කල් ඉකුත් වූ බෙහෙත් නිසා ගොඩමුන්න විදුහලේ සිදු දරුවෙක් රෝහලේ

සමස්ත ලංකා ස්වාධීන කුලී නිවැසියන්ගේ සුබසාධන සංගමය
කුලී නිවැසියන් ගැටලු රැසක
November 22, 2017
ලුdfhae
නිසි ප්‍රවාහන සේවයක් නොමැතිකමින් යක්කලමුල්ල – මොරකැටිය මාර්ගයේ ජනතාව පීඩාවට
November 22, 2017
Show all

කල් ඉකුත් වූ බෙහෙත් නිසා ගොඩමුන්න විදුහලේ සිදු දරුවෙක් රෝහලේ

කල් ඉකුත් වූ බෙහෙත්

මහ/ගොඩමුන්න කනිටු විදුහලේ පෝෂණ ඌනතා ඇති දරුවන්ට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් ලබාදුන් යකඩ, පෝලික් ඇසිඩ් හා විටමින් සී පෙති හේතුවෙන් ළමයින්ට දැඩි නිදිමත ගතියක් දැනී ඇති අතර එක් සිසුවෙක් දැඩි ලෙස රෝගාතුර වී තලාතුඔය ග්‍රාමීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති බව වාර්තා වේ.
බෙහෙත් පෙති කල් ඉකුත් වී තිබීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇති වී ඇති බව වෛද්‍ය මතයයි. එහෙත් අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කර ඇත්තේ කල් ඉකුත් වී මසක් ඉක්ම යනතුරු එම ඖෂධ භාවිතා කිරීම ගැටලුකාරී නොවන බවයි.
කෙසේ වුවද මෙලෙස ළමයින් රෝගාතුර වීමෙන් අනතුරුව පාසලේ විදුහල්පතිවරයා නොමැති අවස්ථාවක පැමිණි අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් එම බෙහෙත් පෙති තොගය පැහැරගෙන ගොස් ඇති බවද වාර්තා වේ.
එබැවින් මේ පිළිබඳව වහාම සොයාබලා කටයුතු කරන ලෙස ගොඩමුන්න පාසලේ සිසු දරුවන්ගේ දෙමව්පියන් විසින් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.


එස්. ආර්. ලබුතලේ