බැඳුම්කරේ සුජීව වෙනුවෙන් රාජිත ප්‍රබල සටනක !

ලුgfudser
ලෝක උරුම ලැයිස්තුවෙන් දඹුල්ල කැපේ
December 1, 2017
ගෝඨාභය රාජපක්ෂ
අද හෙටම ගෝඨා ඇතුළට නීතිපතිගේ අනුමැතිය ලැබේ
December 1, 2017
Show all

බැඳුම්කරේ සුජීව වෙනුවෙන් රාජිත ප්‍රබල සටනක !

බැඳුම්කරේ

සුජීව සේනසිංහ නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු එජාප කෝප් කමිටු සාමාජිකයන් බැඳුම්කර කොල්ලයේ යෙදුණු අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථන සංවාදවල යෙදීමේ චෝදනාවෙන් නිදහස් කර ගැනීමට රාජිත සේනාරත්න ඇමතිවරයා ද ඉදිරිපත්ව සිටී.
පසුගිය 22 වැනි දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අසන ලද ප්‍රශ්නයකට රාජිත සේනාරත්න ඇමතිවරයා උද්වේගකර ලෙස ප්‍රකාශ කළේ ඔවුන්ට විස්තර දැනගැනීමට අර්ජුන් ඇලෝසියස් සමඟ සාකච්ඡා කළ යුතු බවය. මාධ්‍යවේදීන්ට අභියෝග කළ ඇමතිවරයා, ‘මාධ්‍යවේදීන් කී දෙනෙකු සමඟ ඇලෝසියස් සාකච්ඡා කර තිබෙන්නේ දැයි ප්‍රශ්න කළේය. සුජීව සේනසිංහ නියෝජ්‍ය ඇමති මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කරන ලද්දේ තමන් ලියූ පොතට කරුණු දැනගැනීම සඳහා ඇලෝසියස් සමඟ දුරකථනයෙන් සාකච්ඡා කළ බවය. ඒ සඳහා ඔහු ඇලෝසියස් සමඟ සාකච්ඡා නොකර ‘එයාගෙ අම්ම එක්ක කතා කරන්නද?’ යනුවෙන් විමසා තිබිණි.
නමුත්, සුජීව සේනසිංහ විසින් ලියන ලදැයි කියන ‘මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත’ යනුවෙන් නම් කළ අයි.එස්.බී.එන්. 978-950-681-252-7 අංක දරන පොත කර්තෘ ප්‍රකාශනයක් ලෙස 2015 දී නිකුත් කර තිබේ. මේ පොතට කරුණු රැස් කිරීම සඳහා අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථන සංවාදයේ යෙදුණු බව සුජීව සේනසිංහ ප්‍රකාශ කළ ද, බැඳුම්කර කොමිසම හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෙළි කර තිබෙන්නේ 2016 මැයි මස 26 වැනි දින සිට 2016 ඔක්තෝබර් 28 වැනි දින දක්වා සංවාදයේ යෙදුණු දුරකථන අංක හිමි කෝප් කමිටුවේ සාමාජිකයන් පිළිබඳ විස්තරය වේ. කෝප් කමිටුවට අමතරව ආණ්ඩුවේ මැති, ඇමතිවරුන් හා ඔවුන්ගේ පවුල්වල අය සමඟ ඇලෝසියස් 476 වතාවක් ඇමතුම් ලබාගෙන ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළි කරගෙන තිබේ.


ප්‍රියදර්ශන දයාරත්න