සරණාගත කඳවුරු තුළින් පිිරිසක් නික්මෙයි

WHO
දිල්ලි පරිසර දූෂණය තවත් ඉහළට
November 22, 2017
dtgyke
ඔස්ට්‍රේලියාවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට සිය ධුරය අහිමි වෙයි
November 22, 2017
Show all

සරණාගත කඳවුරු තුළින් පිිරිසක් නික්මෙයි

මැනුස් රැඳවුම් මධ්‍යස්ථානය

පසුගිය ඔක්තෝබර් මස අග මැනුස් රැඳවුම් මධ්‍යස්ථානය වසා දැමීමට බලධාරීහු කටයුතු කිරීමත් සමඟ ඔස්ට්‍රේලියාව යටතේ පැවති එම මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් අතරින් දෙසිය දෙනෙකු පමණ පසුගිය සතිය තුළ ඉවත්ව ඇතැයි පැපුවා නිව්ගිනියාවේ ප්‍රාදේශීය පොලිස් ප්‍රධානියෙක් පැවසීය. නමුත් එහි සිටින තවත් රැඳවියන් හාරසීය දෙනෙකු පමණ ඉන් ඉවත් වීම ප්‍රතික්ෂේප කර තිබේ.
මැනුස් දූපතේ කඳවුරේ සිටින රැඳවියන් අතරින් බහුතරය සරණාගතයන් ලෙසින් පිළිගෙන ඇති නමුත්, ඔවුන් කඳවුරෙන් නිදහස් කිරීම වෙනුවට වෙනත් මධ්‍යස්ථාන තුනකට පිටත් කිරීමට පැපුවා නිව්ගිනි බලධාරීහු උත්සාහ කරති. නමුත් එම උත්සාහයට එරෙහි රැඳවියෝ එම මධ්‍යස්ථානය හැර යාම ප්‍රතික්ෂේප කරති.
ආහාර, ජලය සහ විදුලි බලය පවා නොමැතිව රැඳවුම් මධ්‍යස්ථානය හැර යාම ප්‍රතික්ෂේප කරමින් සාමකාමී උද්ඝෝෂණයක නිරතව සිටින බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් පැවසීය. රැඳවියන් බොහෝ පිරිසක් දැඩි රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින බව නීතිඥ ඉයන් රින්ටූල් මෙන්ම රැඳවියන් වෙනුවෙන් පෙනී සිටින සෙසු නීතිවේදීහු ද පවසති.
එසේම කඳවුර වසා දැමූ බලධාරීන් ජලය සහ විදුලි බල සැපයුම කප්පාදු කිරීම හේතුවෙන් විදුලිය, ජලය සහ ආහාර නොමැතිව දිවි ගෙවීමට ඔවුන්ට සිදු වී ඇති බවත් ඉයන් රින්ටූල් සඳහන් කළේය.


ධනංජය සූරියබණ්ඩාර