චිත්‍ර තරගයේ සහතිකපත් ප්‍රදානය කෙරේ

ක්‍රිfrykds
අගුණකොළපැලැස්ස පොලීසියට එරෙහිව ජනතා පෙත්සමක්
November 22, 2017
සමස්ත ලංකා ස්වාධීන කුලී නිවැසියන්ගේ සුබසාධන සංගමය
කුලී නිවැසියන් ගැටලු රැසක
November 22, 2017
Show all

චිත්‍ර තරගයේ සහතිකපත් ප්‍රදානය කෙරේ

dfhsrtf

ලෝක ළමා දිනය නිමිත්තෙන් බණ්ඩාරනායකපුර දිරිය පුරවැසි සමිතිය විසින් සංවිධානය කරනු ලැබූ චිත්‍ර තරගයේ ත්‍යාග සහ සහතික ප්‍රදානෝත්සවය පසුගිය 12 වැනිදා රාජගිරිය බණ්ඩාරනායකපුර ශාක්‍යරාජ විහාරස්ථානයේදී පැවැත්විණි. උත්සවය සඳහා ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය සඳහා රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ වීනස් ගුරු මහත්මා, ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ චිත්‍ර කලා ගුරු උපදේශක අනුර හඳුන්නෙත්ති මහතා සහ කෝට්ටේ හිටපු නාගරික මන්ත්‍රී අරෝෂ අතපත්තු මහතා සහභාගී වී සිටියහ.
කාණ්ඩ කිිහිපයක් යටතේ පැවැත් වූ චිත්‍ර තරගය සඳහා බණ්ඩාරනායකපුර කොට්ඨාසයේ පදිංචි විශාල දරු දැරියන් පිරිසක් සහභාගී වී සිටියහ. මෙහි 1 හා 2 ශ්‍රේණි කාණ්ඩය යටතේ පළමු, දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් ඩී. ඒ. අවීෂ හසරංග, කේ. හිමන් හංස ද කොස්තා, චලිත් හිමංස යන සිසුන් හට හිමිවිය. එසේම 3 හා 4 ශ්‍රේණි කාණ්ඩය යටතේ පළමු, දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් දසිඳු තිසෙව් නවෝද්‍යා, ඩී. එම්. ඩී. කවිඳු සචින්ත හා ඔපයංගනී කෞෂල්‍යා යන සිසු දරු දැරියන් දිනාගත් අතර 5,6,7 ශ්‍රේණි කාණ්ඩය යටතේ පළමු, දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් තීක්ෂණ බුද්ධි ප්‍රියදර්ශන, චෙහාරා ලක්ෂාණි නවෝද්‍යා හා තරුෂි සංසලා රාජපක්ෂ යන දරු දැරියන් විසින් දිනා ගන්නා ලදී.
මීට අමතරව මෙම චිත්‍ර තරගය සඳහා සහභාගී වූ සියලූම දරු දැරියන් හට සහභාගීත්වය සඳහා සහතිකපත්ද පිරිනැමීමට සංවිධායක මඩුල්ල තීරණය කර තිබිණි. එසේම බණ්ඩාරනායකපුර දිරිය පුරවැසි සමිතිය විසින් සංවිධානය කරන ලද මෙම චිත්‍ර තරගය සඳහා බණ්ඩාරනායකපුර සුහද යෞවන ප්‍රජා මණ්ඩලයේ ද දායකත්වය හිමි වී තිබිණි.


ධනංජය සූරියබණ්ඩාර