අධිරාජ්‍යවිරෝධී අධිකරණයක් හමුවේ මානව සුරක්ෂිතතාවය විභාග කළ 19 වන ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙල

ක්‍රිsrgaer
ඉරාන න්‍යෂ්ටික සම්මුතිය සහ ලෝක ආධිපත්‍ය සඳහා එක්සත් ජනපද මෙහෙයුම
December 5, 2017
ලුasefwe
යුද සන්ධාන සොයා ආසියාවට පැමිණි ඩොනල්ඩ් ට්‍රම්ප්
December 5, 2017
Show all

අධිරාජ්‍යවිරෝධී අධිකරණයක් හමුවේ මානව සුරක්ෂිතතාවය විභාග කළ 19 වන ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙල

ණිsryhaery

දෙවන ලෝක යුද්ධයෙන් පසුව නැවත එවැනි තත්ත්වයක් ඇති වීම වැලැක්වීම සඳහා එවකට පැවති සමාජවාදී කඳවුර මැදිහත් වෙමින් ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනය ගොඩනගනු ලැබීය. එහි පළමු තරුණ හා ශිෂ්‍ය සම්මේලනය ආරම්භ කරන ලද්දේ 1945 නොවැම්බර් 10 වන දින ලන්ඩනයේදීය. ඉන් අවුරුදු දෙකකට පසු චෙකොස්ලෝවැකියාවේ ප්‍රාග් නගරයේදී එම සම්මේලය විසින් පළමු වන ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙල පැවැත්වීමට කටයුතු යොදන ලදී. එතැන් සිට වසර දෙකකට වරක් පවත්වනු ලැබූ මෙම උළෙල හැටේ දශකයේ මැද භාගයේ සිට සෑම වසර හතරකටම වරක් අඛණ්ඩව පවත්වනු ලබයි.
එසේ පවත්වනු ලැබූ 19 වන ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙල පසුගිය 14 වන දින සිට 22 වනදා දක්වා රුසියාවේ සෝචි නගරයේ දී ඉමහත් අභිමානයෙන් යුතුව පැවැත්විණි. මීට පෙර අවස්ථා දෙකකදී සෝවියට් දේශය විසින් මෙම උළෙල රුසියාව ආශ්‍රිතව දෙවරක් ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙල සඳහා සත්කාරකත්වය ලබා දී ඇති අතර ඒ 1958දී සහ 1985දීය. ඒ අනුව මෙවර මෙම උළෙල රුසියාවේ පැවැත්වෙන්නේ තුන් වන වරටය. මීට පෙර අවස්ථා දෙකෙහිදීම උළෙල පවත්වා ඇත්තේ මොස්කව් නගරයේ වුවද මෙවර එය පැවැත්වීමට කටයුතු යොදා තිබුණේ සෝචි ඔලිම්පික් ගම්මානය කේන්ද්‍ර කර ගනිමිනි. එසේ සංවිධානය වුණු 19 වන ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙල සඳහා ලොව පුරා රටවල් 183ක් නියෝජනය කරමින් අධිරාජ්‍ය විරෝධී, ප්‍රගතිශීලී, වාමාංශික තරුණ හා ශිෂ්‍ය සංවිධානවල 24,000කට අධික තරුණ තරුණියන් පිරිසක් සම්බන්ධ වූහ. ‘ලෝක සාමය, සහයෝගීතාව සහ සමාජ සාධාරණත්වය සඳහා අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් වදිමු, අතීතයට ගරු කරමින් අනාගතය ගොඩනගමු’ යන්න මෙවර උළලේ තේමාවයි. එසේම මෙවර උළෙල තුළ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ සියවස් සමරුවට අදාළ වැඩසටහන් කිහිපයක්ම යෙදී තිබීමද සුවිශේෂී කාරණයක් විය.
මෙලෙස පැවැත්වෙන සෑම උළෙලකදීම ඒ සුවිශේෂී ජනතාවාදී නායකයන් වෙත උළෙලේ ආචාරය පුද කරන අතර මෙවර ඒ සඳහා තෝරාගෙන තිබුණේ අර්නස්ටෝ චේ ගුවේරා, ෆිදෙල් කැස්ත්‍රෝ සහ මොහොමද් අබ්දුල් අෂීස් යන නායකයන් තිදෙනාය. චේ මරා දමා වසර පනහක් සම්පූර්ණ වීමත්, ෆිදෙල් සහ අබ්දුල් අෂීස් මියගොස් වසරක් සම්පූර්ණ වීමත් නිසා ඒ තිදෙනා වෙනුවෙන් මෙම උළෙල කැප කිරීමට තීරණය කර තිබුණි.
මෙවර මෙම උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජිතයන් 330ක් සහභාගි වූහ. එම පිරිස සමන්විත වූයේ විවිධ දේශපාලන පක්ෂ වල සාමාජිකයන්ගෙනි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 125ක්, කොමියුනිස්ට් පක්ෂයෙන් 40ක්, ජනතා විමුක්ති පෙරමුණෙන් 25ක්, මහජන එක්සත් පෙරමුණෙන් 35ක්, සමසමාජ පක්ෂයෙන් 12ක්, එක්සත් ජාතික පක්ෂයෙන් 37ක්, පොදුජන පෙරමුණෙන් 38ක්, පිවිතුරු හෙළ උරුමයෙන් 01ක්, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණෙන් 10ක් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් 03ක් මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලැබූ අතර එය ලංකාව නියෝජනය කළ වැඩිම නියෝජිත සංඛ්‍යාවද වෙයි.
ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ ආසියා පැසිපික් කලාපය නියෝජනය කරමින් එහි උප සභාපතීත්වය දරන සමාජවාදී තරුණ සංගමය විසින් මෙවර උළෙල සඳහා දැක්වූ සිය සක්‍රීය දායකත්වය හා මැදිහත්වීම උළෙලෙහි කාගේත් සුවිශේෂී අවධානයක් දිනාගැනීමට සමත් විය.
කියුබාව, උතුරු කොරියාව, වෙනිසියුලාව හා පලස්තීනය යනාදී රටවලට එරෙහිව සිදුකරන ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී රටවල්වල මැදිහත් වීමට එරෙහිව එම සියලුම රටවල්වලට සහයෝගීත්වය පළකරන වැඩසටහන් සංවිධානය කර තිබූ අතර එම රටවලට එරෙහිව සිදුකරන අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලට විරුද්ධව බැනර් අත්සන් කිරීමත් සිදුකළ අතර එය උළලේ වැඩසටහන් අතර සුවිශේෂී අවධානයක් දිනාගැනීමටද සමත් විය.
එසේම උළලෙහි සුවිශේෂී අංගයක් ලෙස පැවැත්වූ අධිරාජ්‍ය විරෝධී අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකාව තුළ අධිරාජ්‍යවාදී බහුජාතික සමාගම්වල මැදිහත්වීම මත කෘෂිකර්මාන්තය තුළ සිදුකරන රසායන ද්‍රව්‍ය භාවිතයත් එහිම ප්‍රතිඵලයක් ලෙස රජරට ප්‍රදේශයේ පැතිර යන වකුගඩු රෝගය හා එහි හානිකර තත්ත්වයන් පිළිබඳවත් අවධාරණය කරවීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සමාජවාදී තරුණ සංගමයේ නියෝජිතයන්ට හැකිවිය.
ලෝකයේ අධ්‍යාපන පුද්ගලීකරණය, ඊට එරෙහි අරගලය සහ එහි ප්‍රතිවිපාක යන මැයෙන් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයේදී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මතුව ඇති අර්බුදය සහ අධ්‍යාපන පෞද්ගලීකරණයත් එහිම ප්‍රතිඵලයක් වන සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම සදහා සිදුකරන ශිෂ්‍ය අරගලයන් ගැනත් දැනුම්වත් කිරීමට හැකියාව ලැබුණු අතර සයිටම් ආයතනය අහෝසි කරන ලෙස බලකරනු ලබන බැනරයක්ද සමාජවාදී ශිෂ්‍ය සංගමයේ මැදිහත් වීමෙන් අත්සන් කෙරිණි.
එසේම’පුද්ගල අයිතිවාසිකම් තහවුරු කිරීමට ධනවාදය අසමත් වී ඇති බව සහ විරැකියාව ඇතුළු තරුණ තරුණියන් මුහුණ දී ඇති ගැටලු යනු එහි ප්‍රතිඵලයකි’ යනුවෙන් පැවැත්වූ සම්මන්ත්‍රණය සඳහා සමාජවාදී තරුණ සංගමය ද දායක වෙමින් අදහස් දැක් වූ අතර ලංකාවේ තරුණ ප්‍රජාව මුහුණ දී ඇති විරැකියාව විවිධ ගැටලු සම්බන්ධයෙන් ද සභාවේ අවධානය යොමු කරවන ලදී. එහිදී සමාජවාදී තරුණ සංගමය විසින් මෙරට තරුණ අයිතීන් දිනාගැනීම සඳහා සිදුකරන අරගලය සම්බන්ධ බැනරයක් ප්‍රදර්ශනය කිරීමටද කටයුතු කරන ලදී.
මීට අමතරව මාධ්‍ය හා තොරතුරු සන්නිවේදනයේ අධිරාජ්‍යවාදී හැසිරීම, ලෝක සරණාගත ගැටලුව අධිරාජ්‍යවාදයේ ප්‍රතිඵලයකි, විෂ මත්ද්‍රව්‍යයට එරෙහි අරගලය, ඒඩ්ස් රෝගයට එරෙහි අරගලය, කියුබානු විප්ලවය සහ ෆිදෙල් කැස්ත්‍රෝ, ධනවාදය යටතේ ස්වභාවික සම්පත්වල විනාශය මගින් ඇති වන සමාජීය බලපෑම්, ධනවාදයේ අර්බුදය සහ තරුණයන්ගේ කාර්යභාරය, රටවල ජාතික විමුක්ති අරගල සඳහා රුසියන් විප්ලවයේ බලපෑම, ලිංගික
වෙනස මත අයිතීන් නොලැබීම, ආගමික අන්තවාදය හා ජනවාර්ගික ගැටුම් යනාදී තේමා යටතේ පැවති සම්මන්ත්‍රණ සඳහා ද සහභාගී වෙමින් දේශන හා අදහස් දැක්වීමටද ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට හැකි විය.
ලෝකයේ අධ්‍යාපන පුද්ගලීකරණය, ඊට එරෙහි අරගලය සහ එහි ප්‍රතිවිපාක යන මැයෙන් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයේදී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මතුව ඇති අර්බුදය සහ අධ්‍යාපන පුද්ගලීකරණයත් එහිම ප්‍රතිඵලයක් වන සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම සදහා සිදුකරන ශිෂ්‍ය අරගලයන් ගැනත් දැනුම්වත් කිරීමට හැකියාව ලැබුණු අතර සයිටම් ආයතනය අහෝසි කරන ලෙස බලකරනු ලබන බැනරයක්ද සමාජවාදී ශිෂ්‍ය සංගමයේ මැදිහත් වීමෙන් අත්සන් කෙරිණි.
එසේම ‘පුද්ගල අයිතිවාසිකම් තහවුරු කිරීමට ධනවාදය අසමත් වී ඇති බව සහ විරැකියාව ඇතුළු තරුණ තරුණියන් මුහුණ දී ඇති ගැටලු යනු එහි ප්‍රතිඵලයකි’ යනුවෙන් පැවැත්වූ සම්මන්ත්‍රණය සඳහා සමාජවාදී තරුණ සංගමය ද දායක වෙමින් අදහස් දැක් වූ අතර ලංකාවේ තරුණ ප්‍රජාව මුහුණ දී ඇති විරැකියාව විවිධ ගැටලු සම්බන්ධයෙන් ද සභාවේ අවධානය යොමු කරවන ලදී. එහිදී සමාජවාදී තරුණ සංගමය විසින් මෙරට තරුණ අයිතීන් දිනාගැනීම සඳහා සිදුකරන අරගලය සම්බන්ධ බැනරයක් ප්‍රදර්ශනය කිරීමටද කටයුතු කරන ලදී.
මාධ්‍ය හා තොරතුරු සන්නිවේදනයේ අධිරාජ්‍යවාදී හැසිරීම, ලෝක සරණාගත ගැටලුව අධිරාජ්‍යවාදයේ ප්‍රතිඵලයකි, විෂ මත්ද්‍රව්‍යයට එරෙහි අරගලය, ඒඩ්ස් රෝගයට එරෙහි අරගලය, කියුබානු විප්ලවය සහ ෆිදෙල් කැස්ත්‍රෝ, ධනවාදය යටතේ ස්වභාවික සම්පත්වල විනාශය මගින් ඇති වන සමාජීය බලපෑම්, ධනවාදයේ අර්බුදය සහ තරුණයන්ගේ කාර්යභාරය, රටවල ජාතික විමුක්ති අරගල සඳහා රුසියන් විප්ලවයේ බලපෑම, ලිංගික වෙනස මත අයිතීන් නොලැබීම, ආගමික අන්තවාදය හා ජනවාර්ගික ගැටුම් යනාදී තේමා යටතේ පැවති සම්මන්ත්‍රණ සඳහා ද සහභාගී වෙමින් දේශන හා අදහස් දැක්වීමටද ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අවස්ථාව ලැබී තිබුණි.
මීට අමතරව උළෙලට සම්බන්ධ වූ විදේශීය සංවිධාන සමග සාකච්ඡා ගණනාවක් පැවැත්වීමටත් එමගින් එම රටවල්වල පවතින දේශපාලන තත්ත්වය හා තරුණ, ශිෂ්‍ය ව්‍යාපාරයන් සිදුකරන අරගල පිළිබඳවත් එම අරගලවලදී ඔවුන් ලද අත්දැකීම් පිළිබඳවත් අදහස් හුවමාරු කරගැනීමටත් විශාල ඉඩකඩක් උළෙල තුළදී දක්නට ලැබුණි. විශේෂයෙන් සමස්ත උළෙල පුරාම සෑම නියෝජිතයෙකු තුළම අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය පිළිබඳව උත්තේජනයක් ඇතිකිරීමට සමත් වූ අතර ලෝක පරිමාණයෙන් අධිරාජ්‍යවාදයට හා ධනවාදයට එරෙහිව සිදුකරන අරගලයට නව ප්‍රාණයක් එක් කිරීමටත් මෙම සියලු අර්බුදයන්ට විසදුම ඇත්තේ අසාධාරණ ධනවාදී සමාජක්‍රමය බිද වට්ටවා සිදුකරන සමාජවාදී සමාජ විප්ලවය තුළ පමණක්ය යන්න සියලු දෙනාගේම හදවත් තුළ ගැඹුරු ලෙස තහවුරු කිරීමටත් මෙවර ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ හා ශිෂ්‍ය උළෙල විශාල දායක්තවයක් සපයනු ලැබීය.

අධිරාජ්‍යවාදයට එරෙහිව ලෝක පරිමාණයෙන් තාරුණ්‍යය එකට එකතු වීම ඉතා වැදගත්…
ශ්‍රී ලංකාවේ ජාතික සූදානම් කිරීමේ කමිටුවේ සම සභාපති, ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස

ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙලට සහභාගී වීම සඳහා සාමාන්‍යයෙන් අවුරුද්දක පමණ කාලයක් පුරා සූදානම් වෙනවා. ලෝකයේ රටවල් හැම එකක්ම ඒ වෙනුවෙන් ජාතික සූදානම් කිරීමේ කමිටු ඇති කරමින් සැලසුම් සහගත මැදිහත්වීමක් සිදු කරනවා. එය සිදු වෙන්නේ ඒ රටේ සිටින ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ සාමාජිකයාගේ ප්‍රධානත්වයෙන්. ඒ ජාතික සූදානම් කිරීමේ කමිටුවට ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ සාමාජික සහ නොවන තරුණ පිරිස් සාමාජිකයන් ලෙස සම්බන්ධ කර ගනු ලබනවා. ඒ අනුව මෙවර ලංකාවේ ජාතික සූදානම් කිරීමේ කමිටුවට දේශපාලන පක්ෂ දහ හතකට සම්බන්ධ තරුණ සහ ශිෂ්‍ය සංවිධාන තිස් තුනක් ඇතුළත් වුණා. එහි සම සභාපති ධුරය දැරුවේ දුමින්ද දිසානායක සහ මම. ලේකම්වරයා විදිහට කටයුතු කළේ කොමියුනිස්ට් පක්ෂයේ වීරසුමන වීරසිංහ.
ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ සාමාජිකත්වය දරන සංවිධාන හතක් ලංකාවේ තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සම්මේලය, මහජන එක්සත් පෙරමුණේ තරුණ පෙරමුණ, ලංකා සමසමාජ තරුණ සංගමය, කොමියුනිස්ට් තරුණ හා ශිෂ්‍ය සංගම්, සමාජවවාදී තරුණ සංගමය සහ සමාජවාදී ශිෂ්‍ය සංගමය තමයි ඒ සංවිධාන හත වෙන්නෙ. ඒ අතරින් සමාජවාදී ශිෂ්‍ය සංගමයේ පුබුදු නුවන් සමරවීර ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලයේ උප සභාපතිත්වය නියෝජනය කරනවා. ඒ වගේම මෙවර තමයි පළවෙනි වතාවට ජාත්‍යන්තර සූදානම් කිරීමේ කමිටුව නියෝජනය කරන්න ලංකාවට අවස්ථාව ලැබුණෙ. ඒ අනුව සමාජවාදී ශිෂ්‍ය සංගමයේ වෛද්‍ය ලසන්ත අබේවර්ණ සහභාගි වුණා.
මේ සූදානම් කිරීමෙන් පස්සෙ පැවැත්වෙන ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙලෙදි විවිධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු ඇතුළු විශේෂාංග රැසක් අන්තර්ගත වෙනවා. පසුගිය අවස්ථා වලදී වගේම මෙවරත් එවැනි අවස්ථා ගණනාවක්ම සංවිධානය කෙරිල තිබුණා.
ඒ වගේම මේ උළෙල වෙනුවෙන් රුසියානු ආණ්ඩුව විශාල මුදලක් වැය කරල තිබුණා. ඒ වුණත් රුසියාව පැත්තෙන් යම් අඩුපාඩුත් සිදු වුණා. ඒ අතරින් ප්‍රධානම දේ තමයි රුසියානු තරුණයන් ආකර්ෂණය කර ගැනීමටත් රුසියාව සම්බන්යෙන් ප්‍රතිරූපය ගොඩනැගීමටත් උළෙල තුළ වැඩි ඉඩකඩක් වෙන් කර තිබීම. විශේෂයෙන් රුසියාව විද්‍යාව සහ තාක්ෂණය පැත්තෙන් අත්පත් කරගෙන තිඛෙන තත්ත්වයන් පෙන්වීමේ ප්‍රදර්ශනයක ස්වභාවයක් මේ නිසා උළෙල තුළට ඇතුළත් වෙලා තිබුණා. ඒවා ප්‍රදර්ශනය කිරීම වරදක් නෙමෙයි. ඒත් උළෙලට අදාළ කේන්ද්‍රීය සාධකය වන දේශපාලන කරුණු සම්බන්ධයෙන් ඊට සාපේක්ෂව දක්වල තිබුණු උනන්දුව අඩුයි. නමුත් ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලයේ මැදිහත්වීම නිසා ඒ තත්ත්වය සම් ප්‍රමාණයකට කළමනාකරණය ගන්න හැකියාව ලැබුණා.
ලංකාව පැත්තෙන් තිබුණු අඩුපාඩුව තමයි විශාල පිරිසක් සහභාගී වුණාට ඒ ලැබුණු අවස්ථාවෙන් හොඳම ප්‍රයෝජනය ගන්න බොහෝ පිරිස් තුළ තිබුණු උනන්දුව අඩු වීම. මේ වෙනුවෙන් වැය වෙන්නෙ රටේ මුදල් නිසා ඒ වගකීමට සාධාරණයක් කළ යුතුව තිබුණා. ඒ අතරෙ මේ උළෙල තුළ සිදු වුණු ක්‍රියාවලියට සක්‍රීයව දායක වුණු පිරිසකුත් හිටියා. විශේෂයෙන් වාමාංශික දේශපාලන පක්ෂ වලට සම්බන්ධ ශිෂ්‍ය සහ තරුණ නියෝජිතයන් මේ අවස්ථාවට ඔවුන්ගේ සක්‍රීය දායකත්වය ලබා දුන්නා. ඒත් අනෙකුත් පක්ෂ වලින් සහභාගි වුණු නියෝජිතයන් මෙය චාරිකාවක් බවට පත් කරගෙන තිබුණු බවත් දකින්නට ලැබුණා.


ධනංජය සූරියබණ්ඩාර