අගුණකොළපැලැස්ස පොලීසියට එරෙහිව ජනතා පෙත්සමක්

'පරිසර විනාශය අනාගත මිනිසාගේ මරණයයි'
‘පරිසර විනාශය අනාගත මිනිසාගේ මරණයයි’ සම්මන්ත්‍රණය ඉකිරියවත්තේදී
November 22, 2017
dfhsrtf
චිත්‍ර තරගයේ සහතිකපත් ප්‍රදානය කෙරේ
November 22, 2017
Show all

අගුණකොළපැලැස්ස පොලීසියට එරෙහිව ජනතා පෙත්සමක්

ක්‍රිfrykds

අගුණකොළපැලැස්ස පොලිස් ස්ථානය මගින් තරුණයෙකු අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රඳවාගෙන සිටින බවට චෝදනා එල්ල කෙරේ. ඒ පසුගිය ජූලි මස 21 වනදා රාති්‍රයේ එම පොලිස් වසමට අයත් වැටිය මංසන්ධියේ දී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් අතරතුරදී බෝම්බ ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධ සිදුවීමක් මුල්කර ගනිමිනි.
31 හැවිරිදි බුද්ධික යසප්‍රිය නමැති තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇති බවත් පසුව ප්‍රදේශවාසීන් විසින් දැක් වූ විරෝධය හමුවේ ප්‍රදේශයේ ජාවාරම් රැසකටද සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති නමුත් තවමත් නිසියාකාරව නීතිය කි්‍රයාත්මක නොකෙරෙන බවත් පැවසේ.
එසේම ජනතාව පවසන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියා කලාපය පක්ෂග්‍රාහී බවයි. එබැවින් අසාධාරණයට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා ගම්වාසීන්ගේ අත්සනින් යුතු පෙත්සමක් ද ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවද දැනගන්නට ඇත.


විමුක්තිනී සතරසිංහ