ඔස්ට්‍රේලියාවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට සිය ධුරය අහිමි වෙයි

මැනුස් රැඳවුම් මධ්‍යස්ථානය
සරණාගත කඳවුරු තුළින් පිිරිසක් නික්මෙයි
November 22, 2017
'පරිසර විනාශය අනාගත මිනිසාගේ මරණයයි'
‘පරිසර විනාශය අනාගත මිනිසාගේ මරණයයි’ සම්මන්ත්‍රණය ඉකිරියවත්තේදී
November 22, 2017
Show all

ඔස්ට්‍රේලියාවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට සිය ධුරය අහිමි වෙයි

dtgyke

ද්විත්ව පුරවැසිභාවය සහිත තවත් මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වීමත් සමඟ ඕස්ට්‍රේලියාවේ පාලක කොන්සර්වේටිව් පක්ෂයට පාර්ලිමේන්තු බහුතරය අහිමි විය. අලුතින්ම ඉල්ලා අස් වූ මන්ත්‍රීවරයා වන්නේ ජෝන් ඇලෙක්සන්ඩර්ය.
සිය පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියෙන් ඉල්ලා අස් වූ මන්ත්‍රීවරයා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඇතැම් විට තමා පිය උරුමයෙන් බ්‍රිතාන්‍ය පුරවැසිභාවයත් දැරීමට ඉඩකඩ ඇති හෙයින් එම පියවර තෝරා ගන්නා බවය. ඕස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මන්ත්‍රීවරයකුට ද්විත්ව පුරවැසිභාවය දැරිය නොහැක.
මෑතදී ප්‍රකාශයට පත් කරන ලද මහාධිකරණ තීන්දුවක් අනුව ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති බාර්නබි ජොයිස් (Barnaby Joyce) සහ සෙනේට් සභිකයන් හතර දෙනකුට පාර්ලිමේන්තුව අහිමි විය. නියෝජ්‍ය අගමැති බාර්නබි ජොයිස් ඇතුළු අදාළ මන්ත්‍රීවරුන් ඕස්ට්‍රේලියාවට අමතරව නවසීලන්තයේ හෝ කැනඩාවේ හෝ එක්සත් රාජධානියේ පුරවැසියෝ වෙති. ඔවුන්ට පාර්ලිමේන්තුව අහිමි වීමන් පසු පාලක කොන්සර්වේටිව් පක්ෂය බලයේ රැඳී සිටියේ එක් වැඩි ඡන්දයකිනි.
කෙසේ නමුත් බහුතර බලය අහිමි වුණත් පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් (Malcolm Turnbull) පවසයි. ඊට හේතුව වන්නේ අගමැතිවරයාට ස්වාධීන මන්ත්‍රීවරුන් කිහිපදෙනකුගේ සහයෝගය ලැඛෙමින් ඇති හෙයිනි.


ධනංජය සූරියබණ්ඩාර