ව්‍යවස්ථා විරෝධය මහින්දට ආපිට හැරේ

szrhaetrh
රනිල්ගේ මැතිවරණ තුරුම්පුව පුස්සක්
November 21, 2017
උමාඔය සටනේ තවත් පියවරක් පෙරට!
උමාඔය සටනේ තවත් පියවරක් පෙරට!
November 21, 2017
Show all

ව්‍යවස්ථා විරෝධය මහින්දට ආපිට හැරේ

ලුfdhykf

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අතුරු වාර්තාව වෙබ් අඩවිවල පළ වීම සහ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමෙන් පසු මහින්ද පිල තියුණු කඩාවැටීමකට ලක් වී පිරිසක් ඉවත් වීම ස්ථීර බව අනාවරණය වේ.
ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් පසු මහින්ද රාජපක්ෂගේ උපදේශකවරයකු වශයෙන් කටයුතු කළ ආචාර්ය දයාන් ජයතිලක සහ ප්‍රබල භික්ෂුන් වහන්සේ දෙනමක් ද, චන්ද්‍රසිරි ගජධීර මන්ත්‍රීවරයා ද මහින්ද පාර්ශ්වය අත්හැර යාම ස්ථීර බව අනාවරණය වේ.
මෙම අතුරු වාර්තාව ප්‍රසිද්ධ වීමට පෙර විමල් වීරවංස සහ දයාන් ජයතිලක අතර බරපතළ මතගැටුමක් මේ සම්බන්ධයෙන් ඇති විය. වාර්තා වන අන්දමට අතුරු වාර්තාව ප්‍රසිද්ධ කළ පසු ප්‍රබල භික්ෂූන් වහන්සේලා දෙනමක් ද දයාන් ජයතිලකගේ මතය හා එක්වී ඇත. චන්ද්‍රසිරි ගජධීර ඇතුළු මන්ත්‍රීවරුන් කීපදෙනෙකු ද මෙම මතය හා එකඟවෙමින් මහින්ද පිලෙන් ඉවත් වීමට සූදානම් වන බව අනාවරණය වේ.


ප්‍රියදර්ශන දයාරත්න