අප පළමුව අර්බුදයෙන් ගොඩ ආ යුතුයි (කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ෙජ්. සෙනෙවිරත්න)

ක්‍රිasegwe
ජනතාවට හිතකර ව්‍යවස්ථාවක් සඳහා පුළුල් සාකච්ඡාවක් අවශ්‍යයි (ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්)
December 5, 2017
partluikjg
ව්‍යවස්ථාව ගැන උඩු බිරීම ඇත්ත හඩ කාගේද?
December 5, 2017
Show all

අප පළමුව අර්බුදයෙන් ගොඩ ආ යුතුයි (කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ෙජ්. සෙනෙවිරත්න)

බෙawfqawe

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානම මැතිිවරණ පොරොන්දුවක්. එජාපය ඇති කළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඔවුනුත් කැමති වී සිටියදී ශ්‍රීලනිපය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විරුද්ධව යෝජනා ඉදිරිපත් කර තිඛෙන්නේ ඇයි ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විිධායක ජනාධිපති ධුරය තබා ගත යුතුයි කියන තීරණයට පැමිණියේ යම් යම් හේතු නිසයි. ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය අහෝසි කරනවා කිව්වත්, එයට එකඟ වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බැඳිලා නැහැ. රටේ අනාගත උන්නතිය වෙනුවෙන් ශ්‍රීලනිපය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කුමන ආකාරයේ සංශෝධන ගෙන ආ යුතු ද යන්න පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කළ අවස්ථාවේ විධායක ජනාධිපති ධුරය තබා ගත යුතුය යන ස්ථාවරයට පැමිණියා. ශ්‍රීලනිපය බලය විමධ්‍යගත කිරීමට එකඟයි. මෙරට ඒකීයභාවය ආරක්ෂා කිරීමටත්, විශේෂයෙන් බලය විිමධ්‍යගත කිරීමේ දී පළාත් සභාවට වැඩි බලතල ලැඛෙන නිසා ඒ වැඩි වන බලය අනුසාරයෙන් රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් තිබිය යුතුයි. පළාත් සභාවට වැඩි බලතල තිබුණත් විධායක ජනාධිපති ධුරය පවතිනවා නම් රටේ ඒකීය භාවයට හානියක් නොවී එය ආරක්ෂා කර ගැනීමට හැකි වෙනවා. ශ්‍රීලනිපයේ ඇත්තේ ඒ අදහසයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා ඉදිරිපත් කර තිඛෙන අතුරු වාර්තා කෙටුම්පත රට බෙදන යෝජනාවලියක් බවට විවිධ පාර්ශ්ව චෝදනා කරනවා. එය ඇත්තක්ද?

නැවත සලකා බැලිය යුතු සමහර කරුණු එහි තිඛෙනවා. පළමුවැන්න ඒකීය යන වචනය සිංහල ප්‍රකාශනයේ තිබුණත් ‘යුනිටි’ කියන වචනය ඉංග්‍රීසි ප්‍රකාශනයේ නැහැ. දෙමළ භාෂාවෙන් යොදා ඇති වචනය ද ඒකීය යන අදහස හැඟවෙන්නේ නැති බවට අදහසකුත් තියෙනවා. ඒ නිසා මෙරට ඒකීය රටක් වශයෙන් පවතිනවා නම් අනිවාර්යයෙන්ම සියලු භාෂාවලින් දක්වා ඇති ප්‍රකාශනවල ඒකීය යන වචනය දැක්විය යුතුයි. සිංහල භාෂාවේ මෙන්ම ඉංග්‍රීසි, දෙමළ භාෂාවලින් දැක්වෙන ප්‍රකාශනවල ද ‘ඒකීය’ යන අරුත දැක්වෙන ලෙස වචනය සඳහන් කළ යුතුයි. එසේම ශ්‍රී ලංකා ජනරජය යන වචනය වෙනුවට ශ්‍රී ලංකාව කියා දැමීම පිළිබඳව ද ජනතාව තුළ සැකයක් මතු වී තිඛෙනවා. අනාගතයේ දී යම් යම් කොටස් එකතු වී සැකසෙන ආණ්ඩුවක් ශ්‍රී ලංකාව නමින් හැඳින්වෙනවා ද යන සැකයක් ජනතාව තුළ මතු වී තිබෙනවා. එසේ වුවහොත්, මෙරට ෆෙඩරල් ක්‍රමයට ගෙන යාමේ වැඩපිළිවෙළක් සැකසී තිඛෙනවා කියන කාරණය ඉදිරිපත් වී ඇතැයි ඔවුන් සිතනවා. ඒ නිිසා එය වෙනස් විය යුතුයි.

ඉදිරි පළාත් පාලන ඡන්දයට ශ්‍රීලනිපය ඉදිරිපත්් වන්්නේ කොහොමද? තනියමද? නැත්නම් ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රීලනිප කණ්ඩායම් සමග ගිවිසුම්ගතවද? තනියම ගියොත් පරදියි කියා හිතනවාද?

මගේ අදහස නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් දෙකම එකක් වශයෙන් ඉදිරිපත් විය යුතුයි කියායි. එසේම පළාත් පාලන ඡන්දය සහ පළාත් සභා ඡන්දය යන දෙකටම එක ලකුණකින්, එක ලැයිිස්තුවකින් ඉදිරිපත් විය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය ආරක්ෂා කිරීමට හැකියාව ලැබෙන්නේ එවිටයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වෙලා නිසා ඡන්ද ඛෙදෙනවා කියා බය වෙලා ද ඉන්නේ?

ඔව්, ඒක අනිවාර්යයි. පක්ෂය දෙකට ඛෙදුණාම ඡන්දය දෙකට ඛෙදෙනවා. ඒ විතරක් නෙවෙයි. මට මතකයි එක්සත් ජාතික පක්ෂය ඛෙදුණු වෙලාවේ එදා ‘රාජාලියා’ ලකුණ තිබුණ පක්ෂයට කැඩී යාම නිසා එදා එක්සත් ජාතික පක්ෂය පළාත් සභා ගණනාවක්ම පරාජය වුණා. ඒ වගේ ඕනෑම පක්ෂයක් බෙදුණොත් ඒ පක්ෂයට බලයට ඒමට අමාරුයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද අමරවීර අමාත්‍යවරයා යෝජනා කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටස එකතු කර ගැනීමට සූදානම් බවයි. එහෙම කළොත්, මේ වන විට මහින්ද රාජපක්ෂට කරන චෝදනා අහෝසි වෙනවාද?

චෝදනා කිරීම වෙනම දෙයක්. එසේ චෝදනා කිරීම මේ කාරණයට සම්බන්ධ නැහැ. මේ කාරණය සම්පූර්ණයෙන්ම දේශපාලනමය කාරණයක්. චෝදනා වෙනම කාරණයක්. ඒ නිසා චෝදනා පිළිබඳව කරුණු මෙයට සම්බන්ධ කිරීම වැරදියි.

එක්සත් ජාතික පක්ෂයට පළාත් පාලන ඡන්දය තැබීමේ වුවමනාවක් තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එවැනි වුවමනාවක් නෑ වගෙයි පේන්නේ. ඒ මොකද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි යම් කිසි අර්බුදකාරී තත්ත්වයකට පත්ව සිටිනවා. අප පළමුව ඒ අර්බුදයෙන් ගොඩ ආ යුතුයි. පළාත් පාලන ඡන්දය හෝ පළාත් සභා ඡන්දය හෝ දිනා ගැනීමට නම් අප ඒ අර්බුදය සමනය කර ගත යුතුයි. ඒ නිසා අප වැඩි අවධානයක් යොමු කර ඇත්තේ එම අර්බුදය සමනය කර ගැනීම සඳහායි.


පද්මා වේරගොඩ ආරච්චි