රනිල් වෙනුවෙන් පචමෝලක්

මාමයි බෑනයි
මාමයි බෑනයි අත්අඩංගුවට?
December 1, 2017
ඩඩ්ලි, ගෝඨා
තුන්කොන් සටනක් එපා! ඩඩ්ලි, ගෝඨා අලුත් වැඩක
December 1, 2017
Show all

රනිල් වෙනුවෙන් පචමෝලක්

ranil

බැඳුම්කර කොමිෂන් සභාවේ අවශ්‍යතාවය අනුව සාක්ෂි දීමට එහි ගිය අගමැති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් සාවද්‍ය ප්‍රවෘත්ති මැවීමේ සහ ප්‍රචාරය කිරීමේ සංවිධානාත්මක මෙහෙයුමක් පසුගිය සතිය ආරම්භයේ දියත් කර තිබුණු බව හෙළි වේ.
‘බය නැති අගමැති’ යන පොදු තේමාව යටතේ විවිධ ප්‍රචාරක ව්‍යාපෘති දියත් කර තිබූ අතර, එහිදී ප්‍රධාන වශයෙන්ම බැඳුම්කර කොමිසමට ස්වේච්ඡාවෙන්ම ගොස් සාක්ෂි ලබා දීම සහ ඒ පිළිබඳව කොමිසමේ සභාපති, විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා විශේෂ ස්තුතියක් පළ කළ බව 21 වැනි දින ‘දිනමිණ’ පුවත්පතේ ප්‍රමුඛ පුවත ලෙස පළ කර තිබිණි.
කොමිසම ඉදිරියේ සාක්ෂි දීම සම්බන්ධයෙන් විශේෂ අවස්ථාවලදී මෙවැනි ස්තූතිය පළ කිරීම් කරන අතර, අගමැති රනිල් කොමිසම ඉදිරියේ පෙනී සිටියේ කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බව කොමිසම විසින් දන්වා සිටීම නිසාය. කොමිසම විසින් අනාවරණය කරගෙන තිබුණු කරුණු පිළිබඳව අගමැතිවරයාට ප්‍රශ්න 48ක් කොමිසම විසින් ඉදිරිපත් කර තිබිණි. එම ප්‍රශ්නාවලියට අගමැති ලබා දී තිබූ ලිඛිත පිළිතුරු පිළිබඳව වැඩි දුරටත් විමර්ශනය කිරීමේ අවශ්‍යතාවය මත අගමැති කැඳවා තිිබිණි.
අගමැතිගේ ලිඛිත පිළිතුරු සැපයීම වනවිට කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම අවසන් කිරීමට තීරණය කර පසුව එය කි්‍රයාවට නංවනු ලැබීය. නමුත්, අගමැතිගෙන් වැඩිදුර කරුණු විමසීමට කොමිසම යළි රැස් වීමට කටයුතු කරනු ලැබීය. ඒ නිසා මෙසේ සාක්ෂි දීමට සිදු වූ අතර, එම දෙවැනි වර සාක්ෂි කැඳවීමේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කෝප් කමිටුවේ නියෝජිතයන් සහ ඊට අමතරව පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් අතර අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථන සාකච්ඡා කිරීම පිළිබඳ තොරතුරු හෙළි කරනු ලැබීය.


ගයාන් රූපසිංහ