දිල්ලි පරිසර දූෂණය තවත් ඉහළට

න්ත්‍රිseghae
මෛත්‍රීගෙන් හොර ගේමක්!
November 21, 2017
මැනුස් රැඳවුම් මධ්‍යස්ථානය
සරණාගත කඳවුරු තුළින් පිිරිසක් නික්මෙයි
November 22, 2017
Show all

දිල්ලි පරිසර දූෂණය තවත් ඉහළට

WHO

දිල්ලි අගනුවර දැනට පවතින පරිසර දූෂණයේ මට්ටම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කරන බලධාරීන්, නගරයට රථ වාහන ඇතුල් කිරීම සම්බන්ධයෙන් නැවත වරක් විකල්ප දින නියම කිරීමක් සිදු කරනු ලැබ ඇත. මේ අනුව ඔත්තේ සහ ඉරට්ටේ අංක තහඩු සහිත පෞද්ගලික වාහනවලට නොවැම්බර් 13 සහ 17 අතර කාලය තුළ එකම දිනයක අගනුවරට ඇතුල් විය නොහැකි අතර ඒවාට විකල්ප දින නියම කර තිබේ.
මෙහිදී සිදුකෙරෙන්නේ අංක තහඩු ඔත්තේ සංඛ්‍යාවකින් (1 පටන් 9) අවසන් වන වාහනවලට දින දර්ශනයේ ඔත්තේ දිනවලත් අංක තහඩු ඉරට්ටේ සංඛ්‍යාවකින් (2 පටන් 8) අවසන් වන වාහනවලට දින දර්ශනයේ ඉරට්ටේ දිනවලත් අගනුවරට පිවිසීමට අවසර දීමයි. එහෙත් එම ක්‍රමය පරිසර දූෂණය පාලනය කර ගැනීමට උදව්වක් වේද? නැද්ද? යන්න අපැහැදිලි බව විද්වතුන්ගේ අදහසයි.
දිල්ලි අගනුවර පරිසර දූෂණය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිර්දේශ කරන ලැබ ඇති මට්ටමටත් වඩා තිස්තුන් ගුණයකින් අයහපත් තත්ත්වයක පවතින බව ප්‍රකාශයට පත් කොට ඇත. දිල්ලියේ මහ ඇමතිවරයා අනතුර විස්තර කරමින් සිය නගරය ‘ගෑස් කාමරයකට’ සමාන කළේය.
පරිසර දූෂණය පාලනය කර ගැනීමේ පියවරක් වශයෙන් දිල්ලි පාලකයන් එහි ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවා ඇති අතර, නගරය තුළ රථ වාහන ගාල් කර තැබීම සඳහා අය කරන ගාස්තු වැඩි කිරීමටත් පියවර ගනිමින් ඇතැයි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් පවසයි.
දිල්ලි අගනුවර ආසන්නයේ පිහිටි පංජාබ් සහ හර්යානා ප්‍රාන්තයන්හි ගොවීන් සිය අස්වනු නෙළා ගනු ලැබීමෙන් අනතුරුව, ශීත කාලය ආරම්භ වීමත් සමඟ ඔවුන්ගේ කුඹුරුවල ඉපනැලිවලට ගිනි තබන්නට පටන් ගැනීමත් සමඟ ඉහත කී පරිසර දූෂණය තවත් බරපතළ අතට හැරෙයි. ඒ හැර, මඳ වේගය සහිත සුළඟ, ඉදිකිරීම් භූමිවලින් නැගෙන දූවිලි, කුණු කසළ දහනය සහ උත්සව පැවැත්වෙද්දී ගිනිකෙළි දැල්වීම ආදිය නිසා දිල්ලි අගනුවර පරිසරය දූෂණ ප්‍රශ්නය තවත් උග්‍ර අතට හැරීම සඳහා බලපානු ලැබ ඇත.


ධනංජය සූරියබණ්ඩාර