ඡන්ද නඩුවෙන් හවුල දෙදරයි!

ඩඩ්ලි, ගෝඨා
තුන්කොන් සටනක් එපා! ඩඩ්ලි, ගෝඨා අලුත් වැඩක
December 1, 2017
අර්තාපල් අල ගොවීන්ගේ
අයවැය නිසා කබලෙන් ලිපට වැටුණු අල ගොවියෝ
December 5, 2017
Show all

ඡන්ද නඩුවෙන් හවුල දෙදරයි!

ඡන්ද නඩුවෙන්

මැතිවරණය කල් දැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය කටයුතු කිරීමත් සමග එක්සත් ජාතික පක්ෂය සහ මෛත්‍රී පිල අතර බරපතළ විරසකයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ. ඒ නිසා මැතිවරණය කල් දැමීමට එරෙහිව ගනු ලබන සියළුම ක්‍රියාමාර්ග වලට එක්සත් ජාතික පක්ෂය සහාය දීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම මේ වන විටත් ෆයිසර් මුස්තාපා ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් කර ඇති අතර අනෙකුත් දේශපාලන පක්ෂද මෛත්‍රී පිල විසින් ගෙන යන මැතිවරණ කල් දැමීමේ කුමන්ත්‍රණයට සිය විරෝධය පළ කර තිබේ.
පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළේ වැරදි ගැසට් නිවේදනයක් මගින් නඩුවකට පළාත් පාලන ඇමැතිවරයා පිඹුරුපත් සකස් කළ බවයි. ඒ නිසා ඔහු ඇමැතිකමෙන් ඉල්ලා අස් විය යුතු බවත් එසේ නොකළහොත් ඇමැතිකමෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් පැවසීය. එසේම ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට පත්ව තිබීමට හා ඒකාධිපතිවාදය හිස එසවීමට එරෙහිව ජනවාරි 08 වනදා ජනතාව ලබා දුන් තීන්දුව අනුව බලයට පත් වත්මන් ජනාධිපතිවරයාට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කිරීමට යුතුකමක් හා වගකීමක් තිබෙන බවත් පෙන්වා දුන්නේය.
පසුගිය 23 වන දින මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් ද සඳහන් කළේ පළාත් පාලන ඡන්දය කල් දමා ගැනීමට අධිකරණයට ගොස් තිඛෙන්නේ මේ ආණ්ඩුවේ නියෝජිතයන්ම බවයි. ඊට ෆයිසර් මුස්තාපා ඇමතිවරයා සෘජුවම සම්බන්ධ වී ඇති බවට චෝදනා කළ ඔහු ඒ සම්බන්ධයෙන් ගෙන එනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයකට තම පක්ෂය සහාය ලබා දෙන බව ප්‍රකාශ කර සිටියේය. එසේම පක්ෂ වල අභ්‍යන්තර අර්බුද හේතුවෙන් මැතිවරණ කල් දැමීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවත් එය පරාජය කිරීමට සියළු පක්ෂ වල ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන මන්ත්‍රීවරුන් සහ වෙනත් සංවිධාන සමග එක්ව පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් පුළුල් ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණය වීමට නියමිත බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන පක්ෂ ගණනාවක්ම එකඟතාවය පළ කර ඇති බවත් අවධාරණය කළේය.
මේ අතර පසුගිය 22වන දින රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද-මෛත්‍රී කණ්ඩායම් අතර පැවැත්වූ සාකච්ඡා වලදී තීරණය වුණු එක්ව තරග කිරීමේ තීරණයද මේ විශ්වාස භංගයත් සමග අර්බුදයට ගොස් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.


චතුර දිසානායක