළට

dtrykitd
සමෘද්ධි, කෘෂිකර්ම, අධ්‍යාපන කඳ මුලින් කපාහැරේ
November 21, 2017
non growth
යහපාලන වසර දෙකහමාරට ණය බර 39%කින් ඉහළට
November 21, 2017
Show all

ලංකාවේ කාන්තාව ආසියාවේ හැම අතින්ම පහළට

strylo68y

ලෝකයේ පළමු අගමැතිනිය බිහි කළ ශ්‍රී ලංකාව ආසියාවේ අඩුම පාර්ලිමේන්තු කාන්තා නියෝජනයක් තිඛෙන රට ලෙසට ජාත්‍යන්තර සමීක්ෂණයකින් හඳුනාගෙන තිබේ.
වොෂින්ටනය මුලස්ථාන කොටගත් කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ ජෝර්ජ් ටවුන් ආයතනය හා ඔස්ලෝවේ සාම පර්යේෂණ ආයතනය එක්ව කාන්තාවන්ට ජීවත්වීමට සුදුසු රටවල් සසඳා මුල්වරට සකස් කරන ලද ජගත් කාන්තා දර්ශකය අනුව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංඛ්‍යාව 6%ක් පමණි. රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකේම කළමනාකරණ හා තීන්දු ගැනීමේ ක්‍රියාවලිය තුළ කාන්තා නියෝජනය ආයතනික වශයෙන් අඩු කර ඇති බවද එම වාර්තාවේ නිරීක්ෂණයයි.
පාර්ලිමේන්තුවේ තුනෙන් එකක් පමණ ආසනවල මන්ත්‍රීවරියන් සිටින නේපාලය කලාපයේ වැඩිම කාන්තා නියෝජනය ලෙස මුල්තැනට පැමිණ සිටී.
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට එරෙහිව ගෘහස්ත ප්‍රචණ්ඩත්වය 28%ක් වන අතර දර්ශකයේ සංස්කාරක ආයතනය පවසන්නේ වෙනත් සමීක්ෂණවල එය ඊට වැඩි බවක් වාර්තා කර ඇති බවයි. එසේම මෙම අගය ආසියාවේ ඉහළම අගයක් බවද එම වාර්තාව සඳහන් කරයි.
රටේ කාන්තා රැකියා නියුක්තිය 41%කි. ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15ට වැඩි කාන්තාවන් ගෙන් 83% කටම බැංකු ගිණුම් තිඛෙන අතර ඒ වයසේම 72%ක්ම ජංගම දුරකථන හිමිකාරියෝය. කලාපයේ ඒ අංශ දෙකේම ඉහළින්ම ඉන්නේ ඉරානයයි. යුරෝපයේත්, සෞදි අරාබියේත් අවුරුදු 15ට වැඩි හැම කාන්තාවකටම සෙල්ෆෝන් තිබේ.
ජගත් කාන්තා දර්ශකයේ ඉහළම තැන අයිස්ලන්තයට හිමි වී තිඛෙන අතර අන්තිම අඩියේ සිටින්නේ ඇෆ්ගනිස්ථානය හා සිරියාවයි. ශ්‍රී ලංකාව අත්පත් කරගෙන සිටින්නේ බංග්ලාදේශය ඉන්දියාව සහ පාකිස්ථානයටත් වඩා පහළ ස්ථානයකි.


චතුර දිසානායක