තුන්කොන් සටනක් එපා! ඩඩ්ලි, ගෝඨා අලුත් වැඩක

ranil
රනිල් වෙනුවෙන් පචමෝලක්
December 1, 2017
ඡන්ද නඩුවෙන්
ඡන්ද නඩුවෙන් හවුල දෙදරයි!
December 1, 2017
Show all

තුන්කොන් සටනක් එපා! ඩඩ්ලි, ගෝඨා අලුත් වැඩක

ඩඩ්ලි, ගෝඨා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී – මහින්ද පිල මෙන්ම හවුල් ආණ්ඩුවේ මෛත්‍රී – රනිල් දෙදෙනා අතර ද වශයෙන් තුන් කොන් බල අරගලය වෙනුවට ත්‍රෛ පාර්ශ්වීය සමගි සම්මුතියක් ගොඩනැගීමට ඩඩ්ලි සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ දැඩි කැපවීමකින් කටයුතු කරමින් සිටින බව අනාවරණය වේ.
මේ දෙදෙනාගේ මූලිකත්වයෙන් මහින්ද සහ මෛත්‍රී දෙපාර්ශ්වය අතර තීරණාත්මක ආරම්භක රහස් සාකච්ඡාවක් පවත්වන ලද බවද එහිදී බරපතළ ප්‍රතිවිරෝධී කරුණු වෙනුවට එකඟ විය හැකි කරුණු මූලික වශයෙන් සාකච්ඡා කළ බවද අභ්‍යන්තර තොරතුරුවලින් හෙළි වේ. එම හමුව සිදු වී ඇති ස්ථානය පිළිබඳ පරස්පර තොරතුරු හෙළි වී තිබෙන අතර, ඩඩ්ලිට අයත් නුවරඑළිය සුපිරි නිවසක හමුව සිදු වූ බවට එක් තොරතුරකින් හෙළි වන අතර, තවත් තොරතුරකින් හෙළි වන්නේ ඔහුගේ හෝටලයක දී සිදු වුණු බවය.
මේ අතර ලැඛෙන අලුත්ම තොරතුරුවලින් හෙළි වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දීය සංචාරය නිම කර යළි පැමිණි විගස ම රනිල්, මහින්ද සහ මෛත්‍රී තිදෙනාම මුහුණට මුහුණ හමු වී සෘජු සාකච්ඡාවක් කිරීමට සැලසුම් සකස් කරමින් තිබෙන බවය. පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය හා පළාත් සභා මැතිවරණ පිළිබඳ දේශපාලන තීන්දුවක් එම හමුවේ දී ගනු ලැබීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් දැනගන්නට ඇත. ජනාධිපති සොහොයුරු ඩඩ්ලි සිරිසේන සහ රාජපක්ෂ පවුල් අතර පවතින දැඩි මිත්‍රත්වය උපයෝගී කරගෙන උද්ගත වී තිඛෙන තත්ත්වයෙන් කිසිවෙකුට හෝ බරපතළ දේශපාලන පරාජයක් අත් නොවන පරිදි වෙන් වෙන්ව හෝ ඒකාබද්ධව දේශපාලනය කිරීමට තිබෙන හැකියාව පිළිබඳව සොයා බලා සකස් කරන ලද පූර්ව සැලසුමක් සහිතව ඩඩ්ලි – ගෝඨා දෙදෙනා විසින් මහින්ද, මෛත්‍රී, රනිල් එක්සත් කිරීමට මැදිහත්ව සිටින බව වැඩි දුරටත් අනාවරණය වේ.


ප්‍රියදර්ශන දයාරත්න