ඉරාන න්‍යෂ්ටික සම්මුතිය සහ ලෝක ආධිපත්‍ය සඳහා එක්සත් ජනපද මෙහෙයුම

ස්ට්‍රිqwer
ඔස්ට්‍රියානු මැතිවරණයෙන් පසු යුරෝපය තවත් දකුණට
December 5, 2017
ණිsryhaery
අධිරාජ්‍යවිරෝධී අධිකරණයක් හමුවේ මානව සුරක්ෂිතතාවය විභාග කළ 19 වන ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙල
December 5, 2017
Show all

ඉරාන න්‍යෂ්ටික සම්මුතිය සහ ලෝක ආධිපත්‍ය සඳහා එක්සත් ජනපද මෙහෙයුම

ක්‍රිsrgaer

එක්සත් ජනපදයේ ඉල්ලීම් සමග අනුකූලතාවයක් නොදක්වන්නේ නම් 2015 ඉරාන න්‍යෂ්ටික සම්මුතිය බිඳ දමන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා කියා සිටියේය. එම කතාව ඇමෙරිකානු පාලක පන්තියේ අපරාධකාරී මනෝභාවය මැනවින් විදහා දක්වන්නක් විය. මැද පෙරදිග සහ ඉන් පිටත ගැටුම්, භීතිය සහ කැලඹීම් ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් ඉරානයට චෝදනා එල්ල කළේය. ට්‍රම්ප් මෙසේ පවසන්නේ ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ, ලිබියාවේ සහ සිරියාවේ මිලියන ගණනක් මිනිසුන්ගේ මරණයන්ට හේතු වෙමින් සහ තවත් මිලියන ගණනකට ඔවුන්ගේ නිවාස වලින් පලායාමට බලකරමින් ඇති මුලුමහත් සමාජයන් පිටින් වනසා දමා ඇති ආක්‍රමණශීලී යුද්ධයන් පතුරුවමින්, අප්‍රමාණ භීෂණයන්ට මැද පෙරදිග මිනිසුන් යටත් කර ඇති රටක නායකයාය.
එසේම ඡන්දයෙන් තේරී පත් වූ අගමැති මොහොමඩ් මොසාඩේ බලයෙන් පහකොට, ඉන් පසු එලඹි කාලය පුරාවට එක්සත් ජනපදය විසින් බලයේ තබා ගත් ෂාගේ කෘෘරතර ඒකාධිපති පාලනය ස්ථාපිත කළ කුමන්ත්‍රණය, 1953 දී සී.අයි.ඒ. සංවිධානය විසින් සංවිධානය කළ බව ට්‍රම්ප්ට අමතක වී ඇතුවා සේය. එමෙන්ම, ඉරානයට පහරදෙන බවට නොනවත්වා තර්ජනය කරමින්ද අට අවුරුදු ඉරාන-ඉරාක යුද්ධයේ ඉරාකයට සහය දෙමින්ද, ඔබාමාගේ පාලනය යටතේ ආර්ථීක සම්බාධක පනවමින්ද, පසුගිය දශක හතර පුරාවට එක්සත් ජනපදය ඉරානයට එරෙහි ද්වේෂ සහගත උද්ඝෝෂණයක් ගෙන ගිය බව ට්‍රම්ප් විසින් හිතා මතාම අමතක කර තිබේ.
න්‍යෂ්ටික සම්මුතියේ බොහෝ දෝෂයන් නිවැරදි කිරීම සඳහා වූ තම ඉල්ලීම් සාකච්ඡාවට බඳුන් නොකරන වග ට්‍රම්ප් පැහැදිලිව ප්‍රකාශ කළේය. එක්සත් ජනපදය පර්සියානු ගල්ෆ් ප්‍රදේශයේ යුද නැව් පෙලක් පවත්වාගෙන යාම සහ සිය සෞදි සහ ඊශ්‍රායල් මිත්‍රයන් තදින්ම ආයුධ සන්නද්ධ කිරීම සිදු කරන අතරතුර මෙම ප්‍රකාශ ඉරානය විසින් ඒකපාර්ශ්වීයව අවිහරණය කළ යුතු බවට වන අවසාන නිවේදනයකි. එසේම ඉරාන මිලිටරි අංගනයන් සීමා රහිතව පරීක්ෂා කිරීමට ජාත්‍යන්තර පරමාණු ශක්ති ඒජන්සියට ඉඩලබා දෙමින් සහ ඉරාන බැලස්ටික් මිසයිල වැඩසටහන කඩා බිඳ දමමින්, ගිවිසුමේ එකොළොස්වෙනි වසරේදී අවලංගු වීමට නියම කර ඇති ඉරානයේ සිවිල් න්‍යෂ්ටික වැඩසටහන මත දැඩි සීමාකිරීම් ස්ථිර කිරීම එක්සත් ජනපදයේ ඉල්ලීම් වලට ඇතුළත් වේ.
ගෝලීය න්‍යෂ්ටික තරගය අවුළුවමින් මැද පෙරදිග සහ කොරියානු අර්ධද්වීපයේ යුද අවදානම ඉහළ නංවමින්, නීතිය තම අතට ගෙන සිටින්නෙකු වීම සම්බන්ධයෙන් කෝපයෙන් යුතුව වොෂින්ටනය හෙළා දකිමින් යුරෝපියානු නායකයන් ප්‍රතිචාර දැක්වීය. එක්සත් ජනපදය මෙම මාර්ගයේම නොනවත්වාම ඉදිරියට ගිය හොත් එය, යුරෝපියයන් වන අපව, රුසියාව සහ චීනය සමග ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහි පොදු ආස්ථානයකට මෙහෙයවනු ඇතැයි ජර්මානු විදේශ අමාත්‍ය සිග්මාර් ගාබ්‍රියල් අනතුරු ඇඟවීය.
කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ ඉහළ පෙළේ උපදේශකයන් වන ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස්, රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්, සහ ජාතික ආරක්ෂා අනුශාසක එච්.ආර්. මැක්මාස්ටර් ඇතුලු එක්සත් ජනපද පාලනයේ වැඩි පිරිසක් ඉරාන ගනුදෙනුව ඉවත දැමීමට එරෙහිව ට්‍රම්ප් වෙත උපදෙස් ලබා දී ඇත. මැටිස් සහ ඒකාබද්ධ කාර්ය මණ්ඩල ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් ජෝසප් ඩන්ෆෝඩ් යන දෙදෙනාම, කොන්ග්‍රසය ඉදිරියේ සාක්ෂි දෙමින්, ඉරානය න්‍යෂ්ටික ගිවිසුම සමග එකඟතාවයකින් යුතුව සිටින බව පිළිගත් අතර ගිවිසුම පවත්වාගෙන යාම එක්සත් ජනපදයේ අවශ්‍යතාවයන්ට ඇතුළත් බව විශ්වාස කරන්නේයැයි පැවසීය.
ඒ ඉරානය දමනය කර ගැනීමට සහ ලෝකයේ වඩාත්ම වැදගත් තෙල් අපනයනය කරන කලාපය සහ ආසියාව, අප්‍රිකාව සහ යුරෝපය අතර ඇති මූලෝපායික කේන්ද්‍රය වන මැදපෙරදිග පුරා එජ ආධිපත්‍ය ආරක්ෂා කරගැනීමට ට්‍රම්ප්ගේ ජෙනරාල්වරුන් තුළ පවතින අඩු අධිෂ්ඨානයක් නිසා නොවේ.
ඉරාන සම්මුතිය බිඳ දැමීම සඳහා වූ ට්‍රම්ප්ගේ සැලැස්මට ඇති විරෝධය, ට්‍රම්ප් ඉවත් කිරීම සඳහා එක්සත් ජනපද ව්‍යවස්ථාවේ 25වන සංශෝධනය භාවිතා කිරීම පිළිබඳ මහජන සාකච්ඡාවක් මට්ටමට පැමිණ ඇති තත්ත්වයක මෙය උපක්‍රමික මැදිහත් වීමකි.
එසේම ඉරානයට එරෙහි නව ආර්ථීක සම්බාධක පැනවීමට යුරෝපීයයන්ට බලකිරීමට, ගෝලීය බැංකු පද්ධතියේ වෝල් වීදියේ ආධිපත්‍ය සහ එක්සත් ජනපද වෙළඳපළට ඇති ප්‍රවේශය ප්‍රයෝජනයට ගැනීමට ට්‍රම්ප් සැලසුම් කරමින් සිටීමත් සමග, යුරෝපය සහ එක්සත් ජනපදය අතර, විශේෂයෙන්ම ජර්මනිය සමග, දැනටමත් ඇති දරුණු වෙළඳ තරගය තවත් උත්සන්න කිරීමට ඉරාන අර්බුදය හේතු වෙමින් තිබේ. දැනටමත් යුරෝපියානු බලයන් ප්‍රතිප්‍රහාරාත්මක ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටී.
එහෙත් යුරෝපා පාලකයන් එක්සත් ජනපදයට වඩා අඩුවෙන් කොල්ලකාරී වන්නේ නැත. ඉරානයට එරෙහි ආර්ථික යුද්ධයේදී ඔවුන් ප්‍රධාන කොටස්කරුවන්ව සිටියේය. නමුත් යළි අරඹන ලද ඉරානයට එරෙහි එක්සත් ජනපද මෙහෙයුම ලෝකයේ සිව්වෙනි විශාල තෙල් සංචිත සහ විශාලතම ස්වභාවික වායු සංචිත සහිත ඉරානය, ආර්ථීක වශයෙන් සූරා කෑමට බිලියන ගණනින් මුදල් ආයෝජනය කරන යුරෝපා සැලසුම් වලට තර්ජනය කරයි. මැද පෙර දිගට ඔවුන්ගේ ඇති ආසන්න බව සහ මධ්‍යධරණියේ තෙල් මත ඔවුන්ගේ රඳා පැවැත්ම සැලකූ විට තවත් එක්සත් ජනපද යුද්ධයක් මගින් සිදුවන අස්ථාවරත්වයකට ඔවුන් කිසි සේත් කැමති වන්නේ නැත.
කෙසේ වෙතත් ගෝලීය ආධිපත්‍ය හඹාගෙන යාමේදී එක්සත් ජනපදය මැද පෙරදිග කලාපය පොළවට සමතලා කරමින් සිටින බව ඉතාම පැහැදිලිය. එක්සත් ජනපදය විසින් ඉරානයේ අසල්වැසියන් දෙදෙනෙකු වන ඇෆ්ගනිස්තානය සහ ඉරාකය ආක්‍රමණය කිරීමත් සමග ඉරානය එක්සත් ජනපද ආක්‍රමණයේ මූලික ඉලක්කයක්ව පවතී. එහෙත් මේ වන විට රුසියාව සහ චීනය යන දෙපාර්ශ්වයම මැද පෙරදිග තුළ ප්‍රධාන ආර්ථීක සහ දේශපාලනික වශයෙන් ක්‍රියාකාරීව සිටින තත්ත්වයක් තුළ ලිබියාවේදී සාර්ථකව සිදු කළ ආකාරයට සිරියානු රජය ඉවත් කිරීමට එක්සත් ජනපද හිතවාදී ත්‍රස්ත කණ්ඩායම් ප්‍රයෝජනයට ගැනීමේ එක්සත් ජනපද සැලසුම් අසාර්ථක වීමට ඉරානයේ ක්‍රියාකාරීත්වය ද හේතු වෙමින් තිබේ. ඒ ඉරානය චීනය සහ රුසියාව සමග පවත්වන සමීප සම්බන්ධතාවය නිසාය.
එක්සත් ජනපදයේ පැත්තෙන් මෙය ඔවුන් ලබා සිටින බලපතළ පරාජයකි. මෙම පරාජයන්ට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රතිචාරය වන්නේ, චීනය සහ රුසියාවෙන් පටන්ගෙන, එහි ප්‍රධාන සතුරන් සෘජුවම ඉලක්ක කරගනිමින් තම යුද සැලසුම් වේගවත් කිරීමයි. එක්සත් ජනපද හිතවාදී රාජ්‍යයන් ඔවුනගේ පැත්තෙන් ලබා දිය යුතු සහයෝගය ලබා දෙමින් සිටියි. එසේම අධිරාජ්‍යවාදී පෙරමුණ තුළ ඇති ප්‍රතිවිරෝධයන් ද උත්සන්න වෙමින් ඇති අතර විශේෂයෙන් යුරෝපය එක්සත් ජනපදයට එරෙහිව තමන්ගේ අධිරාජ්‍යවාදී අවශ්‍යතාවන් තහවුරු කර ගැනීම සඳහා ප්‍රචණ්ඩ ලෙස නැවත ආයුධ සන්නද්ධ වෙමින් සිටී.
ඒ අනුව මානව වර්ගයා අධිරාජ්‍යවාදී බලයන් විසින් තුන්වන ලෝක යුද්ධයක් වෙතට ඇදගෙන යාමේ සැබෑ සහ වර්තමාන අර්බුදයට මුහුණ දී සිටී. මෙවර එය සිදු වන්නේ න්‍යෂ්ටික අවි ආයුධ භාවිතා කරමින්ය.


ධනංජය සූරියබණ්ඩාර