හවුල් ආණ්ඩුවත් ගෝල්ෆේස් විකුණයි

drtj
ශ්‍රීලනිපය ගෙනා නිතරග ගිවිසුම අහෝසියි
November 21, 2017
ක්‍රිsfbhze
මහින්ද මහායානයේ ප්‍රබලයෙක් !
November 21, 2017
Show all

හවුල් ආණ්ඩුවත් ගෝල්ෆේස් විකුණයි

න්ග්‍රිAQwefW

ෂැන්ග්‍රිලායි හෝටල් සමාගම යටතේ පවතින ‘වීරවර්ණ හොටෙල් ඉන්ටර්නැෂනල් ලිමිටඩ්’ නම් සමාගමට ගාලුමුවදොර ආසන්නයේ අක්කර තුනක ඉඩමක් විකිණීමට ආණ්ඩුව සූදානම් වන බවට තොරතුරු අනාවරණය වේ. පවතින වානිජ වටිනාකම් මත තක්සේරු කර මෙම ඉඩම විකිණීමට නියමිතය.
පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ෂැන්ග්‍රිලායි සමාගමට අක්කර දහයක ඉඩමක් විකුණා දැමීය. ඒ සඳහා ගාලුමුවදොර පිහිටා තිබූ යුද හමුදා මූලස්ථානය ඉවත් කර ගනු ලැබීය. ෂැන්ග්‍රිලායි සමාගම ලෝකයේ රටවල් රැසක හෝටල් ව්‍යාපාරයේ නිරත වුවද, පළමු වරට සින්නක්කර ඉඩමක් ලබා ගත හැකි වී තිබුණේ මෙරටෙන්ය.
රාජපක්ෂ පාලනය යටතේ එම ඉඩම 2011 වසරේදී මිලදී ගත් ෂැන්ග්‍රිලායි සමාගමේ පරිපාලිත මෙම සමාගම වර්තමාන හවුල් ආණ්ඩුව යටතේ ඉඩම් අක්කර තුනක් සින්නක්කරව මිල දී ගැනීමට සූදානම් වේ.


ලංකා මාරසිංහ