‘පරිසර විනාශය අනාගත මිනිසාගේ මරණයයි’ සම්මන්ත්‍රණය ඉකිරියවත්තේදී

dtgyke
ඔස්ට්‍රේලියාවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට සිය ධුරය අහිමි වෙයි
November 22, 2017
ක්‍රිfrykds
අගුණකොළපැලැස්ස පොලීසියට එරෙහිව ජනතා පෙත්සමක්
November 22, 2017
Show all

‘පරිසර විනාශය අනාගත මිනිසාගේ මරණයයි’ සම්මන්ත්‍රණය ඉකිරියවත්තේදී

'පරිසර විනාශය අනාගත මිනිසාගේ මරණයයි'

කුරුණෑගල, රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉකිරියවත්ත ප්‍රදේශයේදී ‘පරිසර විනාශය අනාගත මිනිසාගේ මරණයයි’ යන මැයෙන් සම්මන්ත්‍රණයක් පසුගියදා පැවැත්විණි. ඒ ‘ඇතුගල්පුර ප්‍රජා අයිතීන් සුරැකීමේ සංවිධානය’ හා ‘ගමට හෙටක් සංවිධානයේ’ මැදිහත්වීමෙනි.
මේ සඳහා ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ‘ජීවයේ අයිතිය සංවිධානයේ’ පරිසරවේදී වෛද්‍ය ප්‍රසන්න කුරේ හා පරිසරවේදී සජීව චාමිකර යන මහත්වරු සහභාගී වූහ.
කෙසේවුවද විලියම් වුඩ්ස් නමැති සමාගමක් මගින් ගොංමුන්නාව කඳු මුදුනේ පවත්වාගෙන යනු ලබන මහා පරිමාණ දැව ජාවාරමක් හා ගල්කොරියක් හේතුවෙන් දැදුරු ඔයේ පෝෂක ජල උල්පත් විනාශවීම හා ඉකිරියවත්ත ඇතුළු ගම්මාන කිහිපයක්ම ඉන් බලපෑමට ලක් වීම පිළිබඳවද තොරතුරු වාර්තා වේ. එසේම ඒ සම්බන්ධයෙන් ජනතාව හා සිවිල් සංවිධාන එක්ව දැක් වූ විරෝධය හේතුවෙන් එම ගල්කොරිය වෙනත් ස්ථානයක පවත්වාගෙන යන බවද දැනගන්නට ඇත.
එහෙයින් තවමත් නිමාවී නොමැති මෙම පරිසර ගැටලුව සම්බන්ධයෙන්ද ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් ඉහත සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණි.


නිපුණා සාරංගි